සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹදී සිදුකරන උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ඊයේ (27) පස්වරු 2:30 සිට හෙට (28) පස්වරු 6 දක්වා වූ කාලයේදී මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර ඇත.
නමුත් සිසුන් එය නොතකා විරෝධතා සිදුකරනු දැකගන්නට ලැබිණ.










