මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානයට අයත් බවට දැනට හඳුනාගෙන ඇති හා මායිම් කොට ඇති ඉඩම් විදුර වික්‍රමනායක ඇමතිවරයාගේ අණින් මුලතිව් ජනතාව අතර බෙදාදීමට තීරණය කර තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දැනට පුරාවිද්‍යා රක්ෂිතයට ගැසට් කර නැති නමුත් විහාරස්ථානයට අයත් බව හඳුනාගෙන ඇති ඉඩම් කොටසක් වහාම නිදහස් කොට ඒවායෙහි බලපත්‍ර හිමි අයිතිකරුවන් සිටී නම් ඔවුන් වෙත ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළ බවය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ තීරණය ගෙන ඇත්තේ විදුර වික්‍රමනායක අමාත්‍යවරයා විසින් සිදුකරන ලද දැනුම් දීමකට අනුවය.
මුලතිව් කුරුඳුමලේ ප්‍රදේශයේ ඉඩම් අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවට පළාතේ ප්‍රදේශීය දේශපාලනඥයන්ගෙන් හා මහජනතාවගෙන් බරපතළ චෝදනාවක් එල්ලවූ අතර මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද විශේෂ විවාදයක් පැවැත්විණි.
මෙම ඉඩම් නිදහස් කිරීමේදී මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානයට අයත් බවට දැනට හඳුනාගෙන ඇති හා මාඉම් කොට ඇති ඉඩම් මුලතිව් ජනතාව අතර බෙදාදීමට තීරණය කොට ඇති අතර ඒ යටතේ ගොඩ ඉඩම් හා කුඹුරු ඉඩම් අක්කර 400ක් පමණ ජනතාවට හිමිවන තත්ත්වයක් පවතී.
මෙම ඉඩම් ජනතාවට ලබාදීමේදී ඉඩම් ජනතාවට ලබාදීමේදී එම ඉඩම් සම්බන්ධයෙන් කවර හෝ බලපත්‍රයක් ඉඩම් සඳහා උරුමකම් කියනු ලබන පුද්ගලයන් සතුව තිබීම අනිවාර්ය කරුණකි.
lankasara










