• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

May 8, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Share on WhatsAppShare on Facebook

මේ උදාවෙමින් තිබෙන්නේ නිතරම ඇඟ හිරිවැටෙනා කතන්දර අසන්නට ලැබෙන කාලයයි. මිල ගණන් ඉහළ යෑම, හදිසියේ සිදුවන අත්අඩංගුවට ගැනීම්, සමහර පහරදීම්, බොහෝ සිදුවීම් නිසා අපි ඉන්නේ නිතර ඇඟ හිරිවැටෙනා තත්ත්වයකය. ඒ අතර රෝහල්වල බෙහෙත් නැති වීම, රෝගීන් මියයෑම ඇතුළු බොහෝ ඇඟ හිරිවැටෙනා කතන්දර වගේ වගක් නැතුව අසා සිටින දේශපාලකයන් ගැනද අපට ඇත්තේ හිරිකිතක් සහ අප්‍රසන්න හැඟීමකි. මේ සියල්ල අතර අප විසින් මේ ලියනුයේ ඒ සියල්ලටම වඩා ඇඟ හිරිවැටෙනා කතාවකි. ඒ, 1990 සුවසැරිය ගිලන් රථ සේවය වැසී යෑමට නියමිතය කියනා බය හිතෙනා, ඇඟ හිරිවැටෙනා ප්‍රවෘත්තිය ගැනය.

මේ ගිලන් රථ සේවය වැසී යා හැකි යැයි අප කියන්නේ හිතලුවක් නිසා නොවේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින ප්‍රශ්නවලට අනුව 1990 සුවසැරිය ගිලන් රථ සේවය නොව අවශ්‍ය ඕනෑම වෙලාවක ඕනෑම අත්‍යාවශ්‍ය දෙයක් වැසී යෑමට නිමා වීමට ඉඩ ඇති බව සාමාන්‍ය සත්‍යයයි. ආචාර්ය හර්ෂ ද සිල්වා මේ ඇඟ හිරිවැටෙනා කතාව පසුගියදා පාර්ලිමේන්තුවේදී කීවේය. ඒ මෙහෙමය.

‘1990 සුවසැරිය දුවන්න සල්ලි නෑ. මේ තත්ත්වය මට සභාපතිවරයා විසින් කිව්වා. අගමැතිතුමා ඔබට කියන්න අවශ්‍යයි මේ ගිලන් රථ සේවාව හෙට වැහෙයිද දන්නෙ නෑ. මේ වන විට 1990 සුවසැරිය හරහා එක දවසකට අසාධ්‍ය රෝගීන් දහසකට වැඩි ප්‍රමාණයක් රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකවලට ගෙන එනවා. මම පුද්ගලිකව ඉල්ලා සිටිනවා පුළුවන් ඉක්මනින් මෙම හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා ප්‍රතිපාදන වෙන් කරන්න…’

ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියූ පරිදි මෙය කළ හැකිද? මෙය කළ යුතු බව සත්‍යයකි. ආචාර්ය හර්ෂ ද සිල්වාට 1990 ගැන ඇත්තටම අමාරුවක් තිබේ. ඒ, 1990 නිර්මාතෘ ලෙස, 1990 ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා ලෙස ඔහුට තිබෙනා කැක්කුමයි. මෙය ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් දේශපාලකයන් විසින් රටට හඳුන්වා දෙන ලද අතිවිශිෂ්ට සේවයක් බව අප විශ්වාස කරමු. නමුත් සුවසැරිය ගිලන් රථ සේවාව ලංකාවට පැමිණෙන්නේ පුදුම දුෂ්කරතා රාශියක් මැදය. බොහෝ විට සුවසැරියට ලංකාවට එන්නට නොදී එය අවහිර කරන්නට කටයුතු කළ අය ගැන අපටද අසන්නට ලැබුණේය. දැනට සුවසැරිය ගිලන් රථ සේවාව හඳුන්වා දී වසර 6ක් පමණ ගතවී අවසන්ය. මේ වසර 6 ඇතුළත බොහෝ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට සුවසැරිය සමත්විය. සාමාන්‍යයෙන් සුවසැරිය ගිලන් රථ සේවාවේ කාර්ය සම්බන්ධව හඳුන්වා දීමේදී මිනිත්තු 12කට අඩු කාලයකදී රෝගියෙක් රෝහල්ගත කිරීමේ මූලික කාර්යභාරය සුවසැරියෙන් සිදුවේ. එසේම සුවසැරිය ගිලන් රථය තුළ සහ සුවසැරිය ගිලන් රථ සේවකයන් පැමිණි වහාම අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකරන අතර එම මූලික ප්‍රතිකාර සිදුකිරීමේදී රෝගියාට ශාරීරික හානියක් නොවන ආකාරයෙන් සහ රෝගියාගේ අභ්‍යන්තර අවයවවලට කිසිදු හානියක් නොවන ආකාරයෙන් රෝහල්ගත කිරීම ඇතුළු බොහෝ සාමාන්‍ය මනුෂ්‍යයකුට කළ නොහැකි කාර්යයන් කිරීමට මෙම කාර්ය මණ්ඩල පුහුණු වී සිටී. 1990 ගිලන් රථ සේවය ශ්‍රී ලංකාවට ලැබුණේ ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙසය. මෙය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන විට වෛද්‍ය පාදෙණියලා ඇතුළු කණ්ඩායම් රාශියක් එය බිල්ලෙක් බව කියාපාමින් මෙය නවත්වන්නට උත්සාහ කළේය. මේ තුළ රෝගීන් මියයා හැකි බවත්, රෝගීන්ගේ වකුගඩු පවා අතුරුදන් විය හැකි බවත් මේ අය බොහෝ තැන්වල කියා තිබිණි. නමුත් එය සත්‍යයක් නොවූ අතර, මේ වන විට දිනකට ඇමතුම් 5,000කට අධික ප්‍රමාණයක් ලැබෙන තත්ත්වයට මෙම ගිලන් රථ සේවය පත්ව තිබේ.

සුවසැරිය ගිලන් රථ සේවයේ වඩාත් විශිෂ්ටතම සේවා කාලය ලෙස හඳුන්වා දිය හැක්කේ ශ්‍රී ලංකාවේ ඇතිවූ බරපතළ කොවිඩ් ව්‍යසන කාලයයි. එහිදී කොවිඩ් රෝගීන් අතිවිශාල ප්‍රමාණයක් රෝහල්ගත කරන්නට ඔවුන්ට හැකියාව ලැබිණි. ඒත් සමගම එම රෝගීන් සඳහා වෙන කිසිම ක්‍රමවේදයක් නොමැතිව රෝගීන් මියයා හැකිව තිබුණු අවස්ථාවලදී මේ ගිලන් රථ සේවය සිදුකළේ කිසිසේත්ම කියා ලියා නිමකළ නොහැකි සේවයකි. 1,394ක් වූ කාර්යමණ්ඩලයකුත්, ගිලන් රථ 297කුත් මෙම ක්‍රියාන්විතයට එක්ව තිබේ. එසේම 2021දී නව ගිලන් රථ 112ක් සුවසැරිය ගිලන් රථ සේවයට හඳුන්වා දීමටද කටයුතු සූදානම් විය. සුවසැරිය ගිලන් රථ සේවයේ සේවකයෝ බොහෝ විට මෙම ගිලන් රථය තුළ නිදාගනිති. ආහාරයක් මිලදී ගන්නට තැනක් නොමැති කාලයේ රට වසාදමා තිබූ කාලයේ නූඩ්ල්ස් පැකට් එකක් කොහේ හෝ පාරක හිඳ සකස් කරගනිමින් මේ ගිලන් රථ සේවය කළ බව ලියුම්කරු පෞද්ගලිකව දන්නා කාරණයකි. ඒ නිසා සුවසැරිය ගිලන් රථ සේවය නැති දිනෙක ලංකාවට කුමක් වේදැයි හිතන එක ඇඟ හිරිවැටෙන කතාවකි. පාරේ අනතුරක් වූ විට එම රෝගියා රෝහල්ගත කිරීම සඳහා සාමාන්‍යයෙන් කිසිවකු ඉදිරිපත් නොවීම ලංකාවේ නීතියේ ඇති ප්‍රශ්නයකි. රෝහල්ගත කළ දා සිට එම රෝගියා නිවෙසට යන තෙක් රෝගියා රෝහල්ගත කළ පුද්ගලයාට මුහුණ දෙන්නට සිදුවන්නේ විශාල දුක් ගැහැට ප්‍රමාණයකටය. සමහර විට ඇතැම් තැනක රෝගියෙක් මියයා නම් එම රෝගියාගේ මෘත ශරීරය රෝහලට රැගෙන යෑම දක්වාම රෝහල්ගත කළ පුද්ගලයාට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවේ. ඇතැම් විට ඔහුට පොලිසියට යන්නට, නීතිමය කාර්යයන්ට මැදිහත් වන්නට පවා සිදුවන නිසා බොහෝ විට අනතුරක් දුටු විට සාමාන්‍ය පුද්ගලයෝ කරන්නේ නොදැක්කා සේ යෑමය. එසේ යෑමට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කර තිබෙන නිසා අපට මිනිසුන්ට ඇඟිල්ල දිගු කළ නොහැකිය. නමුත් සුවසැරිය ගිලන් රථ සේවය නිසා එය සම්පූර්ණ වී ගියේය. එසේම රෝගියෙක් රෝහල්ගත කිරීමේදී රෝගියාට අනතුරෙන් සිදුව ඇති හානියට වඩා රෝහල්ගත කිරීමට රෝගියා රැගෙන යෑමේදී සිදුවිය හැකි හානිය විශාල බව සාමාන්‍ය පිළිගැනීමයි. එහිදී කශේරුකාවට හානි වූ රෝගීන්, බාහිරව තුවාල නොපෙනෙන නමුත් අභ්‍යන්තර අවයවවලට හානිවී ඇති රෝගීන් රෝහල්ගත කිරීම සඳහා අවශ්‍ය විශේෂ බෝඩ්, විශේෂ බෙල්ට් ඇතුළු සියල්ල මේ ගිලන් රථ සේවය සතුව තිබේ. නමුත් සාමාන්‍ය පුද්ගලයකු සතුව එවැනි දෑ නැත. ඒ නිසා ගිලන් රථ සේවය නැති දිනෙක සමහර විට රෝගීන් මියයන්නේ හෝ සදාකාලික අබ්බගාත තත්ත්වයට පත්වන්නේ මේ රෝගියාට සිදුවූ අනතුර නිසා නොව නොතේරුම්කම් සහිත මිනිසුන් විසින් රෝගීන් රෝහල්ගත කරන්නට යෑම නිසාය. සමහර විට රෝගියාගේ හෘද ස්පන්ධනය නතර වී ඇති විට, රෝගියාගේ නාඩි නොවැටෙන විට, ඔහුට කෘත්‍රිම ශ්වසනය ලබාදෙන්නට, ඔහුගේ හෘදය නැවත පණගැන්වීමේ ව්‍යායාමය සිදුකරන්නට මේ සේවකයන් හොඳින් දැන සිටියි. නමුත් ඒ කිසිවක් නොදන්නා අපට 1990 ගිලන් රථ සේවය නැති දිනෙක කරකියා ගන්නට දෙයක් නැතිවනු ඇත. ඔබද මමද සමහර විට මහ මඟදී ජීවත් වීමට ඕනෑ තරම් ඉඩකඩ තියෙද්දීත් මියයෑමට ඉඩ තිබේ. ඒ නිසා තත්ත්වය හිතනවාට වඩා බරපතළය.

කොවිඩ් වැනි බරපතළ ව්‍යසනයක් පැමිණි විට එය රෝගියාගෙන් රෝගියාට ඉතා ඉක්මනින් බෝවන රෝගයක් නම් ඉන් ආරක්ෂා වීම සඳහා ඔවුන් රෝහල්ගත කිරීමට, එසේත් නැතිනම් හෘද ස්පන්ධනය නතර වීමට පෙර රෝහල්ගත කිරීමට, එසේත් නැතිනම් ඔහුට අවශ්‍ය ශ්වසනාධාරකවලට සවි කිරීමට කාලය නොමැති විට ඒ සඳහා සාමාන්‍ය පුද්ගලයන් ඉදිරිපත් වන්නේ නැත. සාමාන්‍ය පුද්ගලයන්ට ඒ සඳහා දැනුමද නැත. ඒ නිසා 1990 නැති දිනෙක බොහෝදෙනකුට මියයෑමට සිදුවන එක අනිවාර්යය. එසේම ස්වභාවික ආපදාවකදී රටේ සිදුවන නායයෑමකදී, එසේත් නැතිනම් විශාල අනතුරකදී අප මුලින්ම කතා කරන්නේ 1990 සුවසැරිය ගිලන් රථ සේවයටය. නමුත් ඔවුන් නැති විට අපට කතා කරන්න කෙනෙක් නැත. කියන්නට කෙනෙක් නැත. පිහිටක් යදින්නට කෙනෙක් නැත. අදද රෝගියකුට රෝහලට යෑ නොහැකි නම් ඔහු සතුව වාහනයක් නැති නම් ඔහුට අසාධ්‍ය නම් වාහනයක් තියෙද්දීත්, මූලික ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයක සිටී නම් අප සිදුකරන්නේ ජංගම දුරකතනයෙන් 1990 ඇමතීමය. එසේ නොමැති නම් 1990 ඇප් එක ජංගම දුරකතනයේ ඇත්නම් කළ යුතුව ඇත්තේ මට කරදරයක් සිදුව ඇති බව සුවසැරියට දැන්වීම පමණි. ඔවුන් ඔබ සොයා පැමිණීමට නියමිතය. සාමාන්‍යයෙන් විනාඩි 12ක් ගතවීමට පෙර ඔබ සොයා එන්නට ඔවුන් ක්‍රමවේදයක් සකසා තිබේ. 1990 ගිලන් රථ සේවය යනු එසේ මෙසේ කටයුත්තක් නොවන බව රාජගිරියේ සුවසැරිය මධ්‍යස්ථානයට ගිය ඕනෑම කෙනකුට තේරෙන කාරණයකි. ඔවුන් කොවිඩ් වසංගතය දරුණුවටම පැතිරෙන කාලයේ රෝගීන් රෝහල්ගත කළ නොහැකිව මුළු රටම බරපතළ ව්‍යසනයකට ගිය කාලයේ රෝගීන් සඳහා මූලික ප්‍රතිකාරවත් ලබාදීගත නොහැකිව මුළු ලෝකම අසරණව සිටි කාලයේදී අපේ රටේ රෝගීන් නිවෙසේ මියයෑමට නොදී හැකි ඉක්මනින් රැගෙන යෑමට හැකි උපරිමයෙන් උත්සාහ කළේය. නමුත් හෙට 1990 නැති රටක මේ සියල්ල කරන්න අපට පිහිටට කවුරුවත් එන්නේ නැත. අප නියත වශයෙන්ම අසරණ වීමට නියමිතය. ඒ නිසා 1990 ගිලන් රථ සේවය රැකගත යුතුය. ආරක්ෂා කළ යුතුය.

පරණ බිල්ලා මවා පෙන්නා යළි 1990 අපෙන් උදුරා ගන්නට නම් දේශපාලකයන්ට කිසිසේත් ඉඩ නොදිය යුතුය. දිවි හිමියෙන් කැපවී දිවි පරදුවට තබා 1990 රැකගත යුත්තේ අදට නොව හෙටටය. ඊළඟ පරම්පරාවටය. 1990 නැති රටක් ගැන අපට හිතන්නටවත් නොහැකිය. ඒ තරමටම එය භයානක සිහිනයක් වැනි දෙයකි. ඒ කුමක් නිසාදැයි ජීවිතයේ එක් වතාවක් හෝ 1990 ගිලන් රථ සේවයකින් රෝහල්ගත වූ එසේ නැති නම් 1990 ගිලන් රථයකින් මූලික ප්‍රතිකාර ලබාගත් තමන් අසාල්වාසියෙක්, දන්නා කෙනෙක් 1990 රෝහලට යැවූ, මාර්ග අනතුරක් වූ විට 1990 ගිලන් රථයක් පැමිණෙන තෙක් බලා සිටි, 1990කට ඇමතුමක් ගත් යම් කිසිවෙක් වේ නම් ඔබට වැටහෙනු ඇත. 1990 කරන ලද සේවයෙන් ඔබ හෝ ඔබේ ඥාතියෙක් හෝ දන්නා කෙනෙක් හෝ අසල්වැසියකු හෝ ප්‍රතිකාරයක් ලබාගෙන නොමැති නම් එය කිසිසේත්ම විය හැක්කක් නොවේ. ඒ තරමටම 1990 යනු අපේ මිතුරෙකි. මේ මිතුරා රැක ගන්නට දිවි හිමියෙන් කැපවිය යුතුය. ඒ සඳහා සටන් කළ යුතුය. ඒ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ඉල්ලීම් කළ යුතුය. එසේ නොමැති වුවහොත් බලධාරීන් මේ ආදරණීය මිතුරා අපෙන් උදුරාගෙන ඔබත් මමත් මහ මඟ මියයන තැනට පත්කරනු ඇත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විභාග සමත්වෙන්න බලගතු උපක්‍රමයක්…

Next Post

හෙට අරලිය ගහ මැදුරට මහසෙනගක්! පාගමනින් ජනපති මැදුරට යන්න සියල්ල ලෑස්තියි!

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.