• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අඩු කළා! වැඩි කළා! එකතු කළා! කැපුවා! වෙනස් කළා! ආදායම බිලියන 4990යි! වියදම බිලියන 7190යි! අයවැය හිඟය බිලියන 2,200යි! අනුරගේ මුල්ම අයවැය මෙන්න!  I Sri Lanka Latest News

February 17, 2025
in Exclusive
Reading Time: 18 mins read
A A
ජනතාවට ඉඩම්! තරුණ තරුණියන්ට පොලිසියේ රැකියා! ජනපති මැදුර ව්‍යාපෘතියකට! පරන්තන්-මාන්කුලම්-කන්කසන්තුරේ කර්මාන්ත කලාප! යාපනයට ගිය අනුරගෙන් පොරොන්දු රැසක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.Sri Lanka Latest News

එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,200කි.

වැඩිහිටියන්ට වාසියක්!

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රු මිලියන 15,000ක් වෙන් කෙරෙන අතර, එය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

පෞද්ගලික අංශයේ සේවකයන්ටත් පඩි වැඩිවෙනවලු!

පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබේ.

ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මාසය වන විට රුපියල් 27,000ක් ලෙස සහ 2026 වසරේ ජනවාරි මාසය වන විට එය රුපියල් 30,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

මේ සඳහා සේවායෝජකයින්ගේ සංගමය එකඟ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.

පෙන්ෂන් වැඩිවෙනවා!

විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000කින් වැඩි කර ඇති බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

නමුත් 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින් 2016 /2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් විශමතා ඇති වන බව නිරීක්ෂණය කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛනයේ 3/2016 අනුව 2020 වසරට අදාළ වැටුප් පරිමාණයන්ට අනුරූප අධියර තුනකින් සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. 

ඒ අනුව 2020 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

රාජ්‍ය සේවක පඩි වැඩිවෙන්නේ මෙහෙමයි!

වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ.

ඒ අනුව රාජ්‍ය අංශයේ අවම මුලික වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මුලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු 8,250ක ශුද්ධ වැඩිවීමක් මුලික අවම වැටුපට අදාළ සිදුකිරීමට ද යෝජනා කර තිබේ.

මීට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සඳහා ද මෙය ඇතුළත් වේ.

රු 15,750කින් අවම වැටුප වැඩිකිරීමට අමතරව, වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් වැඩි කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව රු 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රු 450 දක්වා ඉහළ යනු ඇති බවත් රු 500ක වැටුප් වර්ධකය රු 900 දක්වා වැඩි කරන බවටත් යෝජනා විය. 

මෙම වැටුප් වැඩිකිරීමේ සමස්ත ඇස්තමේන්තුව වියදම රු බිලියන 325ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වැටුප් වැඩිවීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිත බවත් ඒ අනුව මුල් ශුද්ධ වැටුප රු 5,000ක් සහ ඉතිරි  මුදල 30%ක් 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන අතර, ඉතිරි 70% 2026 සහ 2027 වසරේ ජනවාරි මාසයේ දී සමාන කොටස්වලින් ලබාදීමට නියමිත බවත් ජනාධිපතිවරයා පැවසීය. 

එබැවින් 2025 වසරේ යෝජිත වැටුප් වැඩිකිරීමට රු බිලියන 110ක් වෙන්කිරීමට නියමිතය.

රස්සා 30000ක් දෙනවා!

මේ අතර, රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු පිරවීමට 30,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව 2025 වසරේ දී රු මිලියන 10,000ක් වෙන් කිරීමට නියමිත බව ද අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිරිගැන්වීම හා ත්‍යාග පිරිනැමීමේ ක්‍රම ගවේෂණය කරමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

රට රස්සා කරන අය ගොඩ!

අද (17) පාර්ලිමේන්තුවේ දී මංගල අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එහි පළමු පියවර ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු නිදහස් සීමාව වැඩි කිරීමට යෝජනා කර තිබේ.

දීමනාව සඳහා වන නිර්ණායකයන් හා පදනම ප්‍රසිද්ධ කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

වකුගඩු රෝගීන්ගේ, ආබාධිවූවන්ගේ සහ වැඩිහිටි දීමනාව මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා කර තිබේ.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, වකුගඩු රෝගීන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා ලබාදෙන මාසික දීමනාව රු 7,500 සිට රු 10,000 දක්වා වැඩි කිරීමට නියමිත බවය.

වැඩිහිටියන්ට ලබාදෙන මාසික දීමනාව රු 3,000 සිට රු 5,000 දක්වා මේ වසරේ අප්‍රේල් මාසයේ සිට වැඩිකිරීමට යෝජනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට රු බිලියන 232.5ක් වෙන් කර ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම අඩු ආදායම් ලබන පවුලක එක් සිසුවෙක් සඳහා පොත්පත් මිල දී ගැනීමට රු 6,000ක මුදල දැනටමත් ක්‍රියාත්මකය.

සැමට අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් 2019 සිට සංවර්ධනය නොවූ පාසල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 1,000කට අධික ප්‍රමාණයක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

2025 මංගල අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ  බව පැවසීය. 

මහපොළ වැඩිකළා!
 
විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මක වර්ධනය උදෙසා රුපියල් බිලියන 135ක් මේ වන විටත් වෙන් කර අවසන් බව ජනාධිපතිවරයා එහි දී පවසා සිටියේය.

තව ද මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 සිට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනා රුපියල් 4,000සිට රුපියල්  6,500ක් දක්වා වැඩි කිරීමටත් කටයුතු කර ඇති අතර මේ සඳහා මේ සඳහා වෙන්කර ඇති මුලද රුපියල් මිලියන 4,600කි. 

මෙම දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දීමට කටයුතු කර ඇත.

මේ අතර පෙරපාසල් ළමුන්ගේ පෝෂණ අවස්ථා වෙනුවෙන් උදෑසන ආහාරය සැපයීම සඳහා එක් ආහාර වේලක් වෙනුවෙන් වෙන් කර තිබූ රුපියල් 60ක මුදල් ප්‍රමාණය රුපියල් 100 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1,000කි.

තෝරාගත් මුල් ළමාවිය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80ක් වෙන් කිරීමට කටයුතු කර ඇත. 

තව ද, පෙරපාසල් ගුරුවරු වෙනුවෙන් ලබා දෙන දීමනාව මෙම වසරේ ජුනි මාසයේ සිට තවත් රුපියල් 1,000කින් වැඩි කිරීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 100කි.

ගොවියන් ගැනත් බලලා!

වී ගොවිතැන ආරක්ෂා කිරීමේ අරමුණින් මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන තිබේ.

2024 – 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව අද (17) පාර්ලිමේන්තුවේ දී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.

එම කන්නය සඳහා රු මිලියන 5,000ක් වී මිලදී ගැනීමට වෙන්කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, පොහොර සහනාධාරය සඳහා මේ වසරට රු මිලියන 35,000ක් වෙන්කරන බව ද කියා සිටියේය.

කෘෂිකර්මාන්තයට අදාළව යාවත්කාලීන කළ දත්ත සහ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

වී සහ සහල් එකතු කිරීමට හා ගබඩා කිරීමට අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

කෘෂිකර්මාන්තය මුලික කරගෙන ව්‍යාපාර ආරම්භ කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා රු මිලියන 500ක් වෙන් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මන්ත්‍රී වරප්‍රසාද කැපුවා!

2025 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඒ මහතා පවසා සිටියේ, මහජන නියෝජිතයින්ට ලබාදෙන දීමනා සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් සමස්ත පද්ධතියම සමාලෝචනය කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඒ අනුව ලක්ෂ 10ට පැවති රක්ෂණය රුපියල් ලක්ෂ 2 හමාරට දක්වා අඩුකරන බව ද පැවසු ජනාධිපතිවරයා පැවසීය.

වියදම් කළමනාකරණයේ දී දේශපාලන නායකයින් ලෙස රටට ආදර්ශයක් ලබාදීමට ඇමති මණ්ඩලය, අමාත්‍යවරු 21කට සීමා කළ බවත්, රජයේ වියදම් අඩු කරමින් අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් තාර්කීකරණය කර ඇතැයි ද කියා සිටියේය.

ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරු සම්බන්ධයෙන් වෙන් කළ පොදු සම්පත් ඵලදායි ලෙස මහජන සංචිතයට යොමු කිරීමට කමිටුවක් දැනටමත් පත්කර ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

අධික නඩත්තු වියදම් දැරීමට සිදුවන රජයේ සියලු සුඛෝපභෝගි වාහන මාර්තු මාසයේ වෙන්දේසි කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

තෝරාගත් රජයේ නිලධාරීන්ට සුදුසු මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම හරහා වාහන සඳහා වු අධික වියදම් අවම කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

“මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලැබෙන්නෙත් නෑ. මේ අවුරුද්දේ වාහනත් නෑ. අයවැයෙන් මුදල් වෙන්කරලා නෑ. ඒක දරාගන්න බෑ”

2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ඔහු වැඩිදුරටත් සඳහන් කරේ, සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි.

සංචාරක ක්ෂේත්‍රයේ වෙනසක්!

තවද, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා පවසා සිටියේ ය.

මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්,  Brand City නිර්මාණය කීරීමට අපේක්ෂා කරන බව ද,   ජනාධිපතිවරයා  එහි දී වැඩි දුරටත් පවසා සිටියේය.

SendShareShare
Previous Post

අනුර මෙන්න අයවැය ඉදිරිපත් කරනවා! සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත්ව සජබ නායකත්වයෙන් පන්නලා පක්ෂ නායකත්වයයි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයයි ගන්න 2019 ඉඳන් USAID එකෙන් කෝටි ගණන් ගත්ත දේශපාලඥයා කව්ද? I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.