• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම ජීවත් වෙලා ඉන්නකම් අනුරට ජනාධිපති වෙන්න ඉඩ දෙන්නෙ නෑ කියලා අද බන්ධනාගාර රෝහලේ තපින ලොහාන්ගේ කාටත් අමතක වෙලා ගිය පැටිකිරිය මෙන්න! I Sri Lanka Latest News

November 3, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
මම ජීවත් වෙලා ඉන්නකම් අනුරට ජනාධිපති වෙන්න ඉඩ දෙන්නෙ නෑ කියලා අද බන්ධනාගාර රෝහලේ තපින ලොහාන්ගේ කාටත් අමතක වෙලා ගිය පැටිකිරිය මෙන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලොහාන් රත්වත්තේ යන නම කියූ සැණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ දේශපාලනඥයෙකු ලෙස ඔහු කළ කාර්යයන්ටත් වඩා ඔහු සහ පවුල පිළිබඳ ඇති ආන්දෝලනාත්මක සිදුවීම් ය. ලොහාන් රත්වත්තේ යනු හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයා ය.Sri Lanka Latest News

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඔහු ආන්දෝලනයට ලක්වූයේ, තමා ජීවත්ව සිටින තුරු අනුර කුමාර දිසානායකට මෙරට ජනාධිපති වීමට ඉඩ නොතබන බවට කළ ප්‍රකාශයක් හේතුවෙනි.

“අනුර කුමාර මහත්තයා අවුරුදු 24ක් පම්පොරි ගහලා අද බුදුවෙන්න හදනවා.ජීවිතේට මම ජීවත් වෙලා ඉන්නකං අනුර කුමාර දිසානායක මහත්තයට ජනාධිපති වෙන්න දෙන්නෙ නැහැ කියලා මම ප්‍රකාශ කරනවා” යනුවෙන් ඔහු ජනාධිපතිවරණ රැලියකදී ප්‍රකාශ කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් අනුර කුමාර දිසානායකද මහනුවර පැවති ජනාධිපති රැලයකදී එවකට පවසා සිටියේ “ලොහාන් පසුගියදා මහනුවරදී ප්‍රකාශ කළේ ඔහු ජීවත්ව සිටින තාක් අපට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදෙන බවයි. අපේ ජයග්‍රහණය දැකීමට ඔහු ජීවතුන් අතර සිටිනු දැකීම සතුටක්. නීතිය ඉදිරියේ සියලුදෙනා එක හා සමාන බව ඔප්පු කළ යුතුයි. ඒකට හොඳම උදාහරණය ලොහාන්.” යනුවෙනි.

ලොහාන් රත්වත්තේ පිළිබඳ අලුත් ම සිදුවීම සම්බන්ධයෙන් ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි. ඒ, නොවැම්බර් 7 වන දා දක්වා ය.

2009 වසරේදී මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ ලොහාන් රත්වත්තේ, 2010 වසරේදී පර්ලිමේන්තුවට තේරී පත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසිනි.

2012 වසරේ ඔහු පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්විය. ඔහු මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය දැරී ය. 2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණවලින් ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධූර දැරුවේ ය.

2024 වසරේ ජනවාරි 29 වන දා ඔහු වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්විය.

    නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීම

    ලොහාන් රත්වත්තේ සම්බන්ධ ආසන්නතම ආන්දෝලනය වූයේ නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීම ය.

    එම චෝදනා මත මිරිහාන පොලිසිය විසින් කටුගස්තොට ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, ඉකුත් මස 25 වන දා ලොහාන් රත්වත්තේගේ බිරිඳට අයත් මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු ජීප් රථයක් සොයා ගත් බව ය.

    පසුව අනාවරණය වී ඇත්තේ, එය නීතිවිරෝධීව තබාගෙන සිටින ජීප් රථයක් බව ය.

    පොලිසිය පවසන්නේ, මෙම ජීප් රථය පිළිබඳ විමර්ශන කටයුතු සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගෙන් සහයක් නොලැබුණු බව ය.

    විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම ජීප් රථයේ සඳහන් අංකය ව්‍යාජ හෝ කොටන ලද අංක සහිත එකක් බවය.

    රේගුව සමග කළ සොයා බැලීමකදී මෙම ජීප් රථය මෙරටට නීත්‍යනුකූලව ආනයනය කර ඇති බවට වාර්තා නොවන බව අනාවරණය වී තිබේ.

    මෙම ජීප් රථය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති අතර, එය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිත කරනු ලැබ ඇති බවට අනාවරණය වී ඇතැයි, පොලිසිය සඳහන් කළේ ය.

    ඒ අනුව, ලෝහාන් රත්වත්තේ පොලිස් අත්අඩංගුවට පත් වූයේ, නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීමේ චෝදනා මත ය.

    පෞද්ගලික ලේකම්වරයා වෙඩි වැදී මිය යාම

    ලොහාන් රත්වත්තේ ගැන මෑතකදී යළි කතා බහට ලක්වුණේ, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි වැදී මිය යාම හේතුවෙනි.

    එම සිද්ධිය පිළිබඳ විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබයි.

    ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා මහනුවර, කටුගස්තොට, මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී වෙඩි වැදී මිය ගොස් තිබුණේ, ඔක්තෝබර් 20 වන දා දහවල් කාලයේදී ය.

    එලෙස මිය ගිය පෞද්ගලික ලේකම්වරයාගේ වයස අවුරුදු 50ක් වන අතර, ඔහු වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මිය ගිය ලේකම්වරයාට අයත් බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි වැදීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

    ලොහාන් රත්වත්තේගේ බිරිඳට අයත් නිවසේ තිබී හමුවූ ජීප් රථය, වෙඩි වැදී මිය ගිය පෞද්ගලික ලේකම්වරයා අදාළ නිවසට රැගෙන විත් ඇතැයි හිටපු අමාත්‍යවරයා සහ බිරිඳ පොලිසියට පවසා තිබේ.

    වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ආන්දෝලනාත්මක සංචාර

    2021 සැප්තැම්බර් මස ලෝහාන් රත්වත්තේ යළි ආන්දෝලනයකට ලක්වූයේ, වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සංචාරවලදී කළ බව කියන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙනි.

    සිරකරු දිනය යෙදුණු සැප්තැම්බර් 12 වන දා පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලය පෙන්වා සිරකරුවන් දණගස්වා ඇතැයි කියන සිද්ධිය මහත් ආන්දෝලනයට ලක්විය.

    රාජ්‍ය ඇමැතිවරයා විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින විශේෂ සිර මැදිරිය වෙත ගොස් ඉන් සිරකරුවන් අට දෙනකු පිටතට ගෙන ඔවුන් දණ ගස්වා තිබුණු බව මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.

    එමෙන් ම, සුදර්ශන් නමැති සිරකරුගේ හිසට තුන් වරක් පිස්තෝලය තබා “උඹලා එළියට යවන එක තීරණය කරන්නේ අපි” කියා තර්ජනය කළ බවත්, එය වැළැක්වීමට ගිය අනුරාධපුර බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු බවත් බන්ධනාගාර නිලධාරීන් පෙන්වා දුන් බව එවකට මාධ්‍ය වාර්තා කර තිබිණි.

    බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරය තුළදී සිරකරුවන් දණ ගැස්වී යැයි කියන සිදුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය විසින් ද හෙළා දකිනු ලැබීය.

    එහි නේවාසික සම්බන්ධීකාරකවරිය සිය ට්විටර් සටහනක් තබමින් පැවසුවේ, සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයක යුතුකමක් බව ය.

    වැලිකඩ බන්ධනාගාරයට රාත්‍රී කාලයේ බීමතින් මිතුරන් සමග පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලයක් ද ඇතැතිව එල්ලුම්ගස නැරඹීමට යෑමේ සිද්ධිය ද මහත් ආන්දෝලනයට ලක්විය.

    මෙම සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ කමිටු වාර්තාවක් මගින් අනාවරණය කර තිබිණි.

    ප්‍රසිද්ධ නිරූපිකාවක් ද එහිදී බන්ධනාගරයට රැගෙන ගොස් තිබූ බවට එම අවස්ථාවේදී වාර්තා පළවුවත් එම නිරූපිකාව සහ රාජ්‍ය අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබිණි.

    එම කමිටු වාර්තාව මත පදනම්ව, රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා වහා පියවර ගත යුතු බව සමාජීය හා ආගමික මධ්‍යස්ථාන රජයෙන් ඉල්ලා තිබිණි.

    බීමතින් රුවන්වැලිසෑයට ඇතුළු වීමට තැත් කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

    උඩතලවින්න දස පුද්ගල ඝාතනය

    2001 දෙසැම්බර් 05 දා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර, උඩතලවින්නේදී මුස්‌ලිම් ජාතික තරුණයන් 10 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.

    T56 ගිනිඅවිවලින් ඝාතනය කර තිබූ මෙම පුද්ගලයන්ගේ සිරුරු වෑන් රථයක තිබී සොයා ගනු ලැබිණි.

    මෙම සිද්ධියට සැකපිට එවකට හිටපු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේ, ඔහුගේ පුත් ලොහාන් රත්වත්තේ හා චානුක රත්වත්තේ ඇතුළු සැකකරුවන් 15ක් අත්අඩංගුවට ගනු ලැබී ය.

    නීතිපතිවරයා විසින් අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 15 දෙනකුට මිනීමැරීම සම්බන්ධව අධිචෝදනා ගොනු කරනු ලැබිණි.

    2006 වසරේ ජනවාරි 20 දා මහාධිකරණය විසින් රත්වත්තේවරු තිදෙනා ඇතුළු චූදිතයන් 10 දෙනෙක් චෝදනාවලින් නිදොස් කරනු ලැබූහ.

    මහාධිකරණය මරණ දඬුවම නියම කරනු ලැබූ චූදිතයන් පස්දෙනා එම තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කෙළ්ය.

    මේ අනුව අභියාචනාකරුවන්ගේ පාර්ශවයේ තර්ක පිළිගනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනය පිළිගනු ලැබූ අතර මහාධිකරණ නඩු තීන්දුව නිෂ්ප්‍රභ කරමින් අදාළ විත්තිකාර අභියාචකයන් පස්දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේ ය.

    වාරියපොළ ඩිෆෙන්ඩර් අනතුර

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් ජීප් රථයක් වාරියපොළදී අනතුරකට ලක්විය. වාරියපොළ දන්ගහපොළ ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් ජීප් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට පත්විය.

    ලොහාන් රත්වත්තේගේ පසුගමන් රථය ලෙස ධාවනය කර ඇති මෙය, ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට උත්සහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පොළක ගැටී තිබිණි.

    එහි තිබී ගිනිඅවි කිහිපයක් ද සොයා ගෙන තිබිණි.

    BBC සිංහල

    SendShareShare
    Previous Post

    ලයිට් බිල අඩු කරනවා කිව්වා! අඩුකරලත් නෑ..! අඩු කරන්නෙත් නෑ..! ජනතාව රැවැට්ටුවා! බඩු මිල අඩු කරනවා කිව්වා! අඩුකරලත් නෑ..! අඩු කරන්නෙත් නෑ..! ජනතාව රැවැට්ටුවා! පාස්පෝට් පෝලිම නැතිකරනවා කිව්වා! ඒක කළෙත් නෑ! කරන්නෙත් නෑ! ජනතාව රැවැට්ටුවා! බඩු මිල-ලයිට් බිල අඩු කරන්න පාස්පෝට් පෝලිම නැති කරන්න පාර්ලිමේන්තු බහුතරය ඕන නෑ! I VIDEO I Sri Lanka Latest News

    Next Post

    හැම පැයකටම සැරයක් කකුලක් කපනවා! දියවැඩියාව මුළු රටම වෙලාගෙන! I Sri Lanka Latest News

    MORE NEWS

    හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
    Exclusive

    විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

    අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
    Exclusive

    අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

    මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

    තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

    ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
    Exclusive

    වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

    පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

    Load More
    හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
    Exclusive

    විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

    හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

    Read more
    අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

    අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

    මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

    මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

    තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

    තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

    ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

    වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

    • About us
    • Contact us

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

    No Result
    View All Result
    • Home
    • ePaper
    • Exclusive
    • News
    • Politics
    • Mahawanshaya
    • Astrology
    • Holiday
    • Heart
    • Business
    • ENGLISH

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.