අද විවාදයට ගැනෙන දූෂණ විරෝධී පනත් කෙටුම්පතට ආණ්ඩුවේම මන්ත්‍රී පිරිසකගේ විරෝධය පළව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ආණ්ඩුවේ මන්ත්‍රීවරු මෙසේ විරෝධය පළ කොට ඇත්තේ සිය පාර්ශ්වයේ සංශෝධන ඊට ඇතුළත් කිරීමට අවශ්‍ය බව පවසමිනි.
මේ හේතුවෙන් එම මන්ත්‍රීවරු පිරිස සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද සවස අගමැතිවරයාගේ නිල කාර්යාලයේ පැවැත්විණ.
එම රැස්වීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද සහභාගී වී සිට ඇත.
එහිදී තීරණය වී ඇත්තේ පනත් කෙටුම්පත අද සම්මත නොකොට හෙට දිනයේදීද විවාදයට ගැනීමටය.