• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය තියන්න තීන්දු කිරීමෙන් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවෙලාද? පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන පොහොට්ටුවේ මන්ත්‍රී යෝජනාව අද පක්ෂ නායක රැස්වීමට! Sri Lanka Latest News

July 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
Share on WhatsAppShare on Facebook

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන්ගේ ක්‍රියාකාරිත්වය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇතිදැයි සොයා බලා විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට තීරණය වි ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (ජූලි 17) පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳ තීරණය කෙරෙනු ඇති බව ද ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මේ සඳහා වන යෝජනාව දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර තිබේ.

නිමල් පුංචිහේවා මහතා (සභාපති), එස්.බී. දිවාරත්න මහතා, එම්. එම්. මොහමඩ් මහතා, කේ.පී.පී. පතිරණ මහතා සහ පී.එස්.එම්. චාල්ස් මහත්මිය යන අයගෙන් සැදුම්ලත් මැතිවරණ කොමිෂන් සභාව 2020 දෙසැම්බර් 3 වන දින පත් කරන ලද හෙයින් ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (3) ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකිවයුතු බව ද එම යෝජනාවෙහි දක්වා ඇත.

විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝනයෙහි 30 (4) ව්‍යවස්ථාව ප්‍රකාරව කොමිෂන් සභාවේ සාමාජිකයන් ධූර දැරීම අවසන් කර, අන්තර් කාලීන සාමාජිකයන් ලෙස බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සහ ඉටු කරමින් සිටින බව ද එහි සඳහන්ව ඇත.

2023 ජනවාරි 18 වන දින පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා කැඳවන ලද බව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති හෙයින් ද කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙ කු විසින් මෙම ඡන්ද විමසීම 2023 මාර්තු 9 දිනට නියම කිරීමට තීරණය කර අනෙකුත් සාමාජිකයන් තිදෙනාගේ එකඟතාව ලබාගෙන ඇති බව ප්‍රකාශ කරනු ලැබ ඇති බව එම යෝජනාවෙහි දක්වා ඇත.

2023 මාර්තු එබඳු මැතිවරණයක් පැවැත්වීම සඳහා අරමුදල් සොයාගැනීම අභියෝගාත්මක වනු ඇති බව සඳහන් කරමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරනු ලැබ ඇති බව ද යෝජනාවට ඇතුළත් කර ඇත.

එවැනි මැතිවරණයක් පැවැත්වීම සඳහා සපුරාලිය යුතු සියලු ම පූර්ව කොන්දේසි සපුරා ඇති බවට කොමිෂන් සභාව සෑහීමට පත්වී තිබේ ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් ඇති බව ද යෝජනාවෙහි දක්වා තිබේ.

2023 ජනවාරි 25 වන දින කොමිෂන් සභාවේ සාමාජික පී.එස්. එම්. චාල්ස් මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කරනු ලැබ ඇති අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව කොමිෂන් සභාව රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම දරන පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමට අපොහොසත් වී ඇති බව ද එහි දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවී තිබේ නම් ඒ පිළිබඳ විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ලබා දිය යුතු බව ත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි එමඟින් පාර්ලිමේන්තුවට යෝජනා කර ඇත.

මෙම යෝජනාව හෙට (ජූලි 18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එදිනම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කිරීමේ සූදානමක් පවතින බව ද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්න කාලෙ කරපු වැඩක්! හාමුදුරුවරුත් එක්ක පවුල් 370ක් පාරට බැහැලා ලොකු විරෝධතාවක! සාධාරණය ඉටු වෙනකම් අපි සටන් කරනවා! Sri Lanka Latest News

Next Post

ගේන්න විශ්වාසභංගය..! මම ලෑස්තියි..! කෙහෙළියත් ගේමට සූදානම් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.