ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
35 ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් පවත්වන නුවරඑළිය දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් සූරතාවය දිනා ගැනීමට නොර්වුඩ් කොට්ඨාසය නියෝජනය කළ හැටන් මනහර යෞවන සමාජයේ ක්‍රීඩිකාවෝ සමත් වූහ.Sri Lanka Latest News
නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේදී (06) පැවැත්වුණු අවසාන මහා තරගයේදී හැටන් මනහර යෞවන සමාජය ලකුණු 14-6ක් ලෙස නුවරඑළිය කොට්ඨාස කණ්ඩායම පරාජය කරමින් මෙම ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.
මෙම සූරතාවයත් සමඟ, ඔවුන් මෙම මස 24, 25, සහ 26 යන දිනවල වේයන්ගොඩ වතුපිටිවල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් තරගාවලිය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගෙන තිබේ.












