• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම රනිල් වික්‍රමසිංහ මිසක් රනිල් රාජපක්ෂ නෙමෙයි! දෙමළ මන්ත්‍රීවරු එක්ක තිබ්බ සාකච්ඡාවේදී අද රනිල් කියපු දේවල් මෙන්න! PHOTOS I Sri Lanka Latest News

July 18, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
මම රනිල් වික්‍රමසිංහ මිසක් රනිල් රාජපක්ෂ නෙමෙයි! දෙමළ මන්ත්‍රීවරු එක්ක තිබ්බ සාකච්ඡාවේදී අද රනිල් කියපු දේවල් මෙන්න! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මීට පෙර කැමැත්ත පළ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බවයි.

තමාට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බව ද ජනාධපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදි පැවසීය.

තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ඊට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

බලය බෙදීමේ මූලික කටයුතු අවසන් වූ පසු පළාත් සභාවල කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පනත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ප්‍රාදේශීය ලේකම්වරු පත් කිරීම, අධ්‍යාපන, වෘත්තිය පුහුණු හා උසස් අධ්‍යාපන, කෘෂිකර්ම නවෝත්පාදන හා කර්මාන්ත, සංචාරක ආදි ක්ෂේත්‍ර කිහිපයකට අදාළ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කෙරිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට බලය ලබාදීමේ දී ඇතැම් විෂයයන් සම්බන්ධව තීරණ ගැනීමේ බලය මධ්‍යම රජයට පැවරෙන අතර එම විෂයයන් නෛතිකව ප්‍රකාශයට පත් කළ යුතු බවද මෙහිදී සඳහන් කෙරිණි.

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය සඳහා වන කෙටුම්පතක් එහි ව්‍යවස්ථානුකූලභාවය විමසා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) විසින් කෙටුම්පත් කරන ලද සංහිඳියාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මද ළඟඳීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමත් සමඟ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණු බවත් පාර්ශවකරුවන්ගේ අදහස් ඇතුළත් කර මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර ඊට අදාළ නීති පැනවීමෙන් පසු විධිමත් යාන්ත්‍රණය ආරම්භ වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ද්‍රවිඩ පක්ෂ නායකයින් කරුණු මතු කළ අතර ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ කිසිදු අයුරකින් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නොමැති බවයි.

උතුරු නැගෙනහිර යුක්තිය පසිඳලීමේ කාර්යයේදී විදේශිය විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් සිදු කිරීමට රජයේ කිසිදු සූදානමක් නැති බවත්, අවශ්‍ය නම් පමණක් දකුණු හා නැගෙනහිර ආසියනු රටවල පවතින ක්‍රමවේද අනුව විදේශීය නිරික්ෂකයින්ගේ වාර්තා පමණක් ලබා ගැනිමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ලැබි ඇති පැමිණිලි 21,374කින් පැමිණිලි 3,462ක විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ඉතිරි පැමිණිලි සම්බන්ධ විමර්ශන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද මෙහිදී අනාවරණය කෙරිණි .

අතුරුදන්වූවහන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ලැබි ඇති පැමිණිලි අතුරුදන්වූවන් පිළිබඳ සමස්ත තොරතුරු නොවන බව මෙහිදී ද්‍රවිඩ මන්ත්‍රීවරු සඳහන් කළ අතර, ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙසත් ඒවා සත්‍ය සෙවිමේ යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය වෙත යොමු කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.

දූෂණ විරෝධී නීතිය ජුලි 19 වැනිදා පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා සංශෝධනවලට ලක් කෙරෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජිත සංශෝධනද සලකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා රජය දැනට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.
උතුරු නැගෙනහිර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ලෙස හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනයට ආයෝජන අවස්ථා කැඳවිමටත්, හරිත හයිඩ්‍රජන් මගින් කොළඹ වරාය නගරයේ ආකර්ශණය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය පිළිබඳවත් ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය.
උතුරේ සංවර්ධන සැලැස්මේ විශේෂ අරමුණක් වන්නේ හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනය හරහා කලාපයේ පුනර්ජනනීය බලශක්ති විභවය ප්‍රයෝජනයට ගැනීමය. මෙමඟින් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ කොළඹ වරාය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර පුනරීන් නව නගරය පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ලෙස නම් කර එමඟින් ක්ෂේත්‍රයේ ප්‍රබල වර්ධනයක් ඇති කිරීම ඉලක්ක කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එසේම “උතුරට ජලය” ව්‍යාපෘතිය යටතේ පූනරින් වැව සංවර්ධනය කිරීම, යාපනයට නැවුම් ජලය සැපයීමේ ගංගා ව්‍යාපෘතිය, ඉරණමඩු ජලාශයේ ධාරිතාව ඉහළ නැංවීම, කුඩා වැව් ප්‍රතිසංස්කරණය, කංකසන්තුරේ වරාය සහ වව්නියා හා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, උතුරු පළාත සහ දකුණු ඉන්දියාව යා කරන බෝට්ටු සේවාව, කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් ආයෝජන ප්‍රවර්ධන කලාප පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය.
උතුරු පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා යාපනයේ සහ මන්නාරම සංචාරක ආකර්ශණිය ස්ථාන සංවර්ධනය, මන්නාරම කොටුව සහ දූපත් කන්කසන්තුරේ වරාය සහ වඩමාරච්චි ආශ්‍රිතව සංචාරක බෝට්ටු සවාරි ව්‍යාපෘතිය, වන්නි දිස්ත්‍රික්කයේ පොල් වගාව ප්‍රවර්ධනය කිරීම, විශ්වවිද්‍යාල නගරයක් ලෙස යාපනය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති පිළිබදව ද ජනාධිපතිවරයා විසින් උතුරු සහ නැගෙනහිර ද්‍රවිඩ මන්ත්‍රීවරු දැනුවත් කෙරිණි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, එස්. වියාලේන්ද්‍රන්, එස්. චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්, සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේෂවරන්, අංගජන් රාමනාදන්, සෙල්වම් අඩෛකලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රීධරන්, ඩී. සිද්ධාර්ථන්, ශානක්‍ය රාසමානික්කම්, තවරාසා කලෛයිඅරසන්, කේ. දිලීපන්, ජී. කරුණාකරන් යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ මන්ත්‍රිවරු සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-07-18

SendShareShare
Previous Post

හරීන්-මනූෂ සජබයෙන් ඉවත් කරන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

රනිල් 20 ඉන්දියාවට! I Sri Lanka Latest News

MORE NEWS

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News
Exclusive

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

Load More
බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News
Exclusive

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News

හොරණ නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන⁣ ස්ථානයක හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 250ක් සමගින් හොරණ මූලස්ථාන පොලිසිය මගින්...

Read more
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.