ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිරස රූපවාහිනියේ ‘අර්ථ තර්ක’ වැඩසටහනේදී පළකළ අදහස් මෙසේය. (Sri Lanka Latest News)
Fitch, Standard and Poor, Moody කියන ආයතන අපිව ණය පැහැරහරින්නන්ගේ ගණයට දැම්මා. ඒගොල්ලෝ සටන් කරලා තමයි ඒක ගත්තේ. සාමාන්‍ය ජනතාවට අද එකඟ වෙච්ච එකට වඩා අහිතකර තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබුණා. ජනාධිපතිතුමා 26 වැනිදා ප්‍රකාශයක් කරලා කිව්වා රට බංකොලොත්භාවයෙන් මිදුණා කියලා. ඇත්ත වශයෙන්ම මම කුහක වෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ රට බංකොලොත්භාවයෙන් මිදෙනවා නම් ඒක අපි සියලු දෙනාටම සතුටුදායක දෙයක්. අලි සබි්ර විදේශ ඇමැතිවරයා මමත් ඉන්න තැනක පහුගිය දවසක කිව්වා, ‘මම හර්ෂටත් කෝල් කළා එදා හැන්දෑවේ, අපිට තිබුණේ අතේ ඩොලර් මිලියන 20යි. එතකොට අපිට ඩොලර් මිලියන 190ක්ද කොහෙද ඊළඟ දවස් කීපයේදී ගෙවන්න තිබුණා. සල්ලි තිබුණේ නෑ. මෙච්චර කල් ඔවුන්ට තිබුණේ බොරු. ඉතින් ඒ නිසා අපිට විකල්ප දෙකක් තිබුණා. එක්කෝ ඊළඟ සතියේ ඒ ගෙවන දිනය වෙනකල් ඉඳලා නොගෙවා ඉන්න. එහෙම නැත්නම් අද කියන්න අපිට ගෙවන්න හැකියාවක් නෑ කියලා. එතකොට අපි මුකුත් නොකියා නොගෙවා හිටියා නම් එහෙම මීටත් වඩා අවුලකට අපි වැටෙනවා’ කියලා. ඒ නිසා බංකොලොත් කියලා අපිට කිව්වේ ණය ගෙවාගන්න බැරිවෙච්ච නිසා. ඒක ලෝකෙට නිවේදනය කළේ මුදල් ඇමැතිවරයා. එහෙම වෙනකොට Fitch, Standard and Poor, Moody කියන ආයතන අපිව ණය පැහැරහරින්නන්ගේ ගොඩට දැම්මා. ඒක තමයි සාමාන්‍යයෙන් බංකොලොත් කියලා කියන්නේ. දැන් මේකෙන් අපි ගොඩ එන්න ඕනනේ. අපි කවුරුත් උත්සාහ කරන්නේ මේකෙන් ගොඩ එන්න. අපිට මේක ලොකු ලැජ්ජාවක්. ලෝකෙට මූණ දෙන්න බැරි තැනක අපි ඉන්නේ. ඉතින් ගොඩ එන්න නම් අපිට ජාත්‍යන්තරයෙන් ගත්ත ණය වර්ග 3ක් තියෙනවා. එකක් තමයි බහු පාර්ශ්ව ණය. ඒ කියන්නේ ලෝක බැංකුව, ඒ.ඩී.බී. වගේ ඒවා. ඒවා අපි දිගටම ගෙවාගෙන ගියා. අපි හැම වාරිකයම ගෙව්වා. ඒ නිසා අපිට එතැන ගැටලුවක් නෑ. ඊළඟට තියෙන්නේ ද්විපාර්ශ්වික ණය. ඒකෙ තියෙනවා පැරිස් ක්ලබ් කියලා. ඒකෙ බහුතරයක් තියෙන්නේ ජපානයෙන් ගත්ත ණය. ඊට අමතරව තියෙනවා ඉන්දියාව සහ චීනයෙන් ගත්ත ණය.
ඊළඟට තියෙනවා ජාත්‍යන්තර පුද්ගලික ණය හිමියන්ගෙන් ගත්ත ණය. ඒවට අපි කියනවා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කියලා. ඒකට අදාළව තව තියෙනවා බැංකුවලින් ගත්ත වාණිජ ණය. ඒක ගොඩක් කට්ටිය කතා කළේ නැති වුණාට ඒකත් වාණිජ ණය ගොඩටම තමයි වැටෙන්නේ.
අපිට ආරංචි වෙන විදියට පැරිස් ක්ලබ් එකේ ජපානය, ඉන්දියාව සහ චීනය යම් විදියකට එකඟ වෙලා තියෙනවා කියලා ණය ටික ප්‍රතිව්‍යුහගත කරගන්න. අපි දන්නේ නෑ මොකක්ද කියලා ඒ එකඟ වෙලා තියෙන දේ. නමුත් අපි බැලුවොත් එහෙම මේ දවස්වල එවැනි දේවලට එකඟ වෙච්ච අනෙක් රටවල් ගැන. සාමාන්‍යයෙන් අවුරුදු 12ක විතර කල්දැමීමක් තියෙනවා ණය ගෙවන එකේ සහ අවුරුදු 3ක විතර ග්‍රේස් පීරියඩ් එකක් දෙනවා. ඉතා සහන පොලියකට තමයි මේ ණය ප්‍රතිව්‍යහුගත වෙන්නේ. ඒක හොඳයි. අපි සන්තෝෂ වෙනවා ඒ ගැන. එවැනි දෙයක් කරගන්න විපක්ෂයක් හැටියට අපිට දිය හැකිව තිබූ සම්පූර්ණ සහයෝගය අපි දුන්නා. චීනෙට, ජපානෙට, ඉන්දියාවට අපි හමුවුණු හැම අවස්ථාවෙදීම කිව්වා කරුණාකරලා අපිට මේ සහාය ලබාදෙන්න කියලා.
ඒ කියන්නේ අමාරුම අවස්ථාවක විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතා හොඳින් අවසන් කරමින් කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්ද?
අපි දන්නේ නෑ මේකෙ ඇතුළාන්තය මොකක්ද කියලා. හැබැයි අපි කියන්නේ අපිත් හැම වෙලාවෙම උදව් කළා ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කරගන්න. හැබැයි එතන තියෙන්නේ ඩොලර් බිලියන 11ක විතර ප්‍රමාණයක්. හැබැයි ඩොලර් බිලියන 12.5ක සහ තව ගෙවපු නැති හිඟ ඩොලර් බිලියන 2ක් විතර, ඔක්කොම ඩොලර් බිලියන 15ක විතර ප්‍රමාණයක් තියෙනවා ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග. එතකොට ඔවුන් ඉදිරිපත් කරලා තියෙන යෝජනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා විපක්ෂය හැටියට. මොකද ඒ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ ඒ යෝජනාව අපේ රටට අතිශයින්ම අහිතකරයි. ඒකෙන් කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච දළ දේශීය නිෂ්පාදන අයි.එම්.එෆ්. නිවේදනය කරපු දළ දේශීය නිෂ්පාදනයට වඩා වැඩිවුණොත් එහෙම ඒ වැඩිවීමේ ප්‍රතිඵල බහුතරයක් ජාත්‍යන්තර ණය හිමියන්ට තමයි යන්නේ. උදාහරණයක් කියන්නම්. 2027 වෙනකොට තමයි අපිට තියෙනවා පොඩි බොක්ස් එකක්. 2027 ඉවර වෙනකොට, එහෙම නැත්නම් 25, 26, 27 අවුරුදු තුනේදී. ජාතික දළ දේශීය නිෂ්පාදනය ඩොලර්වලින් මැනලා, ඒ මැනපු ප්‍රමාණය අපි සන්සන්දනය කරලා තියෙනවා කලින් බලාපොරොත්තු වෙච්ච දළ දේශීය නිෂ්පාදනයට. ඒ දෙක අතර තියෙන වෙනසට අනුව තමයි ඔය මුහුණත අගය කපාහැරීම සිද්ධ වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වුණේ 2027 වෙනකොට අපේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84.2ක් වෙයි කියලා. ඒක තමයි බේස් ලයින් එක. හැබැයි ගිය අවුරුද්දේ අපේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84.4යි. එතකොට 84.2කට තිබ්බා නම් තමයි ඔය 28%ක් බලාපොරොත්තු වෙන කපාහැරීම සිදුවෙන්නේ. උදාහරණයක් විදියට මේක 90ට ගියොත් එහෙම කපාහැරීම 28 ඉඳලා 23ට අඩු වෙනවා. ඔහොම ගිහින් 96ට ගියොත් එහෙම මේ කපාහැරීම 28 ඉඳලා 7.2ට බහිනවා. මේ තීරණය එන්නේ අද නෙවෙයි.
මේ තීරණය එන්නේ 2027න් පස්සේ. එතකොට අපේ තර්කය තමයි දැන් අයි.එම්.එෆ්. එක ඉදිරිපත් කරලා තියෙනවා ස්ටාෆ් රිපෝර්ට් එකක්. ඒක ඕනෙ කෙනෙක්ට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. ඒකේ තියෙන ගණන්වලට අනුව අපේ රටේ 2027 වෙනකොට දළ දේශීය නිෂ්පාදනය රුපියල් ටි්රලියන 40යි. රුපියල් ටි්රලියන 40 කියන එක අද තියෙන එක්ස්චේන්ජ් රේට් එක අපි හිතමු 5%කින් දිගින් දිගටම වසරක් පාසා අවප්‍රමාණ වුණා කියලා. එතකොට 2027 වෙනකොට රුපියල් 365 වුණෝතින් එතකොට දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 109යි. 7%කින් අවප්‍රමාණ වුණෝතින් එහෙම ඩොලරය රුපියල් 385යි. එතකොට වටිනාකම ඩොලර් බිලියන 103යි. 10%කින් අව ප්‍රමාණය වුණොත් එහෙම ඩොලරයට සාපේක්ෂව රුපියල් 419යි. එතකොට ඩොලර් බිලියන 96යි. මේ ඉදිරිපත් කරලා තියෙනවා ප්රොජෙක්ෂන්ස්වලට අනුව අපේ කපාහැරීම 28% ඉඳලා 7.3%ට අඩු වෙනවා. ඉතින් අපි කියන්නේ මේ ආරෝපණ බද්ද ගහන්නේ අපේ මිනිස්සුන්ට නම්, අපේ මිනිස්සුන්ගේ ඊ.පී.එෆ්. එකට නම් ගැහුවේ, අපේ මිනිස්සු නම් දුප්පත් වුණේ, අපේ මිනිස්සුන්ට නම් කෑම ටික හොයාගන්න රස්සාවක් නැති වුණේ, අපේ මිනිස්සුන්ට තමයි ඒකෙ වාසිය එන්න ඕනේ. අපි හිටගන්නේ අපේ මිනිස්සුන්ගේ පැත්තේ. ඒ නිසා කවුරු මොනවා කිව්වත් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ශක්තිමත් විවාදයක් පැවැතිය යුතුයි. නිකන් ඒගොල්ලෝ කියන එකට අපිට එකඟ වෙන්න බෑ. ඕක කියන විටම මම අනිත් පැත්තට කියන්න ඕනේ රජය විසින් ඉදිරිපත් කරලා තියෙනවා කවුන්ටර් ප්‍රපෝසල් (විකල්ප යෝජනාවක්) එකක්.
ඒ විකල්ප යෝජනාව ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණොත් අපිට එහෙම නම් සෑහෙන දුරට මේ ප්රශ්නය බේරගන්න පුළුවන්. හැබැයි අපි යම් කිසි විදියකට බංකොලොත්භාවයෙන් ගොඩ එන්න කියලා ඔවුන් ඉදිරිපත් කරලා තියෙන ලංකාවට අහිතකර යෝජනාවට එකඟ වුණේ දේශපාලන හේතුවක් නිසා නම් අපි මහා අමාරුවක වැටෙනවා. මොකද කවුරු ආණ්ඩුව ගත්තත් ඊළඟ මාස හතරෙදී මේ එකඟතාව අපිට ඉස්සරහට අරගෙන යන්න වෙනවා. මොකද මේක අයි.එම්.එෆ්. එකේ ඇග්රිමන්ට් එකක් නෙවෙයි. ණය හිමියන් සමග එකඟවෙලා තියෙන ණය නැවත ගෙවීමේ එකඟතාවක්. අපි නැවත ණය ගෙව්වේ නැත්නම් අපි නැවතත් ණය පැහැරහරින්නෙක් බවට පත්වෙනවා.
අපි දැක්කා ජනාධිපතිතුමා ‘ආරංචිය සුබයි’ කියලා හැම තැනම පෝස්ටර් ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් ස්වාධීන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් තමයි රටක ණය ගෙවන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය කරන්නේ. ඒකට Fitch, Standard and Poor, Moody තියෙනවා. මේක ටි්රපල් ලේයර් ඉඳලා පහළට එනවා. දැන් අපි ඉන්නේ අවසානයේ. ඩිෆෝල්ට් කියන්නේ ණය පැහැරහරන එක. එතකොට අපි අර කියපු ද්විපාර්ශ්වික ණය හිමියන් සමග එකඟතාවකට ඇවිල්ලා, ඊට පස්සේ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග එකඟතාවට ඇවිල්ලා, ඒ එකඟතාවට අනුව අපි දැන් නොගෙවා තියෙන බැඳුම්කර තියෙනවනේ, ඒවා හුවමාරු කරගන්න ඕනේ අලුත් බැඳුම්කරවලට. ඒ අලුත් බැඳුම්කරවලට හුවමාරු කරගන්නකොට Fitch, Standard and Poor, Moody කියන ආයතන ඒ බැඳුම්කරවලට රේටින් එකක් දෙනවා. ඒ රේටින් එක ‘ඩී’වලින් එකට උඩට ආවොත්, උඩට එනවාම තමයි. මොකද ඒ හුවමාරුව කරගත්තට පස්සේ අයි.එම්.එෆ්. ඩෙඩ් සස්ටේනබිලිටි ඇග්රිමන්ට් එකත් එක්ක සමගාමීව යන්න ඕනේ අපිට ණය තිරසාර කරගන්න පුළුවන් කියන මතය ජාත්‍යන්තරයේ පිළිගන්න තැනකට එන්න. ඒකට තමයි අපිට අයි.එම්.එෆ්. එක අවශ්‍ය. එහෙම වුණොත් එතකොට අපිට කියන්න පුළුවන් අපි බොන්ඩ් එක්ස්චේන්ජ් එක කරලා ඉවරයි, අලුත් රේටින් එකක් ඇවිල්ලා කියලා. උදාහරණයක් හැටියට අද දවසේ නිකුත් කළා ලෝකයේ වටේම ගානා රාජ්‍යය එකඟ වෙලා තියෙනවා කියලා ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ඒකෙන් බොහෝ දුරට බලාපොරොත්තු වෙන්නේ ටි්රපල් ‘සී’ ප්ලස් කියන රේටින් එකත් එක්ක අලුතෙන් ගානාව ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපළට එකඟ වෙයි කියලා. හැබැයි ඒගොල්ලන්ට 37%ක හෙයා කට් එකක් ලැබුණා. ඉතින් එහෙම ඒගොල්ලෝ සටන් කරලා තමයි ඒක ගත්තේ. කලින් දීපු ඒවාත් එක්ක එකඟ වුණා නම් මේ කට්ටියට මීට කලින් රේටින් එකක් අරන් එළියට තිබ්බා වෙන්න පුළුවන්. හැබැයි ඒක ගානාවේ සාමාන්‍ය ජනතාවට අද එකඟ වෙච්ච එකට වඩා අහිතකර තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙන්න තිබ්බා.