රට අර්බුදයකට ඇදදැමීම සඳහා චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ කණ්ඩායම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් මගින් හෙළිදරව් කොට ඇති බව නිදහස ජනතා සභාව අවධාරණය කරයි.
එහි නියෝජිතයින් ඒ බව සඳහන් කළේ, මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී පැවති හමුවකදීය.
එම අවස්ථාවට එක්වෙමන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා
“UN එකෙත් කියන්නේ මෙතන පළමු වතාවට මේ ඈත ගම්වල පෝලිම්වල ඉන්න මිනිස්සු ඉන්නේ චේතනාන්විත අපරාධයක් හින්දා කියලා. ඒක කවුද නිර්මාණය කළේ කියන එක හොයන්න ඕනේ කියලා. මේ රිපෝට් එකේ පැහැදිලිව නම් 5ක් මතු කරලා තිබෙනවා. ආචාර්ය පී.බී. ජයසුන්දර, මහාචාර්ය ලක්ෂ්මන්, එස්. ආර්. ආටිගල මහතා, අජිත් නිවාඩ් කබ්රාල් සහ ඒ වෙලාවේ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා, මේ නම් සියල්ලම ඉතා පැහැදිලිව ඉදිරිපත් කරලා තිබෙනවා. අපි මේක අතඅරින්න ලෑස්ති නැහැ.”
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා,
“ඔබ එදා එකතු වුණේ අපි හොඳටම දන්නවා විනයක් තියෙන රටක් හදන්න ඕනේ. වංචාව, සොරකම් නැති රටක් හදන්න ඕනේ කියලා. ඥාතීත්වයට නැතුව කුසලතාවයට තැන දෙන සමාජයක් නිර්මාණය කරන්න ඕනේ කියලා. ඔය ඔක්කෝම එකතුකරලා කිව්වා සිස්ටම් චේන්ජ් එකක් කරන්න ඕනේ කියලා. ඒක විශ්වාස කළා ඔවුන්. ඉතිහාසයේ දැවැන්තම ජනවරම ජනාධිපතිවරණයේදීත්, පාර්ලිමේන්තුවේදීත් ලබාදුන්නා. දැන් මොකද වෙලා තියෙන්නේ ? මෙතෙක් කල් මේ රටේ දේශපාලන ගමන්මඟේ තිබුණේ දේශපාලඥයෝ ටිකක් ඇවිල්ලා කථාකරලා යනවා. සංවාදවලට දේශපාලනයේ ඉඩ තිබුණේ නැහැ අපේ දේශපාලන ආකෘතිය ඇතුළේ. හැබැයි අපේ ආකෘතිය වෙනස් එකක්. 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ අපි 13දෙනයි ඉන්නේ. ඒක සංඛ්‍යාත්මක අපිට වද දෙන කාරණයක් නෙමෙයි. ජනාධිපති තරගයට ඉදිරිපත් වෙනවා. ඡන්ද 82ක් හම්බෙන්නේ. ඒක සංඛ්‍යාත්ම පරාජයක් මිස දේශපාලන පාරාජයක් කියලා අපි පිළිගන්නේ නැහැ.”










