ඊයේ (18) දිනයේදී අප අනාවරණය කළ පරිදිම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (19) දිනයේදී විශ්වාසභංග යෝජනාව ගම්මන්පිල මහතාගෙන් ඉවත් කොට ආණ්ඩුව වෙත යොමු කිරීම සදහා මහලේකම්වරයා වෙත ලිපියක් යොමු කොට ඇත. (පහතින් එම ලිපිය දැක්වේ)
එම ලිපිය මගින් වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇත්තේ ‘මහතා’ යන වචනය ඉවත් කොට ඊට ‘ඇතුලු’ යන වචනය ඇතුළත් කරන ලෙසය.
එමෙන්ම අමාත්‍යවරයා යන වචනය ඉවත් කොට ‘ඇමැතිවරු සියලු දෙනාටම – ඇමැතිවරුන්’ යන වචනය යොදන ලෙසද වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇත.
කෙසේවෙතත් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සිය විරෝධය පළ කිරීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.
නමුත් විපක්ෂයේ විරෝධය නොතකා කතානායකවරයා ඉහළින් පැමිණි නියෝග අනුව වික්‍රමසිංහ මහතාගේ යෝජනාවට ඉඩ දීමේ වාතාවරණයක්ද මේ වනවිට මතුව ඇති බවට විපක්ෂය වෙත තොරතුරු වාර්තා වී තිබේ.
විශ්වාසභංග යෝජනාවට අස්සන් කර හෝ නොමැති මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරන යෝජනාවකට කතානායකවරයා එමෙස් ඉඩ දුනහොත් ඊට එරෙහිව දැඩි විරෝධය පළ කිරීමටද විපක්ෂය මේ වනවිට තීරණය කර ඇති බව දැනගන්නට ඇත.
ඊයේ දිනයේදී අප වෙබ් අඩවිය ඔස්සේ මෙම පුවත වාර්තා කළේ මෙසේය.
ගම්මන්පිලගේ විශ්වාසභංගයෙන් ආණ්ඩුව බේරගන්න රනිල්ගෙන් හෙට පාර්ලිමේන්තුවට යෝජනාවක්! ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ගැන විපක්ෂය සීරුවෙන්
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව ගලවා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (19) දිනයේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව හෙට දිනයේදී වික්‍රමසිංහ මහතා විසින් ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් ලෙසට සංශෝධනය කොට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවට යෝජනා කිරීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.
ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒම හරහා දැනටමත් ආණ්ඩුව ඇතුළේ යම්කිසි බෙදීමක් හටගෙන ඇති අතර මෙම බෙදීම වළක්වා සියලුම මැති ඇමැතිවරුන්ගේ ජන්දය ආණ්ඩුව වෙත ලබාගැනීම සදහා පසුගිය දින කිහිපය පුරාම ආණ්ඩුව පාර්ශ්වයෙන් විවිධ මෙහෙයුම් කිහිපයක්ම දියත් කෙරී තිබිණ.
ඉන් එක් මෙහෙයුමක් වූයේ ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ලෙසට පරිවර්තනය කර ගැනීමය.
එවිට ආණ්ඩුව බේරා ගැනීමට ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් ජන්දය භාවිතා කිරීම අනිවාර්යය.
ඒ අනුව වික්‍රමසිංහ මහතා හරහා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගැනීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ.
මෙම තත්ත්වය වාර්තා වීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන්ද ඊට හෙට දිනයේ ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.