රුපියල් පනහේ සිට ඉහළට සියලු අධිවේගී මාර්ග වල අය කරන ගාස්තු ඉහළ දමමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනවල හෝ ඇක්සල් දෙකක් සහ රෝද 06ක් සහිත ද්විත්ව කාර්ය වාහන සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 50කින් ඉහළ දමා ඇති බව සඳහන්ය.










