• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හයියෝ හයිවේ….. ! ලයිට් නිවලා! පාර අබලන් !නියාමනයක් නෑ! Sri Lanka Latest News

March 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හයියෝ හයිවේ….. ! ලයිට් නිවලා! පාර අබලන් !නියාමනයක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධිවේගී මාර්ගයේ සිද්ධ වෙච්ච රිය අනතුරක් ගැන මුළු රටම කතාකරනවා. ඒ කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ අධ්‍යයන අංශයේ අංශාධිපතිව කටයුතු කරමින් හිටපු ආචාර්ය ගයන්ත ගුණේන්ද්‍ර මහතාගේ මරණයත් සමග. එය ඉතාම තීරණාත්මක සිදුවීමක් බවට පත්වෙනවා. ඔවුන් යාපනයේ සංචාරයක් කරලා ඉතාම සාමකාමීව ගෙදරට එමින් සිටියදී තමයි මේ හදිසි මරණයට ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මේක තැතිගන්නාසුලු සිදුවීමක්. මුළු රටම බලාගෙන හිටපු සිදුවීමක්. පොඩි පැටව් තුන්දෙනෙකුත් එක්ක ආපු වෑන් රථය ඉදිරියෙන් ගියපු ලොරියක ගැටිලා මේ ආචාර්යවරයා මියයනවා. අනිත් අය බොහෝ දෙනෙක් ඉතාමත් රෝගාතුරව ඉන්නවා. ඉතින් මේ එක සිදුවීමක් විතරයි. ඔහු මියගියාය කියලා අපිට ඒ කතාව නිමාකරන්න පුළුවන්. එතනින් පස්සේ තවත් අනතුරක් සිදුවෙනතුරු, තවත් සිදුවීමක් වෙනතුරු අපිට තියෙන්නේ බලාගෙන ඉන්න. වෙනත් මාතෘකා ඕනේ තරම් අපිට කතාකරන්න ලැබෙන නිසා. Sri Lanka Latest News

හැබැයි මීට කලිනුත් මේ විදියටම ලොරි රථයක ගැටිලා පිටිපස්සෙන් ආපු වාහනේ එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මියගියා. ඒ වෙලාවේදී බූරුවකුගේ පින්තූරයක් දාලා ඔහුගේ මරණය රටට හොඳයි කියලා ඔහු මැරුණම හෝයියා දාලා ඒ මරණයට අත්පුඩි ගැහුවා. මේ මරණයට දුක්වෙනවා වගේම රටේ විශාල පිරිසක් මේ සනත් නිශාන්තගේ මරණයට සතුටින් කැමැත්තෙන් අත්පුඩි ගහමින් හිටියා. දැන් මේ රට දන්න මිනිස්සු මියයාමට අමතරව රට නොදන්නා මිනිස්සු විශාල ප්‍රමාණයක් අධිවේගී මාර්ගයේදී මියගිහිල්ලා ඉවරයි. ඒ බොහෝ විට ඉදිරියෙන් ගිය රථයක ගැටීමෙන් විශේෂයෙන්ම ලොරියක ගැටීමෙන් එහෙම නැත්නම් අධිවේගී මාර්ගයේ පාරෙන් එළියට පැනලා වේගය පාලනය කරගන්න බැරිවෙලා ඒ වගේ විවිධ සිදුවීමුත් එක්ක. අපි දැක්කා පහුගිය කාලේ හිත කම්පා කරවන සිද්ධි. තාත්තයි දුවයි වාහනේ එනකොට කතරගම ගිහිල්ලා ඒ වාහනේ වේගෙ පාලනය කරගන්න බැරුව මාර්ගයෙන් ඉවතට පැනලා ඔවුන් මියයනවා. අධිවේගී මාර්ගයක මෙවැනි රිය අනතුරු සිද්ධ වෙනවා නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මියයනවා නම්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු මියයනවා නම් අපි ටිකක් ඒ ගැන හිතන්න ඕනෙ නේද? පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහත්මයා අධිවේගී මාර්ගයට ඇතුළු වෙන්නේ සර්වසම්පූර්ණ සුන්දර සිරුරක් සහිතව. නමුත් ඔහුට එයින් පිටවෙන්න වෙන්නේ එක කකුලක් අහිමිවූවෙක් ලෙස. ඒ අධිවේගී මාර්ගයේ සිද්ධ වෙච්ච අනතුරකින්. අපි අධිවේගී මාර්ගයේ තාමත් ගමන් බිමන් යනවා.

අධිවේගී මාර්ග පද්ධතිය ගැන අපි මීට වඩා හිතන්න ඕනෙ නේද? අද වෙද්දි අධිවේගී මාර්ග කියලා කියන්නේ හොල්මන් මන්දිර වගේ. ඇතුළු වුණු තැන ඉඳන් එළියට එනකම් ඉඳහිට විදුලි බුබුළක දෙකක ආලෝකය මිසක අන්ධකාරය රජයන තැනක්. ඒක දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වැඩිපුර අත්දකිනවා. දැන් මේකට ඇතුළු වෙන වාහනවල පිටිපස්සේ ලයිටුත් නෑ. මෙලෝ සම්මජාතියක කෙනෙකුට පේන්නෙත් නෑ. අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර සීයක වේගයෙන් වාහන ගමන් කරන්න අවශ්‍ය වුණාට ඒ වාහන සීයට යන්නෙත් නෑ. මේ ලොරි ප්‍රශ්නය දරුණුයි. මේක නිතරම අපි දකිනවා. ඒකට හේතුව ලොරියක වේගය සමහර විට තිහට හතළිහට පනහට හැටටත් අධිවේගී මාර්ග හරහා ගමන් කරනවා. පිටිපස්සෙන් ඇවිල්ල වාහනය ගැටෙන්න ඒක ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා.

රටේ විදුලි අර්බුදය කාලෙ නිවපු විදුලි පහන් තාමත් නිවිලා. පාරෙ යන වාහන නවත්තලා බලන තත්ත්වෙට පාරවල් අබලන්. නිසි නඩුත්තුවක් නැතිකම බරපතළ අවුලක්. හයිවේ යන වාහන සඳහා නියාමනයක් සහිත නීති පද්ධතියක් වහාම ඕනෙ. ඒවයෙ ලයිට් ටිකවත් වැඩද බලන්න ඕනෙ. පාරෙ ලයිට් නැති නිසාත්, සාමාන්‍යයෙන් ඩිම් ලයිට් සහිතව ධාවනයේ යෙදෙන නිසාත් ඉස්සරහින් යන වාහනේ හරියට ලයිට් නැත්නම් නොපෙනෙන බව පැහැදිලියි. මේක අතිශය භයානක තත්ත්වයක්. මේ මැරෙන්න ඕනෙ මිනිස්සු නෙමේ. අධි වේගය කියන්නෙ අධික වේගයට තමයි. ඒ සීයට වඩා ඉතා ඉහළ අගයක් නම් භයානකයි. ඒක අපිත් පිළිගන්නවා. නමුත් මේ මියන්නෙ දෙසීයට ගිය අය නෙමේ. මේ සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය වේගය. 100%ක්ම අන්ධකාර පාරක පැයට කිලෝමීටර සීයක වේගය අනාරක්ෂිත විය හැකියි. ඒ වගේම වැහිබර දවසක් නම් මේ තත්ත්වය තවත් නරකයි.

අධිවේගයේ ලයිට් ටික පත්තු කරගන්න ක්‍රමවේදය නැති ගොබ්බ රටවල් වෙන ලෝකෙ තියෙනවද දන්නෙ නෑ. ඒ තරම්ම භයානකයි මේ තත්ත්වය වෙනස් කරන්න එක්කො ආණ්ඩුව පියවරක් ගන්න ඕනෙ. නැත්නම් මිනිස්සු අපි ඔක්කොම එකතුවෙලා අධිවේගයේ ගමන් යන එක වර්ජනය කරන්න ඕනෙ. මේ විදියට අතිශය අනාරක්ෂිත පාරක සල්ලි දීලා ගමනක් යන්න තොට පිස්සුද කියලා, කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අහන්න.
ඒ අස්සෙ පාරට අලි එනවලු. එහෙම බෝඩ් එකක් පාරෙ තියෙනවා. අලි නෙමේ ඩයිනෝසර්ලා ආවත් පේන්නෙ නෑ අන්ධකාරය නිසා. මේ සියල්ලම හිතුවක්කාර තීරණ.

ලයිට් නිවන්න අණ කළේ කවුද?
මේ මාර්ග හැදීමේ හෝ ප්‍රතිසංස්කරණය කිරීමේ බලධාරියා කවුද?
අධිවේගී මාර්ගයේ ගමන් කරන කෙනෙක් අතින් අධිවේගී මාර්ගයේ දේපළකට හානියක් වුණොත් ඒ මිල තක්සේරු කරනවා නම්, අධිවේගී මාර්ගයේ වරදක් නිසා වෙන අනතුරකදී ඒ වින්දිතයාට ගෙවන්නෙ කොහොමද?
අධිවේගයෙන් උපයන ආදායමෙන් මොන වගේ කොටසක් මේක නඩත්තුවට පාවිච්චි කරනවද?
අධිවේගී මාර්ග හැදුවෙ කුමන වගකීමක් සහිතව ද?
මේවා අනුමානිත භාවිත කළ හැකි කාලය කොච්චරද?
අන්තිම ප්‍රශ්නය
මේවට උත්තර දෙන්න එකෙක් ඉන්නවද?

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අයවැය අස්සේ ආණ්ඩුව නියම ඩීල් ටිකක් දාලා! විපක්ෂයේ අයටත් මුදල් දීලා! මේවා තමයි නියම දේශපාලන පගා! සජිත් කොළඹ පුංචි ඡන්ද අපේක්ෂකයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

‘තඩි බොරුවක්!’ ඒකාබද්ධ විපක්ෂයක් ගැන දේශය පත්තරේ ගහපු පච නිව්ස් එක ගැන විපක්ෂනායක සජිත් තියපු සටහන!  I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.