• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම ආදරය කරපු අගමැති ඩඩ්ලි දැදිගම යළිත් ඉපදිලාද? Sri Lanka Latest News

May 10, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රටම ආදරය කරපු අගමැති ඩඩ්ලි දැදිගම යළිත් ඉපදිලාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කිසියම් පුද්ගලයකු මෝහනයට පත්කොට ඒ තැනැත්තාගේ ඉහත ආත්මය දැනගත හැකිය යන විශ්වාසයක් 90 දශකයේ අගභාගයේ ජන සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබිණි. ඊට හේතුව එවක රූපවාහිනී නාලිකාවල බෞද්ධ වැඩසටහන් මගින් මෝහන පුනරුප්පත්ති වැඩසටහන්වලට ලබාදී තිබූ අසීමාන්තික ජනප්‍රියභාවයයි. කිසිදු සම්මත වෘත්තීයභාවයක් නොමැති වුවද මෝහන වෛද්‍යවරුන්, ස්වාපනික වෛද්‍යවරුන් වශයෙන් රූපවාහිනී මාධ්‍යයේ පෙනීසිටි පිරිසක් මෙහෙයවූ මෙම වැඩසටහන් මගින් ‘ගම්පහ සුනිල්’, ‘ගම්පොළ නිමල්’ ලෙසින් උපත ලැබූ බව කියන කතා ප්‍රවෘත්තීන් ඒ ඒ පුද්ගලයන්ගේ ප්‍රකාශ මගින් තහවුරු කිරීමට වෙර දරන ලදී. නිදසුනක් ලෙස මෝහනයට පත්කරන ලද ‘ගම්පොළ නිමල්’ නමැත්තකු තමන් ඉහත ආත්මයේ ගසකින් වැටී මියගිය ‘ගම්පහ සුනිල්’ නමැත්තකු බව එක් රූපවාහිනී වැඩසටහනකින් කියා සිටියි.

ඊළඟ සතියේ ඒ මෝහන වෛද්‍යවරයා ‘ගම්පොළ නිමල්’ සහ එම රූපවාහිනී කණ්ඩාමත් සමග මීට කලකට ඉහත ගසකින් වැටී මියගිය ‘ගම්පහ සුනිල්’ගේ ඥාතීන් සොයා ගොස් ඔහුගේ පවුලේ ඥාතීන් හමුවී කතාබස් කරනුද දක්නා ලදී. මෙම වැඩසටහන්වල පොදු ආකෘතිය වූයේ එයයි. එමෙන්ම එය බුදු දහමේ පැවසෙන පුනරුප්පත්තිය (පුනර්භවයක් මිස පුනර්ජන්මයක් හෝ පුනරුප්පත්තියක් පිළිබඳ බුදුදහමේ කිසිදු තැනක සඳහන්ව නැත.) මනාව තහවුරු කරවන්නක් බවට ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රකාශ ද විසුරුවා හැරීමට ද එම රූපවාහිනී වැඩසටහන්කරුවෝ පසුබට නොවූහ. එහෙත්, එම වැඩසටහන් සම්බන්ධයෙන් ඉතා විමසිලිමත් වූ මම පසුව එම ඊනියා මෝහන වෛද්‍යවරුන්ට දුරකතනයෙන් කතාකොට වැඩිදුර විමර්ශනයක් සඳහා එම සිදුවීම්වලට අදාළ පුද්ගලයන් සමග කතාබහක කිරීමට අවස්ථාව කිහිප වරක්ම ඉල්ලා සිටියෙමි. එහෙත්, ඒ කිසිවකුගෙන් මට ඒ අවස්ථාව නොලැබුණි. නමුත් මෙවැනි පුනරුප්පත්ති කතා මවාපෑමේ කලාවද මම ඒ වනවිට හදාරමින් සිටියෙමි. ඒ සඳහා ක්‍රම කිහිපයක්ම තිබේ. ඒ අතරින් එක් පහසු ක්‍රමයක් පමණක් මෙහි සටහන් කරමි. Sri Lanka Latest News

මෙහි ඉහත සඳහන් කළ මීට කලකට ඉහත ගසකින් වැටී මියගිය ‘ගම්පහ සුනිල්’ සම්බන්ධ ජීවන තොරතුරු රැසක් ඉතා විශ්වසනීය ක්‍රමයකට ගොනුකර ගැනීම එහි මුල්ම පියවරය. දෙවැනුව ඇත්තේ ඔහුගේ වත්මන් ආත්මයේ භූමිකාව රඟදක්වන ‘ගම්පොළ නිමල්’ගේ මනසට තදින්කා වැද්දීමය. ඒ සඳහා මෝහන මාධ්‍ය යොදා ගැනීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලද හැක. පසුව එවන් ඊනියා මෝහන වෛද්‍යවරයකු ‘ගම්පොළ නිමල්’ මෝහනයට පත්කොට ඔහු ගෙන් ඉහත ආත්මය පිළිබඳ විමසුමක් කළහොත් ඔහු තම ඉහත ආත්මය ලෙස මෝහනයෙන් මනස තුළට කාවැදී ඇති ‘ගම්පහ සුනිල්’ගේ ජීවිතය හා මරණය සම්බන්ධ විස්තර ගිරවකු මෙන් වමාරනු ඇත. ඊළඟට කළ යුත්තේ ඉහත සඳහන් රූපවාහිනී වැඩසටහන්වලදී මෙන් කලකට පෙර මියගිය ‘ගම්පහ සුනිල්’ගේ ඥාතීන් හමුවී ‘ගම්පොල නිමල්’ගේ හා ‘ගම්පහ සුනිල්’ගේ ආත්ම දෙකේ කතාවේ පූර්වාපර සන්ධි ගැළපීම පමණි. එහෙත් පොඩි කොස්සකට ඇත්තේ එවන් මගඩි නාටකයකට මැදිහත් එක්වන ස්වාධීන විමර්ශකයකු හට එවන් ව්‍යාජ පුනරුප්පත්ති කතා නම් ‘බළලා මල්ලෙන් එළියට ඇද ගැනීමට’ හැකි වීමය.

ආචාර්ය නෙවිල් ද සිල්වා යනු ශ්‍රී ලාංකේය මෝහන ප්‍රසංග කලාවේ නිර්මාතෘවරයාය. ‘මෝහන රංග’, ‘සංසාර මන්දිර’ ආදී නම්වලින් 1960 දශකයේ අගභාගයේ සිට දශක කිහිපයක් මුළුල්ලේ දිවයින පුරා ඔහු පැවැත්වූ මෝහන ප්‍රසංග අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඒ කෙසේ හෝ 1990 දශකයේ අග භාගයේ ඔහු දැනහඳුනාගත් මම ඉන්පසු වරින් වර එවක රාජගිරියේ පිහිටි ඔහුගේ මෝහන චිකිත්සාගාරයට ගොස් මෝහන චිකිත්සාව පිළිබඳ හැදෑරීමක් කළෙමි. ඒ සඳහා ආචාර්ය නෙවිල් ද සිල්වා මහතාගේ ආදරණීය බිරිඳ වන ඉවෝන් සහ එවක නව යොවුන් තරුණයකුව සිටි ඔහුගේ පුත් මනෝජ්ගෙන් ලැබුණු නොමඳ සහාය ද මෙහිදී සිහිපත් කළ යුතුමය.
මගේ මතකය අනුව ඒ 2002 වසරය. එවර මා ආචාර්ය නෙවිල් ද සිල්වා මහතා වෙතින් හදාරමින් සිටියේ මෝහන චිකිත්සාවේ එක් අංගයක් වන පුනරුප්පත්ති චිකිත්සාව (ඡ්ිඑ කසfැ රුටරුිසදබ එයැර්චහ)ය. එදින එම අවස්ථාව සඳහා එවක උඳුගොඩ දිසා රෝහලේ සේවය කොට මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍ය රත්නසිරි බණ්ඩාර ද එක්විය.

කිසියම් කායික මානසික අර්බුදයකට ලක්ව හිඳින පුද්ගලයකු ඔහුගේ සංකල්පීය ඉහත ආත්මයට ගෙන ගොස් ඊට මුල්වන ගැටලුව එම ආත්මය තුළදී සොයා ඒ ගැටලුව එහිදීම විමසා ඔහු නැවත මෙලොවට හෙවත් වර්තමාන ආත්මයට ‘ගෙනැවිත් දැමීම’ මෙම පුනරුප්පත්ති චිකිත්සාවේ ස්වභාවයයි.

එදින අප ඉදිරියේ මෝහන චිකිත්සාවට ලක්වූයේ වරකාපොළ සිට පැමිණි සුමතිපාල නම් විසිනව වියැති තරුණයෙකි. ඔහු එහි පැමිණ සිටියේ සමාජ භීතිකාව (ීදජස්ක චයදඉස්) නම් මානසික අර්බුදයට විසඳුමක් අපේක්ෂාවෙනි. එය අධික සබකෝලය ලෙස හඳුන්වනු ලැබේ.

‘මහත්තුරු මං ගැන දන්නවත් ඇති. මම තමයි ඩඩ්ලි සේනානායක’.
ආචාර්ය නෙවිල් ද සිල්වා මහතා වෙතින් මෝහනයට පත් සුමතිපාල කීයේ තම ප්‍රකෘති කටහඬට වඩා ඉඳුරාම වෙනස් ස්වරයකිනි.
‘ඩඩ්ලි සේනානායක කිව්වේ මේ අපේ හිටපු අගමැතිතුමා?’
ආචාර්ය නෙවිල් ද සිල්වා ඇසුවේ ඉතා සුහද සහ සාමාන්‍ය ලෙසිනි.
‘ඔව් ඔව් ඒ මම තමයි.’ සුමතිපාල එම බැරෑරුම් හඬින්ම කීය.
‘ඔබතුමාට නේද ඒ කාලේ මිනිස්සු බත් දුන් පියා කිව්වේ?’ යළි ආචාර්ය නෙවිල් ද සිල්වා මහතා ඉතා සුහද ලෙසින් ඇසීය. එවිට ඔහු එය පිළිගත්තේය. පසුව සුමතිපාල සමග කළ කෙටි පිළිසඳරකින් පසු සුමතිපාල තුළින් යළි මෙලොවට පැමිණි ඩඩ්ලි සේනානායක මහතා සමග කතාබහකට එළැඹී‍මේ අවස්ථාව මට උදාවිය. එහිදී ඔහු හා මා අතර පැවැති කෙටි පිළිසඳර මෙසේය.
ප්‍රශ්නය – ඔබතුමාගේ උපන්දිනය මතකද?
පිළිතුර – හරියට මතක නෑ.
ප්‍රශ්නය – එහෙනම් උපන් අවුරුද්ද?
පිළිතුර – මතක නෑ.
ප්‍රශ්නය – ඔබතුමාගේ මෑණියන්ගේ නම?
පිළිතුර – මතක නෑ.
ප්‍රශ්නය – හරි, එහෙනම් ඔබතුමාගේ සම්පූර්ණ නම කියන්න.
පිළිතුර – ඩඩ්ලි සේනානායක.
ප්‍රශ්නය – ඩඩ්ලි සේනානායක කියන නමේ මැදට තව අකුරු හතරක නමක් තිබුණා මතකද?
පිළිතුර – මතක නෑ.

ඩඩ්ලි සේනානායකයන් 1911 ජූනි මස 19 දා මෙලොව එළිය දුටු අතර, ඔහුගේ මව වනුයේ මොලී දුනුවිල කුමාරිහාමිය. ඩඩ්ලි සේනානායකයන්ගේ සම්පූර්ණ නම සඳහන් වනුයේ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායකය. එමෙන්ම ඩඩ්ලි සේනානායකයන් අභාවප්‍රාප්ත වී ඇත්තේ 1973 අප්‍රේල් 13 වැනිදාය. පසුව සුමතිපාල වෙතින් කරන ලද විමසීමේදී හෙළිවූ අන්දමට මෙම සුමතිපාලගේ මාපියෝ ඩඩ්ලි සේනානායකයන්ගේ දේශපාලන බළකොටුව වන දැදිගම ආසනයේ ඡන්දදායකයන් සේම ඔහු කෙරෙහි දැඩි බැතිමත් බවක් පළකළ එක්සත් ජාතික පාක්ෂිකයෝය. එමෙන්ම මෙම සුමතිපාල ඉපදී ඇත්තේ ඩඩ්ලි සේනානායකයන්ගේ අභාවයෙන් මාස තුනකට පසුව, එනම් 1973 ජූලි 14 වැනිදාය.
‘අපේ පුතා විදියට ඉපදිලා ඉන්නේ අපේ ඩඩ්ලි හාමුද දන්නේ නැහැ’ යනුවෙන් සුමතිපාලගේ උපතින් පසු මවුපියන් තුළ පැවැති විශ්වාසය මත වරින් වර කී එම කතාව සුමතිපාලගේ ද සවන වැකී පසුකාලීනව එය ඔහුගේ මනස තුළ අවරෝධනය වී තිබේ.

සුමතිපාල තුළ පැවැති සාමාන්‍ය සමාජයේ අධික සබකෝලය නමින් හැඳින්වෙන එම සමාජ භීතිකාව පිළිබඳ ඩඩ්ලි සේනානායකයන්ගේ ආත්මය ලෙසින් පෙනීසිටි සුමතිපාල සමග සුහද ලෙසින් කතාකොට ඩඩ්ලි සේනානායක වැනි ජන නායකයකු තුළ සබකෝලයක අංශු මාත්‍රයක් තිබිය නොහැකි බැවින් වත්මන් ආත්මයේ ඇති සබකෝලය කිසිදු තේරුමක් නැති ව්‍යාජ භීතිකාවක් බව මෝහන විධානයක් මගින් පහදා දීමට ආචාර්ය නෙවිල් ද සිල්වා සමත් විය.

මින් පැවසෙනුයේ මෝහනය මගින් මතුවන ඉහත ආත්ම කතා ඒ ඒ පුද්ගලයන්ගේ පරිකල්පනයන් තුළින් මතුවන කල්පිතයන් මිස සත්‍යයන් නොවන බවය. ඒ බව මා සහතිකවම ප්‍රකාශ කොට සිටිනුයේ එවැනි විමර්ශන ගණනාවකම ප්‍රතිඵල ද මා සතුව ඇති බැවිනි.

තිලක් සේනාසිංහ

SendShareShare
Previous Post

ඈවරයි දෑවරයි තුන්ඈවරයි! වටිනාකම ඩොලර් මිලියන 13යි! බුදුන් වහන්සේටත් මිලක් නියම කරපු පෙපේ! Sri Lanka Latest News

Next Post

මාස 6න් ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා! බොරුව කඩන් වැටුණා! විපක්ෂය එකතු කරගෙන අලුත් ගමනක් යන්න සජිත් සූදානම් වෙයි! Sri Lanka Latest News

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.