ගෑස්, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ගැටළු විසඳීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජූලි 12 වන අඟහරුවාදා වන විට ගෑස් සහ ඉන්ධන තොග ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.
විපක්ෂය විසින් ප්‍රචාරය කරන වැරදි පණිවිඩවලට නොරැවටෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවති සාකච්ඡා සාර්ථක වී ඇති අතර ඉදිරි සති කිහිපය තුළ මූල්‍ය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
අර්බුදය විසඳීමට බොහෝ සැලසුම් සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසුව, එහි ප්‍රතිඵල දැන් පැහැදිලිව පෙනෙන බව ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.
රටේ පවතින ගැටලු විසඳීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනාධිපතිතුමා පැවසීය.
අත්‍යාවශ්‍ය ඖෂධ තොග ලැබී ඇති බවත්, පළමු පොහොර මෙට්‍රික් ටොන් 44,000ක තොගය හෙට ඉන්දියාවෙන් පැමිණීමට නියමිත බවත්, ජූලි 12 සිට ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සිදු කරන බවත්, ආහාර හිඟය වැළැක්වීම සඳහා වැඩසටහන් කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කර ඇති බවත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.










