• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් මහමොළකරුවකු අරන් ඇවිත් ගෝඨාවයි-සලේවයි අත්අඩංගුවට ගන්න යනවා කියලා ගම්මන්පිල කරපු පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ හෙළිදරව්ව මෙන්න! VIDEO I Sri Lanka Latest News

February 4, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවෙකු අලුත් මහමොළකරුවකු බිහි කිරීමට ආණ්ඩුව අළුත් තිර රචනයක් සකස් කරමින් සිටින බවත්, ඒ අනුව හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් ආණ්ඩුව තුල සිටින බැවින් වෙනත් පුගලයන් පිට වරදා පටවා සැබෑ වගකිව යුත්තන් බේරා ගැනීමේ උවමනාවක් ආණ්ඩුවට තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊ යේ දින (2025.02.03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොලකරුවෙකු සිටින බවත් තමන් ඔහුව අල්ලා ගන්නා බවත් පොරොන්දු වී මේ ආණ්ඩුව බලයට පැමිණි බව කවුරුත් දන්නා කරුණක්. සැබැවින්ම මේ ප්‍රහාරයට වගකිවයුතු අය මේ ආණ්ඩුව තුල සිටින නිසා කවුරුන් හෝ මහ මොලකරුවෙකු බවට පත් කර සැබෑ වගකිවයුත්තන් බේරා ගැනීමේ උවමනාවක් ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ දිනවල පාස්කු ප්‍රහාරය ගැන අළුත්ම තිර රචනයක යෙදිලා ඉන්නවා.

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නේ සුරේෂ් සලේ ඇතුළු ලංකාවේ බුද්ධි අංශයි කියලා චැනල් ෆෝ නාලිකාව නගපු චෝදනාව අපි හෙලි කළ ඉමාම් වාර්තාවෙන් ඉතාම තාර්කිකව බිඳ හෙලලා තිබුණා. ඒ වාර්තාව හැදුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සහ ජනාධිපති නීතිඥයෙකු කියන එකත් අපි සිහිපත් කරන්න ඕනි. අපි ඒක හෙලිදරව් කලාට පස්සේ වෙනත් බොරුවක් හදා ගන්න ආණ්ඩුව උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ. ඒ නිසා ආණ්ඩුව මේ බොරුව තව දුරටත් වැඩි දියුණු කරලා මුලින්ම හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාත් ඉන්පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගන්න සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. පාස්කු ප්‍රහාරය සිදු කලේ ජනපතිවරණයේ දී ගෝඨාභය මහතාට වාසියක් ලබා ගැනීමේ අරමුණින් ලංකාවේ බුද්ධි අංශ යැයි කියන මිත්‍යාව තමයි ස්ථාපිත කරන්න හදන්නේ.

පාස්කු ප්‍රහාරය ලංකාවේ බුද්ධි අංශවල වැඩක්ය කියන බොරුව චැනල් ෆෝ නාලිකාව හරහා ලෝකයට කිව්වේ මොහොමඩ් මිහිලාර් මොහොමඩ් හන්සීර් නොහොත් අසාද් මවුලානා. ඔහු දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට පැන ගිහින් ඉන්නේ. මවුලානා චැනල් ෆෝ නාලිකාව හරහා පාස්කු බොරුව කීම දිට්ට ධම්ම වේදනීය කම්ම පලිසන් දුන්නා වගේ එයා ඊට වඩා අමාරුවක වැටුණා. මවුලානා විවාහ දෙකක් කරගෙන හිටියේ. දෙවන විවාහය කර ගන්නේ බොරු නමක් දීලා ව්‍යාජ විවාහ සහතිකයක් හදලා. බිරින්දෑවරු දෙන්නාටම හොරෙන් තමයි මෙයා ස්විට්සර්ලන්තයට පැන ගන්නේ.

තමන් විවාහ වුණේ අසාද් මවුලානා සමග කියලා දෙවන බිරිඳ දැන ගත්තේ චැනල් ෆෝ වීඩියෝව දැකලා. එයා සයින්දමර්දු ප්‍රදේශයේ පදිංචි ෆාතිමා ජෙස්ලි බෙනාසීර්. බොරු නමකින් විවාහ වීම ගැන මවුලානාට විරුද්ධව සයින්දමර්දු පොලිසියේ පැමිණිල්ලක් කරනවා. පොලිසිය පැමිණිල්ල විමර්ශනය කරලා කල්මුණේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩු අංක බී/811/2023 යටතේ උසාවියට කරුණු වාර්තා කරනවා. උසාවිය වහාම මවුලානාට විදෙස් ගමන් තහනමක් පනවනවා. ඒ තහනම ලබා ගන්න විටත් මොහු රටින් පැනලා හිටියේ.

මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්න නම් මවුලානාගේ ප්‍රකාශයක් ඕනි. නමුත් විදෙස් ගමන් තහනම තිබෙන තුරා ඒ ප්‍රකාශය ලබා දෙන්න මවුලානාට ලංකාවට එන්න බෑ. මොකද විදෙස් ගමන් තහනමක් තිබෙන කෙනෙක් ගුවන් තොටුපොලෙන් ඇතුළු වන විට අත්අඩංගුවට පත් වන නිසා. ඒ නිසා විදෙස් ගමන් තහනම ඉවත් කරලා මවුලානා ලංකාවට ගෙනැවිත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ප්‍රකාශයක් කරවන්න ආණ්ඩුව තීරණය කරලා. මේ වන විට ව්‍යාජ විවාහ සහතිකය සකස් කරන්න මවුලානාට උදව් කරපු අබ්දුල් රහීම් නැමැත්තා අත්අඩංගුවට අරන් ඇප පිට ඉන්නේ. ඒ නිසා මවුලානාගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන්න පොලිසියට එකඟ වෙන්න බෑ.

මේ තත්වය යටතේ මවුලානාගේ නීතිඥයෙකු විදෙස් ගමන් තහනම ඉවත් කර ගන්න උසාවියට කරුණු දක්වන විට විරුද්ධ නොවන මෙන් සයින්දමර්දු පොලිසියට ඉහලින් උපදෙස් ලැබිලා. මට තිබෙන තොරතුරු අනුව අම්පාර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු තමයි මේ නීතිඥයා ලැහැස්ති කරලා තිබෙන්නේ. ඒ නිලධාරියාගේ නම මට ලැබුණත් ඒ බව සනාථ කරන සාක්ෂි කිසිවක් මට නැති නිසා මම නම සඳහන් කරන්නේ නෑ.

ඒ අනුව පසුගිය ජනවාරි 21 දා පොලිසියේ කිසිම විරෝධයකින් තොරව මවුලානාට තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කරනවා. පොලිස් නිලධාරින් මේ කරපු නීති විරෝධි වැඩෙන් අනාගතයේ දී ප්‍රශ්නයක් ඇති වේවි කියන බයට තමන් පොලිසියට පැමිණිලි කලේ පිල්ලෙයාන්ගේ බලපෑමට කියා දෙවන බිරිඳ ෆාතිමා ජෙස්ලි බෙනාසීර්ගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලිසිය උත්සාහ කලත් ෆාතිමා ඒක ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයින් බියට පත් වුණු පොලිස් නිලධාරින් ෆාතිමාගෙන් ප්‍රකාශයක් පටිගත කරගෙන DCDB නැතිනම් Divisional Crime Detective Bureau වල සටහන් කර ගබඩා කර තිබෙනවා.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු කීර්තිමත් පුද්ගලයින් තිදෙනෙකුගේ සාමාජිකයත්වයෙන් යුත් ජනාධිපති විමර්ශන කමිටුවකින් බොරුවක් කියලා ඔප්පු කරලා තිබෙන කරුණකට පණ දෙන්න ආණ්ඩුව මහජන මුදල් නාස්ති කිරීම අපි අමතක කරමු. මොකද මහ මොලකරුවෙකු සොයා ගන්න බැරිව ආණ්ඩුවට විපතක්නෙ වෙලා තිබෙන්නේ. නමුත් බොරු නමක් දීලා වංචනිකව කාන්තාවක් විවාහ කරගත් කෙනෙකුට එරෙහිව විභාග වන නඩුවක් කඩාකප්පල් වන අයුරින් මවුලානාව ලංකාවට ගෙන්වීම ගැන කාන්තා විමුක්තිය ගැන පොත් ලියූ දේශනා පැවැත්වූ අගමැතිතුමියට කරන නිගාවක් විධියටයි අපි දකින්නේ.

පාස්කු ප්‍රහාරය ගැන ඕනෑම බොරු පරීක්ෂණයක් කරන්න. ඒත් මවුලානාට තිබෙන අනිත් චෝදනා වල විමර්ශන යට ගැසීමේ පගාව ලෙස ආණ්ඩුවට අවශ්‍ය දේවල් ඔහු ලවා කියවා ගන්න උත්සාහ කරනවා නම් ඒක වැරදියි. අපි ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ. පාස්කු ප්‍රහාරය ගැන මවුලානාගෙන් ප්‍රකාශය ලබා ගන්නා අතරේ ඔහු කර තිබෙන අනෙකුත් අපරාධ ගැනත් අවශ්‍ය විමර්ශන කර ප්‍රකාශ ලබා ගන්න. එතෙක් ඔහුට ලංකාවෙන් යන්න දෙන්න එපා.

මවුලානාට එරෙහිව තිබෙන්නේ බොරු නමකින් පෙනී සිටිමින් දෙවන විවාහයක් කර ගැනීම විතරක් නොවේ. ඉමාම් කමිටු වාර්තාව අනුව සහරාන්ලාට උදව් කරලා තිබෙන්නේ අපේ බුද්ධි අංශ නොවේ. බුද්ධි අංශ වලට චෝදනා නගන අසාඩ් මවුලානා. බෝම්බයක් අත්හදා බැලීමේ දී සහරාන්ගේ මල්ලි රිල්වාන් තුවාල ලබනවා. ඔහුට ප්‍රතිකාර කරන්නේ මවුලානාගේ දෙහිවල දී මෙන්ම තමන්ගේ ගම වන මරතමුනෙයි පුද්ගලයෙකු වන සෆ්රාස් මොහොමඩ් සුෆියාන් කියන වෛද්‍යවරයෙක්. මේ නිසා විමර්ශන කමිටුවේ නිගමනය නම් මවුලානාට සහරාන් සමග සම්බන්ධයක් තිබුණා කියන එකයි. ඒ නිසා තමයි මවුලානා ලංකාවෙන් පිටත ජීවත් වෙන්න උත්සාහ කලේ කියලා. එතකොට බුද්ධි අංශ වලට වරද පටවන්න යොදා ගන්නේ ඇත්තටම පාස්කු ප්‍රහාරයේ සැකකාරයෙක්. ඒ සැකකාරයා සාක්ෂිකාරයා කරලා ප්‍රහාරය ගැන කලින්ම අනතුරු ඇඟවූ බුද්ධි අංශ වැරදිකරුවන් කරන්නේ සැබෑ වැරදිකරුවන් රැක ගැනීමමේ ආන්ඩුවේ කූට වෑයමක් කියලා අප විශ්වාස කරනවා.

බොරු නමකින් පෙනී ඉඳලා දෙවන විවාහයක් කරගෙන කාන්තාවක් රැවටූ මවුලානාව ආණ්ඩුව විශ්වාස කරනවා නම් කීර්තිමත් පුද්ගලයින් හදපු කමිටු වාර්තාවත් ආණ්ඩුවට ඊට වඩා විශ්වාස කරන්න එපායැ. ඒ නිසා බෝම්බ අත් හදා බලන්න ගිහින් තුවාල වුණු රිල්වාන්ට උදව් කිරීම ගැනත් පාස්කු ප්‍රහාරයට සහය දීම ගැනත් අනිවාර්යෙන්ම මවුලානාගෙන් ප්‍රශ්න කළ යුතුයි.

මුස්ලිම් චාරිත්‍රයක් තියෙනවා දෑවැද්ද දෙන්න ඕන මනමාලයා විසින් මනමාලීට ඒ අනුව 2022 පෙබරවාරි 22 ක තමන්ගේ අර දෙවන විවාහ කර ගන්න අවස්ථාවේදී අසාද් මවුලානා ලක්ෂ 20 මහාර් නමින් හදුන්වන දෑවැද්ද රුපිලියල් ලක්ෂ 20ක ස්වෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ චෙක්පතක් ෆාතිමා බෙනාසීර්ට ලබා දෙනවා. හැබැයි මේ චෙක්පත අගුරු වෙනවා. ගිණුමේ සල්ලි නැතිව වංචනිකව ලබා දුන් චෙක්පතක් මේ පිළිබඳවත් ෆාතිමා පොලිසියට පැමිණිලි කරනවා. එහෙනම් පොලිසිය අසාද් මවුලානා ගෙනල්ලා විතරක් මදි. මේ චෙක්පත් වංචාව ගැනත් අනිවාර්යෙන්ම විමර්ෂන කළ යුතුයි.

ඒ වගේම මවුලානා දෙහිවල ස්පෑන් ටවර්හි සුපිරි නිවාසයක් ඔහුගේ නමින් මිල දී ගෙන තිබෙන බවට චෝදනාවක් තිබෙනවා. ත්‍රස්තවාදි ක්‍රියා වලට උදව් කිරීමෙන් ලැබුණු මුදල් යොදවා ඒ නිවස මිල දී ගත් බවයි චෝදනා එල්ල වෙන්නේ. ඒ නිසා මුදල් විශුද්ධිකරණය පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුයි.

දැන් අපි මේ කාරණා ටික සංක්ෂිප්ත කලොත් ප්‍රහ්න 8ක් අහනවා.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක අපේ හිතවත් ගරු නලින්ද ජයතිස්ස ඇමතිතුමනි, පොලිස්පතිතුමනි,

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි,

මේ ප්‍රශ්න 8ට පිලිතුරු දෙන්න.

1) කල්මුනේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවක් කරගෙන යෑම සඳහා ලබා ගත් අසාද් මවුලානාගේ විදෙස් ගමන් තහනම ඉවත් කලේ කාගේ බලපෑමට ද?

2) මවුලානාට එරෙහිව ෆාතිමා ජෙස්ලි බෙනාසීර් කළ පැමිණිල්ල තමන් විසින් ‍පිල්ලෙයාන්ගේ බලපෑමක් නිසා කරපු පැමැණිල්ලක් බවට ප්‍රකාශයක් කරන ලෙස පොලිසිය බලපෑම් කලේ කාගේ උවමනාවට ද?

3) තමන්ට පොලිසිය බලපෑම් කරන බවට ෆාතිමා බෙනාසීර්ගෙන් ලබා ගත් පටිගත කළ ප්‍රකාශයක් අම්පාර පොලීසියේ DCDB හී සටහන් තබා ඇත්ද?

4) සහරාන්ගේ සොයුරු රිල්වාන්ට ප්‍රතිකාර කළ සෆ්රාස් මොහොමඩ් සුෆියාන්ව රිල්වාන්ට හඳුන්වා දීම ගැන පොලිසිය මවුලානාගෙන් ප්‍රශ්න කරනවා ද?

5) ව්‍යාජ නමකින් පෙනී සිට ෆාතිමා බෙනාසීර්ව වංචනිකව විවාහ කර ගැනීම පිළිබඳ කල්මුනේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩු අංක බී/811/2023 යටතේ ඇති නඩුව සඳහා මවුලානාව කල්මුනේ උසාවියට ඉදිරිපත් කරනවා ද?

6) දෙහිවල ස්පෑන් ටවර්හි සුපිරි නිවාසයක් ඔහුගේ නමින් මිල දී ගෙන තිබෙන බවට තිබෙන චෝදනාව පිළිබඳ මුදල් විශුද්ධිකරණ පනත යටතේ මවුලානාගෙන් ප්‍රශ්න කරනවා ද?

7) 2022 පෙබරවාරි 22 දිනැති රුපියල් ලක්ෂ 20ක ස්වෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ චෙක්පතක් විවාහ වන අවස්ථාවේ බිරිඳට මහාර් ලෙස ලබා දෙමින් එම චෙක්පත අගුරු විමේන් කල චෙක්පත් වංචාව පිළිබඳ ආසාද් මවුලානාට නීතිය ක්‍රියාත්මක කරනවාද?

8) ජනාධිපති විමර්ශන කමිටුවක් විසින් බොරුවක් බවට තහවුරු කර ඇති බුද්ධි අංශ විසින් පාස්කු ප්‍රහාරය කලායැයි කියන මිත්‍යාව යලි පන ගැන්වීමට තීර පිටපත් සකස් කරන්නේ පුංචි ඡන්දයේදී ජනතාව යළිත් වරක් රැවටීමට ද?

මෙන්න මේ ප්‍රශ්න 8ට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇමතිතුමා හෝ පොලිස්පතිතුමා හෝ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතමන් පිළිතුරු දෙනු ඇතැයි වහා වහා පිළිතුරු දෙනු ඇතැයි අපි බලාපොරෙත්තු වෙනවා

SendShareShare
Previous Post

රජරට සරසවි සිසුන් අලුත් අරගලයක් පටන් ගනී! රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනයට කඩා වැදී මහරෑ වනතුරු උද්ඝෝෂණ කරයි! නිවාඩු නිකේතනය නේවාසිකාරයට ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

DS නිදහස ලබාගනිද්දී පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු 101 දෙනා! Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.