මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව සිටි සමයේ ඔහුගේ උපදෙස් අනුව ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව වසර හයක කාලයක් පුරා පදිංචිව සිටි තම ඉඩම්වලින් බලහත්කාරයෙන් තමන් ඉවත් කළ බවත්, තමන් වහාම නැවත පදිංචි කරන ලෙසත් බල කරමින් මඩකලපුව දිවුල්පතාන ගමේ අසාධාරණයට ලක් වූ 370කට අයත් පිරිසක් ඊයේ (16) එම ගම්මානයේදී විරෝධතාවයක නිරත වූහ. (Sri Lanka Latest News)
මේ වෙනවිට දිවුල්පතාන ගම්මානයෙ ඉතිරි වූ පවුල් තිහකට ද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නඩු පවරන බවට තර්ජනය කරමින් ඉවත් කිරීමට කටයුතු කරන බව කී ගම් වැසියන් තම ගම්මානයේ පවුල් 300ක් පමණ ස්ථිරව නිවාස හදාගෙන සිටියදී එම නිවාස කඩා බිඳ දමමින් බලහත්කාරයෙන් පන්නා දැමූ බව පැවසූහ.
විරෝධතාකරුවන් කීවේ තමන් පදිංචි සිටි කාලයේදී සිදුක කරල ද විවිධ වගාවන් හරහා රජයට විශාල ආදායමක් එක් කර දුන් බවය.
2009 වසරේ සිට 2015 දක්වා තමන් ප්‍රදේශයේ කවුපි, ඉරිඟු, කැකිරි, මුං වගා කරමින් විශාල අස්වැන්නක් ලබාගෙන විශාල ආර්ථික වාසි රැසක් ලබාගත් බවද විරෝධතාකරුවෝ මෙහිදී පැවැසූහ.
මෙම විරෝධතාවය සඳහා වැඩම කළ දිඹුලාගල අරුණපුර ශ්‍රී මහින්දාරාමයේ කෘත්‍යාධිකාරී පොල්ගහආරාවේ ඤාණානන්ද හිමියන් සඳහන් කළේ අසාධාරණයට ලක් වූ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන තෙක් මෙම සටන් ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවයි.
මේ වනවිට නැගෙනහිර පළාතේ දේශපාලන අධිකාරිය හා සංවිධානාත්මක සංවිධානයක් එක්ව සිංහල ජනතාවට උරුම වූ තිබූ මෙම ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවද විරෝධතාකරුවෝ මෙහිදී පැවැසූහ.
මෙම විරෝධතාවය විසඳුමකින් තොරව සවස දෙකයිතිහට පමණ අවසන් වූ අතර විරෝධතාවය සඳහා දිවුල්පතාන ගම්මානයෙන් පන්නා දමන ලද අසරණ සාමාජිකයන් හයසීයකට වැඩි පිරිසක් එක්ව සිටියහ.
lankasara