• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මව්රට කලින්ම කිව්වා! විශ්වාසභංගෙදි ආණ්ඩුව බේරගන්න රනිල් පාර්ලිමේන්තුවේදී බාර දුන් යෝජනාව මෙන්න!

July 19, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
ගම්මන්පිලගේ විශ්වාසභංගයෙන් ආණ්ඩුව බේරගන්න රනිල්ගෙන් හෙට පාර්ලිමේන්තුවට යෝජනාවක්! ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ගැන විපක්ෂය සීරුවෙන්
Share on WhatsAppShare on Facebook

ඊයේ (18) දිනයේදී අප අනාවරණය කළ පරිදිම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (19) දිනයේදී විශ්වාසභංග යෝජනාව ගම්මන්පිල මහතාගෙන් ඉවත් කොට ආණ්ඩුව වෙත යොමු කිරීම සදහා මහලේකම්වරයා වෙත ලිපියක් යොමු කොට ඇත. (පහතින් එම ලිපිය දැක්වේ)

එම ලිපිය මගින් වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇත්තේ ‘මහතා’ යන වචනය ඉවත් කොට ඊට ‘ඇතුලු’ යන වචනය ඇතුළත් කරන ලෙසය.

එමෙන්ම අමාත්‍යවරයා යන වචනය ඉවත් කොට ‘ඇමැතිවරු සියලු දෙනාටම – ඇමැතිවරුන්’ යන වචනය යොදන ලෙසද වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇත.

කෙසේවෙතත් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සිය විරෝධය පළ කිරීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.

නමුත් විපක්ෂයේ විරෝධය නොතකා කතානායකවරයා ඉහළින් පැමිණි නියෝග අනුව වික්‍රමසිංහ මහතාගේ යෝජනාවට ඉඩ දීමේ වාතාවරණයක්ද මේ වනවිට මතුව ඇති බවට විපක්ෂය වෙත තොරතුරු වාර්තා වී තිබේ.

විශ්වාසභංග යෝජනාවට අස්සන් කර හෝ නොමැති මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරන යෝජනාවකට කතානායකවරයා එමෙස් ඉඩ දුනහොත් ඊට එරෙහිව දැඩි විරෝධය පළ කිරීමටද විපක්ෂය මේ වනවිට තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

ඊයේ දිනයේදී අප වෙබ් අඩවිය ඔස්සේ මෙම පුවත වාර්තා කළේ මෙසේය.

ගම්මන්පිලගේ විශ්වාසභංගයෙන් ආණ්ඩුව බේරගන්න රනිල්ගෙන් හෙට පාර්ලිමේන්තුවට යෝජනාවක්! ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ගැන විපක්ෂය සීරුවෙන්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව ගලවා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (19) දිනයේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව හෙට දිනයේදී වික්‍රමසිංහ මහතා විසින් ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් ලෙසට සංශෝධනය කොට ඉදිරිපත් කරන ලෙස ‌පාර්ලිමේන්තුවට යෝජනා කිරීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.

ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒම හරහා දැනටමත් ආණ්ඩුව ඇතුළේ යම්කිසි බෙදීමක් හටගෙන ඇති අතර මෙම බෙදීම වළක්වා සියලුම මැති ඇමැතිවරුන්ගේ ජන්දය ආණ්ඩුව වෙත ලබාගැනීම සදහා පසුගිය දින කිහිපය පුරාම ආණ්ඩුව පාර්ශ්වයෙන් විවිධ මෙහෙයුම් කිහිපයක්ම දියත් කෙරී තිබිණ.

ඉන් එක් මෙහෙයුමක් වූයේ ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ලෙසට පරිවර්තනය කර ගැනීමය.

එවිට ආණ්ඩුව බේරා ගැනීමට ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් ජන්දය භාවිතා කිරීම අනිවාර්යය.

ඒ අනුව වික්‍රමසිංහ මහතා හරහා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගැනීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ.

මෙම තත්ත්වය වාර්තා වීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන්ද ඊට හෙට දිනයේ ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තු වටරවුමට සජිත් බහී! ‌ජනතාව සමග පෙළපාලි යයි! (PHOTOS & VIDEO)

Next Post

ඊළඟ ජනාධිපතිවරණයටත් මම තරග කරනවා! ජනපති පළමුවරට ‌අනාවරණය කරයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.