එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය ලබන 21 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පවත්වන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කීය.Sri Lanka Latest News
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලනය පැවැත්වීමට සැලසුම් කොට ඇති බව කී ඒ මහතා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කොට ඊට නව මුහුණුවරක් ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියේය.
ඒ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ පක්ෂයට අලුත් මුහුණුවරක් ලබා දී ජනාධිපතිවරණය සදහා සූදානම් වීමට අවශ්‍ය වටපිටාව මේ හරහා සකස් කර ගන්නා බවකි.










