ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
හැටන් දික්ඔය නගර සීමාව තුළ ත්‍රී රෝද රථ කුලී ගමන් සඳහා ඉතාමත් අධික මුදලක් අය කරන බව පවසා සෑම ත්‍රිරෝද රථයකටම මීටර සවිකිරීමට හැටන් දික්ඔය නගර සභාව පසුගිය දින පැවති මහ සභාවේදී පක්ෂ හා විපක්ෂයේ කැමැත්ත මත ඒකමතිකව තීරණය කර ඇත ,Sri Lanka Latest News
මේ පිළිබඳව අදහස් දක්වමින් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතා කියා සිටියේ කොවිඩ් වසංගත සමයේ වැඩිවුණු ත්‍රිරෝද රථය කුලී ගමන් මුදල් අය කිරීමේ ප්‍රමාණය තවමත් පවත්වාගෙන යමින් මහජනතාවට දැඩි පීඩාවක් එල්ල වන අන්දමින් ත්‍රීරෝද රථවල මුදල් අය කරන බැවින් එයට සාධනීය විසඳුමක් වශයෙන් ලබන මස සිට කුලී ගමන් සඳහා යොදවන ත්‍රීරෝද රථ සියල්ලේම මීටර් සවිකිරීම අනිවාර්ය කර ඇති බවයි ,
මේ පිළිබඳ අප මහජනතාවගෙන් සිදු කළ විමසීම් වලදී ඔවුන් කියා සිටියේ හැටන් දික්ඔය නගර සභාවේ යෝජනාවකට අනුව දියත් කරන්න යන මෙම ක්‍රමවේදය ඉතාමත් අගය කරන බවයි ,
වැඩිදුර අදහස් දැක්වූ මහජනතාව කියා සිටියේ කොවිඩ් වසංගත කාලයේදී අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා ත්‍රී රෝද රථයක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයකදී ත්‍රීරෝද රථ රියදුරන් හිතුමතේ තමන්ගේ කුලී මුදල් අය කිරීමට කටයුතු කළ බවත් ඉන් අනතුරුවත් එම මුදල් කිසිදු වෙනසකින් තොරව මේ වන විටත් අයකරන බවත්ය ,
මහජනතාවට සහන සැලසීම පිණිස මෙවන් වූ යෝජනාවක් මත හෝ ත්‍රීරෝද රථ කුලී මුදල් අයකිරීම් පිළිබඳව පාලන මිලක් යෙදවීම මහජනතාවට ඉතාමත් ප්‍රයෝජනවත් වන බවද ඔවුන් පැවසීය ,
මෙලෙස කුලී ගමන් යන ත්‍රී රෝද රථ සඳහා මීටර් සවිකිරීම පිළිබඳව රියදුරු මහතුන්ගෙන් අප කළ විමසුමකට ඔවුන් කියා සිටියේ අධික කඳු බෑවුම් සහිත මාර්ග සහ අබලං වූ මාර්ග හැටන් දික්ඔය ප්‍රදේශයේ පවතින බැවින් එම මාර්ගවලට සරිලන ලෙස සාධාරණ මුදලක් තීරණය කර මීටර් සවිකිරීමට කටයුතු කරනවා නම් නගර සභාවේ යෝජනාවට එකඟවන බවය.
තවද එවන් වූ අබලං මාර්ගවල ගමන් කිරීමේදී වාහන වලට දැඩි ලෙස හානි සිදුවන බැවින් හා වාහන අමතර කොටස් වල මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳවද අවධානය යොමුු කොට අධික කඳු බෑවුම් සහිත මාර්ගවල යෑමේදී තෙල් පිච්චෙන ප්‍රමාණයද වැඩි බැවින් ඒ පිළිබඳවද අවතානය යොමු කර සාධාරණ මිල තීරණය කරන්නේ නම් පමණක් තමන්ට මෙම රැකියාව ඉදිරියට කරගන්නට හැකි බවද ඔවුන් පැවසීය .













