හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුව මගින් මෙම වාර්තාව සකස් කිරීමේ අරමුණ වූයේ 2020 ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන සජිත් ප්‍රේමදාස වන තමාටත් සමගි ජන බලවේගයටත් මඩ ගැසීමේ අරමුණින් බවත් මෙහි දී සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් සහ චරිත ඝාතනයක් සිදුව ඇති බවත් මේ අත්සන් නොකළ වාර්තාව පදනම් කර ගෙන තමාට එරෙහිව අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් දැමු විට අල්ලස් කොමිසම කියා ඇත්තේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සහ කරුණු නොමැති බැවින් ඉදිරි කටයුතු නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
අල්ලස් කොමිසම මෙවැනි දෙයක් කියූ පසු විශ්‍රාමික මහඅධිකරන විනිසුරු වසන්ත ජිනදාස, විශ්‍රාමික පරිපාලන නිලධාරින ඩබ්. පී. ගුණපාල සහ ශ්‍රී ලංකා ගණකාධිකාර සේවයේ විශ්‍රාමික නිලධාරි එම්. බී. වීරකෝන් යනාදීන්ගේ මූලිකත්වයෙන් තවත් කමිටුවක් පත් කරමින් වාර්තාවක් සකස් කළත් එම වාර්තාව ද එළි නොදක්වන බවත් එයට හේතුව එම වාර්තාවේ හිටපු සංස්කෘතික කටයුතු ඇමතිවරයාට විරුද්ධව කිසිදු චෝදනාවක් නොමැති වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (6) පාර්ලිමේන්තුවේදී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.










