• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ පැය දෙකේ 2024 අයවැය මෙන්න! I Sri Lanka Latest News

November 13, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
රනිල්ගේ පැය දෙකේ 2024 අයවැය මෙන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පීලි පැන ඇඳ වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

සුරංගනා කතා කියා රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු වල අවසන් ප්‍රතිඵලය රට බංකොළොත් වීම බව පෙන්වාදුන් ජනාධිපතිවරයා අවාසනාවකට රටේ ඇතැම් කණ්ඩායම් තවමත් මෙම තත්ත්වය අවබෝධකරගෙන නොමැති බවත් පැවසීය.

දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරීම නවත්වන ලෙස 2024 අය වැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළ අතර, දේශපාලනයට වඩා රට ගැන සිතා රට ඉහළටම ඔසවා තබන්නට සියලු දෙනා අවංකව කැපවන ලෙසද ඉල්ලා සිටියේය

මෙම දුෂ්කර මාවතේ ඉදිරියට ගියහොත් නොබෝ කලකින් මීට වඩා යහපත් ආර්ථික පරිසරයක් නිර්මාණය කර ගත හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය වසර දෙස හැරී බලන විට රට යන මාවත නිවැරදි බව 100%ක්ම සනාථ වන බවද සඳහන් කළේය

මෙතෙක් පැමිණි ගමන් මගෙහි සිදුවූ අඩු පාඩු හඳුනා ගනිමින් ඒවා නිවැරදි කර ගැනීමට නිහතමානීව කටයුතු කරන බව 2024 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය–

උද්ධමන වේගය තනි ඉලක්කමක් දක්වා අඩුකර ගැනීමට හැකි වු නිසා අධි උද්ධමනකාරී විනාශයෙන් රට ගලවා ගැනීමට හැකි වූ බව 2024 අය වැය කතාව සිදු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බංකොළොත් රටක් යළි ප්‍රකෘතියට පත් කිරීම අතිදුෂ්කර ව්‍යායාමයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා බලය ගැනීමේ දේශපාලන අරමුණු මතින් ජනතාවට සහන ලබාදීමේ සිහින මාළිගා ඉදිකිරීමට ගියහොත් අවසානයේ රට යළිත් බංකොළොත් විය හැකි බවද පෙන්වා දුන්නේය

මෙතෙක් පැමිණි ගමන් මඟේ සාර්ථකත්වයට හේතුව රජය ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හරහා 2022 දී මෙන් ආර්ථික අපායකට ඇද නොවැටි ඉදිරියට යාමේ පදනම සකසා ඇති බව ද සඳහන් කළේය

විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩුව පියවීමට රාජ්‍ය බැංකු වලින් දිගින් දිගටම ණය ලබාගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ තත්ත්වය හමුවේ එම බැංකු දුර්වල වී කඩාවැටීම වළක්වා ගැනීමට රජය විසින් ජනතා බදු යෙදවීමට සිදුව ඇති බවද පෙන්වා දුන්නේය

මහා පරිමාණ අඩු වියදම් පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන විදුලි ජාලයට එක් කිරීමට අවශ්‍ය සියලුම නීතිමය බාධක ඉවත් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා අකාර්යක්ෂම විදුලිබල මණ්ඩලය කාර්යක්ෂම ආයතනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ නීති රීතිද මේ වන විට සම්පාදනය කෙරෙමින් ඇති බවද සඳහන් කළේය.

සෑම මසකම රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93ක්, අස්වැසුම, ඖෂධ, විශ්‍රාම වැටුප් ඇතුළු මහජන සුබසාධනයට රුපියල් බිලියන 30ක්, ණය පොළී ගෙවීමට රුපියල් බිලියන 220ක් වශයෙන් ප්‍රධාන වියදම් 03ක් සඳහා පමණක් මාසිකව රුපියල් බිලියන 383ක් රජය වැය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

කාලයක් තිස්සේ සිදුවන බදු පැහැර හැරීම් ඇතුලු අඩු පාඩු සකස් කර ගැනීමේ යෝජනා ගණනාවක් මෙවර අයවැයට ඇතුළත් කර තිබෙන බවත් ඒ ඔස්සේ රාජ්‍ය ආදායම් වැඩිකරගත් විට අදට වඩා බදු සහන ලබාදීමට හැකිවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය

රාජ්‍ය වියදම්වලින් 35%ක් වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට බව 2024 අය වැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්ගේ බර මුළුමනින්ම මහජනතාව මත පැටවී ඇති බවත්, ජාතික සම්පත් කියමින් තවදුරටත් ඒවායේ බර ජනතාව පිට පටවන දේශපාලන කණ්ඩායම් සිදු කරන්නේ රට ආපස්සට ඇද දැමීමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තය සඳහා වෙන් කිරීම හුදෙකලා සිදුවීමක් නොව, නුවරඑළිය සංවර්ධන සැලැස්මේ කොටසක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ඓතිහාසික ගොඩනැගිලි නිසි අවස්ථාවේ සංචාරක කර්මාන්තය වැනි විදේශ විනිමය උපයන කටයුත්තකට යොදා නොගතහොත් ගාලු තැපැල් කාර්යාලයට අත් වූ ඉරණම අත්විය හැකි බවද සඳහන් කළේය.

මෙතෙක් මෙරට ක්‍රියාත්මක වූ දේශපාලන සහ ආර්ථික සංකල්ප අසාර්ථක බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලන ක්‍රමයත්, ආර්ථික ක්‍රමයත් මුළුමනින්ම කණපිට හරවා අලුත් ඇසකින් බැලිය යුතු බව පැවසීය.

අතීත අත්දැකීම්, ගෝලීය ප්‍රවණතා, අනාගත අභියෝග යන සියල්ල සලකා බලා අපටම අනන්‍ය ආර්ථික හා දේශපාලන ක්‍රමයක් අප නිර්මාණය කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.

2021 වසරේ මෙරට ප්‍රාථමික අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.7%ක් වූවත් 2023 මුල් භාගයේ මෙරට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමට සමත් වූ බව 2024 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

2022 සැප්තැම්බර් මාසයේ 70%ක් දක්වා ඉහළ නැංවී තිබූ උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසය වන විට 1.5%ක් දක්වා අඩු කිරීමට හැකි වූ බවත් එදා බින්දුවට වැටී තිබූ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් දක්වා ඉහළට ගෙන ඒමට හැකි වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙවර අයවැය රටේ අනාගතය නිර්මාණය කරන, වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූල නව ආර්ථික පදනමක් දමන අයවැයක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මැතිවරණ ජයග්‍රහණයට වඩා තමන්ට වැදගත් වන්නේ රටේ ජයග්‍රහණය බව අවධාරණය කළේය.

රජයේ සේවකයන්ට දැනට හිමිවන රුපියල් 7800ක ජීවන වියදම් දිමනාව 2024 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් රුපියල් 10,000කින් වැඩි කෙරේ.

රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් වැඩි කරන අතර ඒ අනුව 2024දී රුපියල් බිලියන 386ක් විශ්‍රාම වැටුප් සඳහා වෙන් කෙරේ.

දුර බැහැර රාජකාරී සඳහා යන පොලිස් නිලධාරීන්ට සුදුසු ගැලපුම් සහිත ආහාර හා නවාතැන් දීමනාවක් ගෙවීම

පසුගිය සමයේ සීමා කිරීම්වලට යටත්ව තිබූ රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය පහසුකම 2024-01-01 සිට පෙර පරිදි ලබාදීමට කටයුතු කෙරේ.

සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා පෙර වසරවල වැය කළ මුදල රුපියල් බිලියන 60ක් වුවත් 2024 වෙනුවෙන් ඒ සඳහා රුපියල් බිලියන 183ක් දක්වා තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ.

අස්වැසුම ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි ගෙවීම් සිදු කිරීමට පියවර ගැනීම.

ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාව රුපියල් 2500කින් වැඩි කෙරේ.

වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් ලබාදෙන මාසික දීමනාව රුපියල් 3000ක් දක්වා වැඩි කෙරේ.

අලුත් පවුල් ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභී ලැයිස්තුවට එක් කර ගැනීම වෙනුවෙන් මාස 06කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සමාලෝචනයක් සිදු කෙරේ.

අස්වැසුම වැඩසටහන සහ ආබාධිත පුද්ගලයන්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වන දීමනා සඳහා 2024 දී වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 205ක් දක්වා වැඩි කෙරේ.

ගර්භනී මව්වරුන් වෙත ලබාදෙන රුපියල් 4500ක මාසික දීමනාව ක්‍රමවත්ව ඉදිරියට ගෙන යාමට රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

පසුගිය සමයේ අර්බුදයට මුහුණ දුන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමේ වැඩසටහන ශක්තිමත් කිරීමට රුපියල් බිලියන 30ක සහනදායී ණය පහසුකමක්.

පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට එම ගොවි බිම්වල පුර්ණ පුද්ගලික අයිතිය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

නාගරික අඩු ආදායම්ලාභී පවුල් වෙත පොලී පදනම මත ලබාදී ඇති නිවාස වලින් කුලී අය කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවන අතර ඔවුන්ට එම නිවාසවල අයිතිය ලබාදීමට පියවර ගැනේ.

වතුකරයේ ජිවත්වන ජනතාවට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමිකර දීමේ ආරම්භක පියවර වෙනුවෙන් රුපියල් බිලියන 4ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

බිම් සවිය වැඩසටහන කඩිනමන් නිම කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීමට රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

විමධ්‍යගත අයවැය වැඩපිළිවෙළ යළිත් ආරම්භ කරමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත රුපියල් මිලයන 11,250ක ප්‍රතිපාදන වෙන් කෙරෙන අතර ජාතික ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ එය ක්‍රියාවට නැංවේ.

කඳුකර ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක් ඇතුළත් දස වසරක බහු කාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් 2024 දී ආරම්භ කෙරේ. ඒ සඳහා 2024ට රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

සංවර්ධන ව්‍යාපෘති අනුමත කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වාදීම සහ නව ව්‍යාපෘති සමාලෝචනය සඳහා රාජ්‍ය කමිටුවක් ස්ථාපනය කිරීම. එම ක්‍රමවේදයට බැහැර කිසිදු ව්‍යාපෘතියකට රාජ්‍ය මුදල් වෙන් නොකෙරේ.

2024 අය වැය මගින් ප්‍රාග්ධන වියදම් සඳහා වන ප්‍රතිපාදන රුපියල් බිලියන 1260ක් දක්වා ඉහළ නැංවීම. මෙය දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%කි.

ආර්ථික අර්බුදය නිසා තාවකාලිකව නවතා දැමුණු ව්‍යාපෘති නිම කිරීම සඳහා රුපියල් බිලියන 55ක අතිරේක ප්‍රතිපාදන යෙදවේ.

සංවර්ධන ව්‍යාපෘතිවලින් අපේක්ෂිත අරමුණු නිසි කලට ඉටු කිරීම සඳහා 2024 සිට සෑම අමාත්‍යාංශයකම විශේෂ ඒකකයක් පිහිටුවීම.

අබලන් වූ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරන අතර ස්වභාවික විපත් හේතුවෙන් හානියට පත් මාර්ග හා පාලම් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 2000ක් වෙන්කෙරේ.

රටේ සෑම පළාතකම පානීය ජලය පිළිබඳ ගැටලු ඇති බැවින් විමධ්‍යගත අරමුදල් යෙදවීමේ දී සහ විදේශ ණය ආධාර ලබා ගැනීමේ දී ජල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීම.

SendShareShare
Previous Post

කෝටියක සල්ලියක් අල්ලස් ගත් බව කියපු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට අද උසාවියෙන් ඇප ලැබෙයි! I Sri Lanka Latest News

Next Post

ආර්ථික අර්බූදය මැද්දෙත් 2022ට වඩා ආණ්ඩුවේ වියදම 47%කින් වැඩි කරගෙන! අයවැයට ඉරාන් දුන්නු ෂොට් එක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.