කැලණි ගගේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (28) පස්වරුවේ පැයක පමණ කාලයක් තද වැසි පතිත වු බව ගිනිගත්හේන ප්‍රදේශවාසින් පැවසිය. (Sri Lanka Latest News)
28 දින පස්වරු 5 සිට 6 පමණ වන තෙක් පැයක පමණ කාලයක් යටියන්තොට තණකොල වත්ත, කිතුල්ගල, ගිනිගත්හේන, කළුගල සහ පොල්පිටිය සමනල ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට මෙසේ වර්ෂාව පතිත විය.
එම ප්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කැලණි ගගේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසමින් පැවතුණි.
newscenter










