දේශපාලනයේ කිසිවකුටත් ප්‍රාතිහාර්ය පෑමට නොහැකි බවත්, ජනාධිපතිවරයා ප්‍රාතිහාර්යයක් පා ඇති බවට නිමල් සිරිපා අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය තමන් පිළි නොගන්නා බවත් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
තමන්ට නිමල් සිරිපාල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ මුණගැසෙන අවස්ථාවලදී ”හර්ෂ ඔයා හරි මෝඩයි! මම හැම ආණ්ඩුවේම ඇමැති… ඔයා විපක්ෂේ…!’්’ යනුවෙන් අමාත්‍යවරයා පවසන බවත්, ආණ්ඩුවලට පනිනවාට වඩා ප්‍රතිපත්තියක් මත පිහිටා විපක්ෂයේ සිටීමට තමන් සූදානම් බව එහිදී තමන් ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.










