2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ.Sri Lanka Latest News
එය මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වන අතර ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවද වේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 16ක් හිමිවිය.
මීට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ මනාප නිකුත් කර තිබූ අතර ඒ වනවිට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා බවට පත්ව තිබුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට ආසන 14ක් හිමිවු අතර ඉන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස ඇය මනාප සංඛ්‍යාව 655,289ක් හිමිකර ගෙන තිබුණි.










