අනුරාධපුර දිස්ත්‍රික්කයට මාස ගණනාවක් පැවති නියං තත්ත්වය පහව යමින් ඊයේ (11) සවස ප්‍රදේශ කිහිපයකට වැසි ඇද හැළුණු බවට වාර්තා වෙයි.Sri Lanka Latest News
පසුගිය මාස කීපයක් පුරා වැසි නොමැති වීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා පැවති දැඩි නියං කාළගුණයක් පැවති අතර, ඒ හේතුවෙන් කුඩා පරිමාණ වැව් රැසක් සිඳී ගොස් තිබිණි.
දිස්ත්‍රික්කය පුරා පරිසර උෂ්ණත්වය ද ඉහළ අගයක් ගෙන තිබුණු අතර, ඊයේ වැටුණු වර්ෂාව හේතුවෙන් පරිසරයේ වෙනස් වී පක්ෂීන් ඇතුළු සතුන් එහි සතුට විඳි බව ද සඳහන්ය.
අද දිනයේ ද අනුරාධපුරයට වැසි බර කාලගුණයක් දිස්වන බව වාර්තා වේ.
මේ අතර, වර්ෂාවත් සමඟ ගොවිතැන් පිළිබඳ නැවත බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ද ගොවි ජනතාව පවසා ඇත.