• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්න බිමල් මරදානත් ලස්සන කළා! PHOTOS I Sri Lanka Latest News

April 25, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
ඔන්න බිමල් මරදානත් ලස්සන කළා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ ක්‍රියාත්මක මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසා දීම අද (25) පෙරවරුවේ සිදු විය.Sri Lanka Latest News

දුම්රිය මඟී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් මරදාන දුම්රිය ස්ථානයේ පෞරානිකත්වයට හානියක් නොවන පරිදි තෝරාගත් කොටස් කිහිපයක් පමණක් මෙලෙස නවීකරණය කර තිබෙන අතර ප්‍රධාන ගොඩනැගිල්ල අලුත්වැඩියාව, වේදිකා අංක 05 සහ 06 හි සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, සහ පරිසර අලංකරණ කටයුතු මේ යටතේ සිදු කර තිබේ. මේ සඳහා රුපියල් මිලියන 35ක් වැය කර තිබෙන අතර අක්බාර් සමාගම ඊට මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත. මාස හයක කාලයක් තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ NIO engineering ආයතනයේ උපදේශන සේවාව අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත්ව සිදු කර තිබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දුම්රිය ස්ථානයක් වන මරදාන දුම්රිය ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන අතුරින් දෙවෙනි විශාලතම දුම්රිය ස්ථානයයි. දේශීය හා විදේශීය මගී ජනතාව දිවයිනේ සෑම පළාතකටම ගමනාගමන පහසුකම් සපයා ගැනීමට පැමිණෙන මරදාන දුම්රිය ස්ථානය අදියර කිහිපයක් යටතේ නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ පසුගිය කාලය තුළ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද ප්‍රමාදයකින් තොරව මාස හයක් වැනි කාලයක් තුළ ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළු පරිශ්‍රය තුළ තිරසර නවීකරණයක් සිදුකර තිබෙන බවයි. මෙම පොදු පහසුකම් නිසි පරිදි පරිහරණය කිරීම, සුරක්ෂිතව රැකබලා ගැනීම, මගී ජනතාවගේ මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේද ප්‍රමුඛ වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, රටේ යහපත ප්‍රාර්ථනා කරන සියලු ප්‍රජාව මෙවැනි ජාතික සම්පත් රැකගැනීමට එක්විය යුතු බවත්, පොදු දේපළවලට සිදුකරන නාස්තියට හා හානියට එරෙහිව සමාජය පෙළගැසිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පසුගියදා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයෙන් පසු ඊට සිදුකර තිබූ හානියට දැඩි සමාජ විරෝධයක් පැමිණි බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය රජයට විශාල සමාජ ශක්තියක් වු බවත්, එබැවින් මෙම මහජන දේපළ සහ පෞරාණික උරුම සුරක්ෂිත කිරීම පුරවැසි වගකීමක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය, අක්බාර් බ්‍රදර්ස් සමාගමේ උප සභාපති අස්ගි අක්බාර් අලි, අධ්‍යක්ෂ හුසෙයිෆා අක්බාර් අලි, අධ්‍යක්ෂ හතීම් අක්බාර් අලි, කළමණාකාර අධ්‍යක්ෂ රජීව් ද අල්විස්, මෙහෙයුම් කළමණාකරු තුෂාර ලක්ෂ්මන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-04-25

SendShareShare
Previous Post

සජබය ප්‍රමුඛ විපක්ෂය කරුවලගස්වැව බලය අල්ලයි! 68න් 44ක් පොදු විපක්ෂයට! ඒකෙනුත් 26ක් සජබෙන්! මාලිමාවට 24යි! Sri Lanka Latest News

Next Post

පිළිකාවත් එක්ක සටන් වදින අම්මා වෙනුවෙන් මයික් එක ඉල්ලාගෙන වේදිකාවට නැග්ග පුතා කියපු සින්දුව! “ජීවිතයට වඩා වටිනවා අම්මා – මේ ලෝකෙට වඩා වටිනවා අම්මා – මට වැඩියෙන් දවසක් අම්මා – ජීවත් වේවා මගේ අම්මා…” I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.