මලාඹේ තොරතුරු තාක්ෂණ ආයතනය සම්බන්ධයෙන් මහාචාර්ය චරිත හේරත් මහතා අද දින විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ තාවකාලිකව එහි පාලනය බාරගත් පිරිස් විසින් ආණ්ඩුවේ මුදල් වියදම් කොට ඉදිකළ ස්ලිට් ආයතනය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවකි.
මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ පිටු 500ක වාර්තාවක් ඇති බවද චරිත හේරත් මහතා පෙන්වා දුන්නේය.
එවැනි පසුබිමක් යටතේ ජනාධිපතිවරයා යාපනයේ ජනාධිපති මන්දිරය ස්ලිට් ආයතනයට ලබා දීමට ගෙන ඇති තීන්දුව හරහා ව්‍යවස්ථාදායක සභාවද හෑල්ලුවට පත් කොට ඇති බවද ඒ මහතා කියා සිටියේය.










