• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දූෂණ විරෝධී පනත සම්මත කිරීම කල් දමන බව සුසිල් කියයි! විපක්ෂය විරුද්ධ වෙයි! විජයදාස සම්මත කරන්න එකඟ ‌වෙයි! සංශෝධන ඉදිරිපත් කිරීම 19ට කල් තියයි! Sri Lanka Latest News

July 6, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුව සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව  පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත  කෙරිණ.Sri Lanka Latest News

මේ අනුව පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා කාරක සභා අවස්ථාව ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද දෙවන දිනයටත් පැවැත්විණ. විවාදයෙන් අනතුරුව අදහස් දැක්වූ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ මෙම පනත සම්මත කිරීම කල් දමන බවයි. 19 වැනිදා සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසුව පනත සම්මත කරන බවද  ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.

මේ පනත අද සම්මත කරල සංශෝධන පස්සේ ගේන්න.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා

හොරු අල්ලන්නේ නැහැ කියලා දන්නවා.හොරු අල්ලන  පනත ගේන්නේ නැහැ කියලා දැනගෙන හිටියේ නෑ.අපි මේ ගැන කොච්චර සාකච්ඡා කළාද. අද සම්මත කරලා පස්සේ සංශෝධන ගේන්න.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා

අපේ සංශෝධනවලට  කන් දීමට ආණ්ඩුව සූදානම්වීම හොඳ ප්‍රවණතාවක්. මේ පනත කල් දාන්නෙ ඇත්තටම මේ සංශෝධන නිසාද.
මේ කරන්නේ වෙනත් බලපෑමක් නිසා.
රටට වැරදි පූර්වාදර්ශයක් දෙන්න එපා.

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා

රටම බලාගෙන ඉන්නෙ දූෂණ මර්දන පනත එනකම් . අපි සංශෝධන 53ක්   ඉදිරිපත් කළා.අල්ලස් කොමිසමේ නඩු අහන්න කල් ගැනීමට
මේක ප්‍රමාද කරනවා කියලා අපිට ආරංචියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අලුත් දූෂණ මර්දන පනත මුළු රටේම බලාපොරොත්තුව. අද මේ පනත කල්  තැබීමෙන් රටට නරක පණිවුඩයක් යනවා. කුමන හෝ බාහිර බලපෑමක් නිසා මේක කල් දානවා කියලා. විසුරුවා හැරපු පළාත් පාලන ආයතන වලට ඒ  මන්ත්‍රීවරු නැවත පත් කිරීමට කපුටු යෝජනාවක් ගෙනාවා. අපිට සැකයක් තියෙනවා මේක දෙවෙනි කපුටු යෝජනාවද කියලා. අද තියෙන්නේ  පාර්ලිමේන්තුවේ ස්වෛරිත්වයද කපුටගේ ස්වෛරිත්වයද. අධිකරණ ඇමති තුමාගේ හෘද සාක්ෂිය දන්නවා මේක කපුටගේ බලපෑමක් කියලා. ලක්ෂ දෙසීයක් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉවත් වුණු පුද්ගලයන් කපුටු බලපෑම් කරනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා

මේ පනත අද සම්මත කරගන්න කර ගන්න පුළුවන්ද බැරිද. එතුමා තමයි මේ පනත ගෙනාවෙ. මේක මහ අබිරහසක්. අරගලයක් ආවෙත් ඒකයි. 225ම හොරුයි කියනවා. අපි එහෙම නෑ කියල ඔප්පු කරමු. ඒ පණිවිඩය රටට දෙන්න. මේ පනත අද සම්මත කර ගනිමු.

සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා

මේක කල් දැම්මේ සියලු දෙනා එකඟ වෙලා. පිටු 28ක සංශෝධන තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය  විතරක් සංශෝධන තිස්හතරක් එවල තියනවා. මේක සදාකාලික කල් දැමීමක් නොවේ. මේක රජයේ වැඩ කටයුත්තක්. අධිකරණ ඇමතිතුමා ඉවසීමෙන් මේ කටයුත්ත කරනවා. මීළඟ සැසියේ 19 වෙනිදා මේ යෝජනාව විවාදයට ගන්නවා. එදාට සංශෝධන ඉදිරිපත් කරනවා.

ලක්මන් කිරිඇල්ල මහතා

මොකක්ද ඇමතිතුමාගේ මතය.

කතානායක

සභානායකතුමාගේ යෝජනාවට සභාව එකඟද

සජිත් ප්‍රේමදාස මහතා

සියලු රටවල් මේ ගැන බලාගෙන ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය මේ ගැන බලාගෙන ඉන්නවා. අපි අද මේක සම්මත කරමු. අපේ වැඩ කටයුත්ත ඉවරයි.
කල් දාන්න හේතුව මොකක්ද.

කතානායක

සභාවට අවශ්‍යයි කල් තියන්න

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා

මේ පනත සංශෝධන ඇතුළත්  කරලා හදන්න මාස දහයක් ගත වුණා. වෙනත් පනත් සීයක් වෙනුවෙන් වුණු  වෙහෙස මේ පනත වෙනුවෙන් ගත්තා. විසි එක් වෙනි සංශෝදනයට වඩා මේකට මහන්සි වුණා. පනත කල් දාන්න මගේ පැත්තෙන්  හේතුවක් නෑ. කල්දාන හේතුව මොකක්ද කියලා මම දන්නෙ නෑ.

සජිත් ප්‍රේමදාස මහතා

බළලා මල්ලෙන් එළියට පැන්නා. බලන්න විෂය භාර ඇමතිතුමා බොහොම  පැහැදිලි ප්‍රකාශයක් කළා. කල් ගන්න හේතුවක් නැහැ කියලා එතුමා කියන්නේ. එතකොට මේ බලපෑම කාගේද. කපුටගේද. ඇයි ඔබතුමාලා මේ ඇමතිතුමා මෙච්චර හෑල්ලු කරන්නේ. මේක අද ඡන්දයට ගන්න. සභානායකතුමා මේක මගහැර යන්නේ කොහොමද

ඊට පසු පනතේ එක දෙක යෝජනා සංශෝධන පසුව කිරීමට යටත්ව සම්මත  කෙරිණ.

SendShareShare
Previous Post

දූෂණ විරෝධී පනතට ආණ්ඩුවේම මන්ත්‍රීවරු විරුද්ධ වෙයි! දිනේෂ්ගේ කාමරයේ හදිසි රැස්වීමක්! විවාදය හෙටටත් ඇදෙයි! Sri Lanka Latest News

Next Post

පූජිත් සහ හේමසිරි නිදොස් කරන්න දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලන පෙත්සම අද තුන්වැනි දිනටත් විභාගයට ගනී ! Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.