පොහොට්ටු පක්ෂයට බලය හිමි හොරණ ප‍්‍රාදේශීය සභාවේ 2022 අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්ව තිබේ.
අයවැයට පක්ෂව ඡන්ද 21ක් හිමිව තිබුණු අතර, විපක්ෂව ඡන්ද 25ක් ලැබී තිබේ.
එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පොහොට්ටු පක්ෂයේ මන්ත‍්‍රීවරු හත් දෙනෙක්ද අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කර තිබේ.
මේ අතර, දෙනියාය කොටපොළ විවිධ සේවා සමුපකාර සමිති නිලවරණයෙන් ද පොහොට්ටු පක්ෂය පරාජයට පත්ව තිබේ.
නිළවරණයෙන් ජයග‍්‍රහණය ලබා ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලැබූ කණ්ඩායමයි.
පොහොට්ටු පක්ෂයේ සහාය ලද කණ්ඩායම නියෝජිත ධූර 39ක් ලබා ගනිද්දී ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ විපක්ෂය නියෝජිත ධූර 55ක් ලබා තිබේ.










