• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

කැලෑවේ කවුරුත් නොදුටු ඡායාරූප එකතුවක් අරන් එන හේෂාන්ගේ ‘ප්‍රාණ’! PHOTOS I Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
කැලෑවේ කවුරුත් නොදුටු ඡායාරූප එකතුවක් අරන් එන හේෂාන්ගේ ‘ප්‍රාණ’! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පරිසරයට සතා සීපාවාට අදරය කරන ඔබ සියලු දෙනාට ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වාසනාව පිරි සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවායි කැලෑ කොලමේ අපි මුලින්ම ප්‍රාර්ථනා එක්කරනවා. අපේ ජීවිතයේ එක් එක් කඩඉම්වලදී විවිධාකාර මිනිසුන් අපට මුණගැහෙනවා. ඒ අතරින් ඇතැම් චරිත හරිම පුදුමාකාරයි. ඇතැමුන් හරිම නිහඬයි. ගහ කොළට, වන සතුන්ට හදවතින්ම ආදරය කරන එවැනි නිහඬ චරිතයක් මට පසුගියදා මුණගැහුණා. ඔහු නමින් හේෂාන් පීරිස්. දිගු කාලයක් පුරා වනජීවී ඡායාරූපකරණයේ නිරත වූ හේෂාන් ලබාගත් දුර්ලභ ඡායාරූප රැසක් සහ වනජීවීන් ගැන තොරතුරු රැසක් ඒකරාශී කර නිර්මාණය කළ ඔහුගේ නවතම කෘතිය ‘ප්‍රාණ’ නමින් එළැදැක්වුණා. මේ දිගහැරෙන්නේ හේෂාන්ගේ එම කතාවයි.Sri Lanka Latest News

‘යාල ලෙපර්ඩ් ඩයරි’ කියන්නේ ලංකාවට ආවේණික කොටින් පිළිබඳ තොරතුරු එක්රැස් කරන පරිසරවේදීන් පිරිසකගේ එකතුවක්. හේෂාන් පීරිස්ද එම කණ්ඩායමේ මුල් සාමාජිකයෙකි. ඔහු ඡායාරූපකරණයට යොමුවූ ආකාරය සහ වනජීවීන් පිළිබඳ ලැබූ අත්දැකීම් සම්බන්ධයෙන් හේෂාන් දැක්වූ අදහස් පහත පළකරමු.

‘මම වනජීවී ඡායාරූපකරණයට යොමුවුණේ 2012 විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ. මේ වෙද්දී මම ඊට යොමුවෙලා අවුරුදු 12ක් විතර වෙනවා. වෘත්තියක් විදියට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මම රැකියාව කරන නිසා ඇතිවන මානසික පීඩනයෙන් මිදීමට තමයි ප්‍රධාන වශයෙන්ම මම වනජීවී ඡායාරූපකරණයට විනෝදාංශයක් විදියට යොමුවුණේ.
මේ වෙද්දී මම මේ ක්ෂේත්‍රයේ ලබාගෙන තියෙන ජයග්‍රහණ ගැන කතාකරද්දී ජාතික මට්ටමෙන් මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා ස්ටේට් ෆෙස්ටිවල් ඔෆ් ෆොටෝග්‍රැෆි එවෝර්ඩ් එකේ වයිල්ඩ් ලයිෆ් කැටගරි එක.

ඒ වගේම ජාත්‍යන්තර මට්ටමෙන් මම සැන්ක්චුරේෂියා, නේචර් ඉන් ෆෝකස් වගේ ඡායාරූප තරගවලින් ජයග්‍රහණ ලබලා තියෙනවා.

යාල ලෙපර්ඩ් ඩයරි එකේ මුල් සාමාජිකයක් විදියට ලංකාවට ආවේණික කොටින් ගැන සමීක්ෂණයක් කරලා ඒ සම්බන්ධයෙන් පොතක් එළිදක්වන්න මම කටයුතු කළා.
මම ‘ප්‍රාණ’ නමින් වනජීවී ඡායාරූපකරණය සම්බන්ධයෙන් පොතක් එළිදක්වනවා. ඒ පොත කරන්න කියලා මම හිතුවේ අවුරුදු ගානක් තිස්සේ ජාතික වනෝද්‍යානවල වගේම ලංකාවේ වැසි වනාන්තරවල සැරිසරලා ලබපු අත්දැකීම්, කොටින්ගේ ජීවන චක්‍රය වගේ දේවල් ගැන මගේ කෝණයෙන් අනෙක් අයට ඉදිරිපත් කිරීමක්. මේ පොත මගේ වනජීවී ඡායාරූපකරණ ජීවිතයේ ලොකුම හීනය කියලා කියන්න පුළුවන්.

ලංකා සිතියමේ ඉහළ සිට පහළට එද්දී තියෙන සෑම ජාතික වනෝද්‍යානයකදීම, සෑම වැසි වනාන්තරයකදීම මට හමුවුණු කොටින්ව මම අධ්‍යයනය කළා. ඇතැම් කොටින් කුඩා කාලයේ ඉඳලා වැඩිහිටි අවධිය දක්වාම අධ්‍යයනය කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ තොරතුරු වගේම ලංකාවේ අලි මිනිස් ගැටුම නිසා රටට අහිමි වුණු අලි සම්පත ගැනත් ‘ප්‍රාණ’ පොතෙන් මම කතාකරනවා. ඒ වගේම ලංකාවට ආවේණික කුරුල්ලන් රාශියකගේ ඡායාරූපත් පොතට ඇතුළත් කරන්න මම කටයුතු කළා. ඡායාරූපවලට අමතරව ඒ ඒ සතුන් ගැන තොරතුරු, සතුන්ව සොයාගෙන යන ගමනේදී මම ලබපු රසවත් අත්දැකීම් පවා මේ පොතට එක්කරන්න මම කටයුතු කළා.

වනජීවී ඡායාරූපකරණය ගැන වසර ගණනක අත්දැකීම් ඇති කෙනෙක් විදියට නවක ජායාරූප ශිල්පීන්ට දෙන්න තියෙන උපදෙස තමයි තමන් ඡායාරූප ගන්න සතාගේ හැසිරීම හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට ඡායාරූපයක් ගැනීමට වඩා විශාල අත්දැකීමක් ඔබට අත්විඳින්න ලැබේවි. අපි ඡායාරූප ගන්නේ වන සතුන්ට අයිති, ඒ සතුන්ගේ නිජභූමිවලට කියන එක හැම තිස්සේම හොඳින් මතක තබාගත යුතුයි. ඒ නිසා ඒ සතුන්ගේ චර්යාවන්ට, ජීවිතවලට වගේම පරිසරයට කිසිදු හානියක් නොවෙන්න අපි කටයුතු කිරීම ඉතා වැදගත්.

ලංකාව කියන්නේ විවිධ පරිසර කලාපයන්ට කෙටි වේලාවකින් ළඟාවෙන්න පුළුවන් සුන්දර රටක්. වියළි කලාපයක ඉඳලා තෙත් පරිසරයක් සහිත ප්‍රදේශවලට අපට ඉක්මනින් ළඟාවෙන්න පුළුවන්. ඒ ඒ ප්‍රදේශවලට ආවේණික සතුන් උදාහරණයක් විදියට අලි, කොටි, තල්මසුන්, කුරුල්ලන්ව අපට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ නිසා වෘත්තීයමය වනජීවී ඡායාරූපකරණයට ලංකාව ඉතා සුදුසුයි කියලා මම හිතනවා. මේ වන සම්පත, වන සත්ව සම්පත නිසි පරිදි රැකගෙන, හරියට කළමනාකරණය කරගත්තොත් එය අපේ රටේ සංචාරක කර්මාන්තයට හොඳ දායකත්වයක් වේවි. ඒ හරහා ලංකාවට විදේශ විනිමය වැඩි වශයෙන් උපයාගන්නත් පුළුවන්.

කෙසේ වෙතත් පසුගිය වසර කීපය පුරාම ලංකාවේ අලින්, කොටින් ඇතුළු සතුන් විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා මරණයට පත්වීම විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. වනාන්තර එළිපෙහෙළි කිරීම, සතුන්ගේ නිජභූමි මිනිසුන් විසින් ආක්‍රමණය කිරීම මේ මරණවලට ප්‍රධාන හේතුව වෙලා තියෙනවා. අනවසර විදුලි රැහැන්, හක්කපටස්, බඳින තුවක්කු, විවිධ උගුල් නිසා මේ මරණ සිදුවෙනවා. ඒ වගේම වනාන්තර හරහා වැටී ඇති මාර්ගවලදී අධික වේගයෙන් රිය ධාවනය කිරීම නිසාත් සතුන් ඒ වාහනවල ගැටිලා මියයනවා. ඒ නිසා මේ කරුණු ගැන සැලකිලිමත් වෙලා අපේ වනජීවී සම්පත ආරක්ෂා කරගන්න කටයුතු කරන්න බලධාරීන් වගබලා ගන්න ඕනේ. සත්ව ඝාතනය සිදුකරන අයට නිසි දඬුවම් දෙන්න නීතිමය ප්‍රතිපාදන දැඩි කරන්න අවශ්‍යයි. එහෙම නැතිවුණොත් නුදුරු අනාගතයේදීම මේ සුන්දර වනජීවී සම්පත අපිට අහිමි වෙලා යන එක වළක්වන්න බැහැ.’

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

පිල්ලෙයාන්ට ගැලවීමක් නෑ වගේ! CIDය පිල්ලෙයාන්ගේ ඩ්‍රයිවරුත් අල්ලගෙන යයි! I Sri Lanka Latest News

Next Post

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.