මහජන ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව දියත් කර තිබෙන යුක්තිය මෙහෙයුමේ දී සිදු වී ඇති බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන්, ඇමරිකාව සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.Sri Lanka Latest News
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ වැදගත්කම අවධාරණය කර තිබෙන මෙරට ඇමරිකානු තානාපති ජුලී චෑන්ග් මහත්මිය, නීතිය ක්‍රියාත්මක කිරීමේ දී නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වන ආකාරයට එය සිදු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.
යුක්තිය මෙහෙයුම අතරතුර සිදුවන සෝදිසි කිරීම්වල දී කුරිරු, අමානුෂික සහ අවමංසහගත දෑ සිදුවන බවට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වී ඇති අතර, ඒ පිළිබදව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානයද යොමු වී තිබුණි.
ඊට අමතරව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ තවත් සිවිල් සංවිධාන රැසක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන අනීතික ක්‍රියා පිළිබදව විරෝධය පළකර තිබේ.
The United States shares the concerns expressed by @HRCSriLanka and the Bar Association of Sri Lanka about the Yukthiya Operation. Combatting drug trafficking is essential; it's also crucial that law enforcement operations uphold the principles of the rule of law and due process.… https://t.co/w1J7wZex7j
— Ambassador Julie Chung (@USAmbSL) January 10, 2024