• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුපිරි පන්තියට ලොකු හැන්දෙන් බෙදලා වැඩ කරන ජනතාවගේ තැන්පතුවලට ඉතිරි කිරීම්වලට අත තියන්න එපා! හැමෝම හොඳයි කියන සජිත් අද පාර්ලිමේන්තුවේදී කරපු සම්පූර්ණ කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

July 1, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ විවාදයේදි පැවැත්වූ සම්පූර්ණ කතාව මෙසේය.

ජනතාව පාරට බස්සන්න විපක්ෂයට අවශ්‍ය රටේ බැංකු පද්ධතිය වට්ටන්න, විපක්ෂයට අවශ්‍ය බැංකු තැන්පත් ටික විනාශ කරන්න කියනවා. මම අහන්න කැමතියි අැයි අද අපි ණය ප්‍රශස්තකරණයක් ගැන ප්‍රතිව්‍යුහගත කරණයක් ගැන කතා කරන්නේ. අැයි අද මේ විවාදය පවත්වන්නේ. මේ විවාදය පවත්වන්නේ 2019 බිහි වූ පොහොට්ටු ජනාධිපත්වරයයි 2020 බිහි වු පොහොටටු අාණ්ඩුව රට බංකොලොත් කල නිසාග රට බංකොලොත් නාෙවුනා නම් මෙවැනි විවාදයක් ඇති වෙන්නේ නැහැ. එ් වුනාට දැන් කියනවා විපක්ෂයට ඔ්නලු ජනතාව පාරට බස්සන්න කියලා. අපිට ජනතාව පාරට බස්සන්න ඔ්න නැහැ. ජනතාව ඉබේටම පාරට බැහැලා 69 ලක්ෂයක් පත් කරපු ජනාධිපතිව බෙල්ලෙන් අල්ලලා එලියට දැම්මා. ඒක රටේ ජනාතව ගත්ත තීන්දුවක්. Sri Lanka Latest News

මම පැහැදිලිවම කියනවා විධිමත්ව තර්කානුකුලව මෙයට විරුද්ධ වෙන්නේ අැයි කියලා. එ් වගෙම අපි විකල්පයත් මේ අවස්තාවේ ඉදිරිපත් කරනවා.

අැයි හැංගිලා මුලාව මුසාව බොරැව තුල මහබැංකු අධිපතිවරයා සහ මුදල් රාජ්‍ය ඇමතිවරයා කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා. එක දිගටම කිව්වා. ඇයි එහෙම කිව්වේ. ඔ්න තරම් තියෙනවා සාක්ෂි.

ඒ වගේම දැන් මහ බැංකු අධිපති ඉදිරිපත් කල පිටු 34ක 35ක වාර්තාවේ 8 වැනි පිටුවේ සදහන් වෙනවා 2022 සැප්තැමබර් මාසේ අයි එම් එෆ්කත් එක්ත ගිවිසුමකට අාවලු. එහෙම වෙලත් ඇයි එ්ක මාස 6කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකලේ. ඇයි හැංගුවේ. ඒකට හේතුව කොලේ වහල ගහන ගේමක් මේක. ජනතාව රැවැටටුවා. නොමග යැව්වා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඊටීඑෆ් ඊපීඑෆ්වලට අත තියන්නේ නැහැ කිව්වා. බලපෑමක් නැහැ කිව්වා.

අපිත් කිව්වා අයිඑම්එෆ් එකට යන්න කියලා. අපි අදත් කියනවා අයිඑම්එෆ් එකට යන එක හරි කියලා. හැබැයි එලබුනු ගිවිසුම වැරදියි. අපිත් කිව්වා අයිඑම්එෆ් එකට යන්න කියලා. අපි අදත් කියනවා ඒක හරි කියලා. ගියපු එක හරි ඒත් එලබුණු ගිවිසුම වැරදියි. රටේ ජනතාව දැන ගත යුතු යි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අයිඑම්එෆ් එක කියලා නැහැ. ඔවුන්ගේ කොන්දේසි නැහැ. මේක රජයේ වුවමනාවක් විතරයි. රජයයි එකග වුනේ. මේක හරිද. මෙවැනි දෙයක් අවශ්‍ය ද?

මේ රජය නරක ඩීල් එකකට එකග වෙලා. ඇයි නරකැයි කියන්නේ. කොටි කාලයක් තුළ සෘන 7 සිට ධන 2.3 දක්වා ප්‍රමිමරි බැලන්ස් එක ගේන්න හදනවා. මේක කරන්න පුලුවන්ද. කොයි තරමි අසහනයක් පීඩනයක් ජනතාවගේ කර පිට පටවනවාද? යථාර්ථවාදී නොවන තීන්දුවක් මේක. ඒ වගේම මේක මගේ නම් තර්කය වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය නැහැ.

ලෝකයේ රටවල් ඕනැ තරම් තිබෙනවා පකිස්ථාන යුක්‍රෝන් ඉක්වදෝර් මොංගෝලියා වැනි රටවල් රැසක්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට නොගොස් අයිඑම්එෆ් ස්ථාවරයකට ආවා. අපි තරකයක් ගේමු දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය යන්නේ බංකොලොත් රටක සිට කියා. බංකොලොත් වූ රටවල් පවා දේශිය ණය ප්‍රතිව්‍යුහගතකිරීමකට නොගෙස් අයිඑම්එෆ් ගිවිසුම් ගහපු. අයිවරිකෝස්ට්, ඩොමිනිකා, ඉරාකය, ඉක්වදෝරය උදාහරණයක්. මේවා මම හැන්සාඩ් ගත කරනවා. රජයේ සියලු දෙනාම මේවා බලන්න.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම ආකාර 3කින් කරන්න පුලුවන්. ඒ තුන් ආකාරයකින් කරන්න පෙර මේරජය එකග වෙලා තිබෙනවා අයිඑම්එෆ් එකත් එක්ක කොන්දේසි 3කට. ඒ කරුණු 3ක් පිළිබද.

මේ අවස්ථාවේ අවධානය යොමු කරන්න මහබැංකු අධිපති තුමා කැබිනට් එකට සහ රටට ඉදිරිපත් කල වාර්තාව. මේ වාර්තාවේ 16, 17 පිටුවල තිබෙනවා බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගියොත් කොන්දේසි 3න් 2ක් සම්පූර්ණ කර ගන්න පුලුවන් කියලා. ටාගට් එක ජීඩීපී එකෙන් සියයට 13, 14.2 වෙනවා. ඒ නිසා රජය කියනවා 14.2ක 13 කරන්න ඕන කියලා දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුයි කියලා. එහෙම කියලා 17 පිටුවේ කියනවා වෙන කතාවක්. මේ ටාගට් 3ම කොන්දේසි 3ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් ලගා කර ගන්න පුලුවන් කියනවා. කවුද මේවා තීන්දු කලේ. ශ්‍රී ලංකා රජය මහා භාණ්ඩාගාරය මහ බැංකුව වගේම මේ සාකච්ඡාවට සහභාගී වූ අයිඑම්එෆ් පාර්ශ්වකරුවන් මේවා තීන්දු කලේ. මේ සාකච්ඡාවල දී මීට වැඩිය ලිහිල් ටාගට්වලට යන්න බැරි වුනාද. ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිලිගැනිමක් තිබෙන ජනාධිපතිවරයෙක් සිටින මොහොතක මේ කොන්දේසිවලට ලිහිල් භාවයක් ගන්න බැරි වුනාද. යුක්‍රේනයට මැතකදි ඩොලරි මිලියන 14ක් දුන්නා. අපිට අවුරුදු 4කටම දෙන්නේ බිලියන 2.9යි. දැන් අපිට අහන්න ලැබුණේ ලොව දින ගත්ත නායකයා ජාත්‍යන්තරය දිනාගත් නායකයා කියලා. මේ නායකත්වය තුළ ඇයි බැරි වුණේ මීට වඩා හොද ඩීල් එකක් ගන්න. මීට වඩා හොද ඩීල් එකක් ලැබුන නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව ජනතාව මත අසහනය පීඩනය දෙන්නේ නැතිව කටයුතු කරන්න. මහ බැංකු අධිපතිගේ වාර්තාවෙන් ඔප්පු වෙනවා මීට වඩා ලිහිල් කොන්දේසිවලට එකග වෙන්න පුලුවන් වුණා කියලා. අපි අයි එම් එෆ් එකට ඇගිලි දිග් කරන්නේ නැහැ. රජය තමයි පැනල දීලා ඉල්ලන් කෑවේ. මම දන්නැ ඔවුන් වින්දයක් ලබනවද කියලා මේකෙන්.

අපේ රජයක් තුළ අපිත් අයිඑම්එෆ් එකට ගිහින් කොන්දේසි ලිහිල් කර ගන්නවා. ගරු කතානායකතුමනි පහුගිය දිනවල සාකච්ඡාව මුදල් කමිටුවේ සහ ඉන් පිටතත් ඉතාමත්ම වැදගත් කරුනු 2ක් කියවුණා. මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා පිරිවැය සමාජයට දාන බව. පෞද්ගලිකත්වයට වාසිය ලබා දෙනවා. මේකට තමයි අපි විරුද්ධ. බර අසහනය පීඩනය පිරිවැය සමාජයට දෙනවා. පෞද්ගලිකත්වයට වාසි වෙනවා. මේ රජය ද්වි පාර්ශවීය ගනුදෙනුවලත් දුර්වල ලෙස කටයුතු කළේ.

මේ රජයට කෙටි මධ්‍ය දීර්ඝ කාලීන ඉලක්ක හරියට විග්‍රහ කර ගන්න බැරි වුණා. විශේෂයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල තුළ වෙලා තිබෙන්නේ වැඩි බර අභ්‍යන්තර ණය හිමියන්ට දීලා. බාහිර ණය හිමියන්ට වාසි ලබා දීලා. බාහිර ණය හිමියන්ට සියයට 30යි. ඒත් එය සියයට 50ක් විය යුතු යි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රම 3ක් තිබෙනවා. කාලය දීර්ඝ කිරීම, ණයවලින් ප්‍රමාණයක් කපා හැරීම, කූපන් රේට් එක අඩු කිරීම. ඒත් රජය තීන්දු කර තිබෙන්නේ ණය කපාදාන්න නෙවෙයි කාලය දීර්ඝ කිරීමට සහ කූලන් රේට් එක අඩු කිරීමට.

නමුත් කවුරුත් නොකියන කාරණාවක් තිබෙනවා. පහුගිය කාලයේ උද්ධමනය සියයට 70 දක්වා යෑම තුළ ඉබේටම දේශීය ණයවල අගය සියයට 40කින් අඩුවෙලා. දේශීය ණය අධි උද්ධමනය නිසා ඒවායේ වටිනාකම සියයට 40කින් අඩු වෙන කොට බාහිර ණය කණ්ඩායම්වලට කියනවා සියයට 30ක කපා හැරීමක් කියලා. මේ ආණ්ඩුවේ ඉන්නේ විදේශීය ණය හිමියන් ආරක්ෂා කරන්නද දේශිය ණය හිමියන් ආරක්ෂා කරන්නද? බහු ජාතික සමාගම් රැක ගන්නද එහෙමනම් නැත්නම් දේශිය ණය හිමියන් රැක ගන්නද? බලයට ආවේ දේශප්‍රේමීත්වය කියා ගෙන. මව් රට මාතෘ භූමිය ගැන කිය කිය දේශීය ණය හිමියන්ට කියනවා සියයට 30කින් කපන්නලු. අධි උද්ධමනය තුළ දේශීය ණය හිමියන්ගේ තැන්පතුවල සියයට 40 අඩු වීමක් සිදු වෙලා.

ඒ වගේම ගරු කතානායකතුමනි මේක සමානාත්මභාවයක් තිබිය යුතු යි. යම්කිසි සමානාත්මභාවයක් තුළ මේ බර බෙදා ගත යුතු යි. ඒ නිසා තමයි අපි කියන්නේ විදේශීය ණය හිමියන්ගේ සියයට 50ක ණය කපා හැරීමක් විය යුතු යි. කියලා. ඒ වගේම එක හා සමානව බර බෙදා ගත යුතු යි කියලා මේ රජය විදේශීය ණය හිමියන්ට එක හා සමානව සලකනවා කියලා. සුද්දොන්ට එක හා සමානව සලකනවා. දේශීය වශයෙන් සලකන්නේ නැහැ. වැඩ කරන ජනතාවගේ බඩට විතරයි ගහන්නේ. එතන සමානත්මභාවයක් නැහැ. සමාජ බෙදීමක් තිබෙනවා. ඇති හැකි සුපිරි ධනවතා බේරලා සාමාන්‍ය මිනිසාගේ වැඩ කරන මිනිසාගේ බඩට ගහනවා. වැඩ කරන ජනතාවගේ පොලිය අඩු කරනවා කියලා කියනවා. මේක ඇතුලේ තිබෙන රහස ඊපීඑෆ් ඊටීඑෆ් එකේ සියයට 43ක් බැදුම්කර තුළ තිබෙනවා.

අර සියයට 9ක් සිටින සුපිරි පොහොසතුන්ට අත තියලවත් නැහැ. වැඩ කරන ජනතාවට තමයි අත තියලා තිබෙන්නේ. පුද්ගලික ආයතනවල පුද්ගලයන්ට අත තියලවත් නැහැ. මේකේ සාධාරණත්වයක් නැහැ. විදේශීය රටවලට කියනවා සමාන විදිහට සලකනවා කියලා. එතකොට ලෝකයට පරකාලේ ගෙදරට මරකාසේ ප්‍රතිපත්තිය තමයි මේක. අපි කියනවා ඒක වැරදියි. ජනාධිපතිතුමා කියනවා සමානව සලකනවා කියලා. ඒත් දේශීය වශයෙන් ඒක ක්‍රියාත්මක නැහැ.

මේක තමයි අපේ උත්තරය. මේ විසදුමේදී මම පැහැදිලිව කියනවා ආණ්ඩුව මේකට මොන නම භාවිත කලත් සමානාත්මතාවක් තිබිය යුතු යි. බර බෙදිය යුතු යි. තනිකරම අර්ථසාධක සහ බාරකාර අරමුදලට තමයි බර දෙන්නේ. සුපිරි පොහොසතුන් සමාගම් අතාරිනවා. වැඩ කරන ජනතාව විතරද කැපකිරීම් කල යුත්තේ. ඇයි සුපිරි පොහොසතුන් ඉවත් කලේ. බැංකු සහ රක්ෂණ සමාගම් නෙවෙයි. සියයට 9ක සුපිරි පොහොසතුන් ගැනයි මේ කියන්නේ. බලහත්කාරයෙන් අර්ථ සාධක අරමුදලට අත තියන එක වැරදියි.

ඒ වගේම විදේශ ණය හිමියන්ට කිව යුතු යි සියයට 30ක නොව 50ක කපාහැරීමක් සිදුවිය යුතු බව. අපේ රටේ මිනිස්සුන්ට වාසියක් නැහැ. විදෙශීය රටවලට විතරයි වාසි.

ඒ වගේම මේවගේ විනිවිදභාවයක් තිබිය යුතු යි. ඒත් කිසිම විනිවිදභාවයක් නැහැ. මහබැංකු අධිපති විකල්ප තිබෙනවාලු. ඒත් අර්ථ සාධක හිමිකරුවන්ට විකල්ප නැහැ. අනිවාර්යෙන් කපා ගන්නවා. අර්ථ සාධකේ පාලනය කරන්නේ මුල්‍ය මණ්ඩලය සහ මහ බැංකුව. වැඩ කරන ජනතාවගේ මුදල්වලින් හොරා කාලා බැදුම්කර වංචා කරා. අගමැතිතුමාම කිව්වා බැදුම්කර හොරාම එපා කිව්වා. එත් අද අගමැති නිහඩයි. බැදුම්කර හොරු හොදායි . එදා හොරා අද හොද වෙලා. මේවා අගමැතිතුමාම කියපුවා. මේ සභාවේදීමයි කිව්වේ. වර්තමාන අගමැති වර්තමාන ජනාධිපතිට එදා හොරා කියලා කිව්වා. අද හොරා හොද වෙලා. 2019 වෝහාරික විගනනයෙන් අර්ථ සාධකේ විනාශ කළ ආකාරය තිබෙනවා. ඒත් එක නීත්‍යානුකූල පියවරක් අරගෙන නැහැ.

දැන් තීන්දු ගන්නේ මුල්‍ය මන්ඩලය සහ මහ බැංකුව. ඒවා හොරා කාපු අය තමයි දැන් ඒ ගැනත් තීන්දු තීරණ ගන්නේ. ඒ නිසා හැංගිමුත්තම් ගැහුවා ඇති නේද?

දැන් ඇත්තවශයෙන්ම රටේ නීතියට අනුව මේවා එලිදැමිය යුතුයි. මේවා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලේ වගකීමක්. හැබැයි ජාත්‍යන්තරයේ ඉල්ලීමට රජයේ මුලු බැදුම්කර ක්‍රියාවලිය එලි දක්වා තිබෙනවා. ඒත් අර්ථසාධකේ විස්තර එලි දක්වා නැහැ. මෙහෙම තත්ත්වයක් තුළ අර්ථසාධක අරමුදල් හිමියන්ට මූල්‍ය මණ්ඩලය ගැන මහ බැංකුව ගැන විශ්වාසයක් තබන්න. මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි.

මේ බංකොලොත් රට තුළත් ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක වෙනවා. සියයට 9ක් සුපිරි ධනවතුන්ට අත තියන්නේ නැතිව මේ රටේ ලක්ෂ 20ක් 25ක් වන වැඩ කරන ජනතාවගේ අර්ථ සාධකේට අත තියෙන එකම ගජමිතුරු ධනවාදයේම ප්‍රතිඵලයක්. මේ වසරේ පෙබරවාරි වෙනකම් කැසිනෝ එකට ඇතුළු වෙනකොට ගෙවිය යුතු ඩොලර් 100 මුදල එකතු කරලා නැහැ. නමුත් සාමාන්‍ය ජනතාවගේ වැට් එක වැඩි කලා. ඉන්කම් ටැක්ස් වැඩිකලා. නමුත් 2023 පෙබරවාරි තමයි කැසිනෝ එන්ටර්ස් එක අය කරන්න පටන් ගත්තේ.

ඒ වගේම අයවැයෙන් කියනවා සිගරට් ටැක්ස් එකෙන් බිලියන 140ක් විතර එකතු කරනවලු. එහෙම එකතු කරනවා කියලා ඒ ටැක්ස් එක වැඩි කරල තිබෙන ආකාරය අනුව බිලියන 92ක් එකතු වෙන්නේ. බිලියන 40ක් 50ක් අහිමි වෙනවා. අද වැඩි කලා කිව්වට වැඩක් නැ දැන්. මේ තර්කය එනවා කියලා දැනගෙන තමයි අද වැඩි කලේ. අපේ කතාව අහලා වැඩි කල එක ගැන සතුටු වෙනවා. මීට පෙර අපි කතා කලා ඒ ගැන. ඒ ගැන අහලා වැඩි කල එක හොදයි.

අපේ රජය වර්තමාන රජය බදුවලින් ගන්න ඕන මුදල ගන්නේ නැත්නම් බිලියන 40ක මුදල් සිගරට් බදු හරහා එකතු කරන්නේ නැතිනම් මේ වසරේ පෙබරවාරි වෙනකම් කැසිනෝ එන්ට්‍රන්ස් මුදල එකතු කලේ නැතිනම් ඉබේටම ජිඑෆ්එන් එක වැඩි වෙනවා. මේක වැඩි වීමේ බර කෙලින්ම යන්නේ වැඩ කරන ජනතාවට. කැසිනෝ අයිතිකරුට එක් අයිති නැහැ. සිගරට් කම්පැනියට බර වැටෙන්නේ නැහැ. බිලියන 40ක් බදු ආදායම් නොගෙනවන තත්ත්වයකට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ගනුදෙනුවක් තිබෙනවා. ඒ ගැන මම වගකීමෙන් කියනවා.

මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය පමණක් නොව ආණ්ඩුවේ වෙනසක් ද සිදුවිය යුතු යි. මේ පාලන තත්ත්‍රයේ වෙනසක් සිදුවිය යුතු යි. දුෂණය වංචාව හොරකම ප්‍රතික්ෂේප කරන පාලනයක් ඇති විය යුතු යි.

අපි මේකට විරුද්ධ විනිවිදභාවයක් සමානාත්මතාවක් නැති නිසා. තැන්පතුකරුවන්ට තේරීමක් නැති නිසා. අර්ථ සාධක අරමුදල් බලහත්කාරයෙන් අරන්. ඔවුන්ගේ තේරීමට ඇහුම්කම් දීලා නැහැ. ඒ අය වෙනුවෙන් මුල්‍ය මණ්ලය තීන්දු ගන්නවා. මහ බැංකුව තීන්දු ගන්නවා. මේ අය බැදුම්කර වංචාවට අහු වෙලා තිබෙනවා.

මම පසුගිය දවස් 2 නිහඩ නිරීක්ෂකයකු ලෙස මුදල් කමිටුවට ගියා. ලැජ්ජා නැනේ. රට බංකොලොත්. බෙහෙත් හිගයක් තිබෙනවා. ජන ජිවිත කඩා වැටිලා. ඒ වුනාට මට කමිටුවට ගිහින් ප්‍රශ්න කරන එක තහනම් කරලා ඒකට ඡන්දයකටත් ගියා. මම නිරීක්ෂකයකු ලෙස අවබෝධ කර ගත් දේවල් මම අද මෙතන කියනවා.

අපේ මන්ත්‍රීවරු ගණනාවක් ඇහුවා මේ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අර්ථ සාධක හා බාරකාර අරමුදලට වෙන දේ ගැහු ඇහුවම ඒවා ගනනය කරලා නැලු. එතකොට මේ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සුපිරි ධනවතුන්ට හානියක් නැහැ. ඒ අයට සුපිරි වාසියක් ලැබෙනවා. සුපිරි ලාබයක් ලැබෙනවා. මේ ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් වැඩ කරන ජනතාවගේ තැන්පතුවලට වෙන දේ කියන්නේ නැහැ. බාර කාර අරමුදලේ සහ අර්ථ සාධක අරමුදලේ නිලධාරීන් කියනව තාම තොරතුරු ලැබිලා නැලු. තොරතුරු ලැබුනම ගනනය කරලා කියන්නම්ලු. මේ වගේ ගනනය කිරීමක් නැතිව තමයි පාර්ලිමේන්තුව රැස් කරලා පහත් යෝජනාව සමත් කර ගන්න හදන්නේ. මේ අය ඉන්නේ සල්ලිකාරයොන්ගේ සාක්කුවේ. පවතින ක්‍රමය තුළ සුපිරි ධනවතුගේ හඩට තැනක් තිබෙනවා වැඩ කරන ජනතාවට තැනක් නැහැ. ඒත් අපි වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. මේ යෝජනාව පරාජය කරන්න හදනවා.

අස්වැසුමක් ඇස් වැසීමක් වෙලා. ඇස් බැන්දුමක් වෙලා. ඇස් වැහුමක් වෙලා. රටේ ජනතාවගේ ඇස් වහලා ඉවරයි. අපි අපේ යෝජනා ඉදිරිපත් කරනවා. කරුණාකරලා ජන සංගනනයක් කරන්න. සර්වර් එකක් කරන්න. ආදායම් වියදම් සමීක්ෂණයක් කරන්න. දරිද්‍රතා රේඛාව හදුනා ගන්න. මේ කිසි දෙයක් නැතිව තමයි අස්වැසුම හරහා සහන කපන්නේ. මුඛ වාඩම් දාන යුගය අවසන් කරන්න. අපි කියන දේත් අහන්න. අපි කිව්ව දේ ගැන සලකා බලන්න. කැත වැඩ කරන්න එපා. සුපිරි පන්තියට ලොකු හැන්දෙන් බෙදලා වැඩ කරන ජනතාවගේ තැන්පතුවලට ඉතිරි කිරීම්වලට අත තියන්න එපා.

SendShareShare
Previous Post

රටට පොලිස්පතිවරයෙක් නැතිව දැනට දවස් 6යි! තවම ‌කෙනෙක් පත්කරන පාටක් නෑ!

Next Post

අද ස්කොට්ලන්තයෙනුත් කෑවා! දෙපාරක් ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට මෙවර ලෝක කුසලාන තරගාවලියටවත් එන්න බැරි වෙයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.