හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදු වූ අනතුරෙන් මියගිය පිරිස තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.Sri Lanka Latest News
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙම අනතුරට ලක්ව ඇත.
එම බස් රථය හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 35 දෙනෙකු පමණ සිට ඇත.
අනතුරින් තුවාල ලැබූ 30 දෙනකු පමණ පිරිසක් හැටන් මූලික රෝහලට ඇතුළත් කර ඇත.










