මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන්ගේ ක්‍රියාකාරිත්වය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇතිදැයි සොයා බලා විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට තීරණය වි ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (ජූලි 17) පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳ තීරණය කෙරෙනු ඇති බව ද ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මේ සඳහා වන යෝජනාව දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර තිබේ.
නිමල් පුංචිහේවා මහතා (සභාපති), එස්.බී. දිවාරත්න මහතා, එම්. එම්. මොහමඩ් මහතා, කේ.පී.පී. පතිරණ මහතා සහ පී.එස්.එම්. චාල්ස් මහත්මිය යන අයගෙන් සැදුම්ලත් මැතිවරණ කොමිෂන් සභාව 2020 දෙසැම්බර් 3 වන දින පත් කරන ලද හෙයින් ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (3) ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකිවයුතු බව ද එම යෝජනාවෙහි දක්වා ඇත.
විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝනයෙහි 30 (4) ව්‍යවස්ථාව ප්‍රකාරව කොමිෂන් සභාවේ සාමාජිකයන් ධූර දැරීම අවසන් කර, අන්තර් කාලීන සාමාජිකයන් ලෙස බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සහ ඉටු කරමින් සිටින බව ද එහි සඳහන්ව ඇත.
2023 ජනවාරි 18 වන දින පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා කැඳවන ලද බව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති හෙයින් ද කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙ කු විසින් මෙම ඡන්ද විමසීම 2023 මාර්තු 9 දිනට නියම කිරීමට තීරණය කර අනෙකුත් සාමාජිකයන් තිදෙනාගේ එකඟතාව ලබාගෙන ඇති බව ප්‍රකාශ කරනු ලැබ ඇති බව එම යෝජනාවෙහි දක්වා ඇත.
2023 මාර්තු එබඳු මැතිවරණයක් පැවැත්වීම සඳහා අරමුදල් සොයාගැනීම අභියෝගාත්මක වනු ඇති බව සඳහන් කරමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරනු ලැබ ඇති බව ද යෝජනාවට ඇතුළත් කර ඇත.
එවැනි මැතිවරණයක් පැවැත්වීම සඳහා සපුරාලිය යුතු සියලු ම පූර්ව කොන්දේසි සපුරා ඇති බවට කොමිෂන් සභාව සෑහීමට පත්වී තිබේ ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් ඇති බව ද යෝජනාවෙහි දක්වා තිබේ.
2023 ජනවාරි 25 වන දින කොමිෂන් සභාවේ සාමාජික පී.එස්. එම්. චාල්ස් මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කරනු ලැබ ඇති අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව කොමිෂන් සභාව රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම දරන පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමට අපොහොසත් වී ඇති බව ද එහි දැක්වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවී තිබේ නම් ඒ පිළිබඳ විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ලබා දිය යුතු බව ත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි එමඟින් පාර්ලිමේන්තුවට යෝජනා කර ඇත.
මෙම යෝජනාව හෙට (ජූලි 18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එදිනම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කිරීමේ සූදානමක් පවතින බව ද දැනගන්නට ඇත.