වෙඩි ප්‍රහාරයකට ලක්ව දින 18 ක් ගතවූ පසුව පැය හතරක පමණ කාලයක් සැත්කමකට ලක් කළ සිතා ඇතින්නගේ සිරුරේ තිබී මිලි මීටර 06 ක විශ්කම්භයෙන් යුත් යකඩ බෝලයක් සහ ඊයම් කැබලි කිහිපයක් හමුවී තිබේ. (Sri Lanka Latest News)
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු සීතා ඇතින්නට සිදුකළ දෙවන සැත්කම මෙයය.
ක්‍රමයෙන් ඇතින්නගේ ශරීර සෞඛ්‍ය දුර්වල වන නිසා ශරීරයේ ලෝහ කොටස් ඇත්දැයි සොයාබලා ඒවා ඉවත් කිරීමට අවසර දෙන්නැයි අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සැත්කම සිදුකළ බව විශේෂඥ වෛද්‍ය දංගොල්ල පැවසුවේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුළු වෛදය කණ්ඩායමක් විසින් අද (17) පෙරවරුවේ සිතා ඇතින්න සැත්කමකට ලක් කළ පසු මෙම ඊයම් බෝල ඉවත් කර ඇත
වෙඩි වැදුණු ස්ථානයක සිට සෙන්ටි මීටර් 03 ක් පමණ ඇතුළතින් යකඩ බෝලය තිබූ බව මහාචාර්ය දංගොල්ල කීය.
මෙම යකඩ බෝලය තවත් ඇතුළට ගමන් කළේ නම් පෙනහලු සහ හෘදයට හානි වීමට තිබූ බවත් මේ ආකාර තවත් යකඩ බෝල උරස් කුහරයේ හෝපෙනහලු ආශ්‍රිතව තිබේද යන්න පිළිබඳව සැක මතුවන බවත් ඔහු කීවේය.
මේ ආකාර තවත් යකඩ බෝල ඇත්දැයි සොයා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වන නමුත් ඒ සඳහා අවශ්‍යය ස්කෑන් හෝ එක්ස් රේ යන්ත්‍ර නොමැති වීම බරපතළ ගැටලුවක් යැයි ද හෙතෙම අවධාරණය කළේය.
සතා දුර්වල වීම වලක්වා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ප්‍රතිකාර ලබාදෙන බව ද මහාචාර්යවරයා පැවසුවේය.
රබර් උණ්ඩ යොදා ඇතින්නට වෙඩි තැබූ බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ ප්‍රකාශය අසත්‍යඑකක් බව දැන් හෙළිවී ඇතැයි ඇතින්නගෙ හිමිකරු වන එස්.එම්. රොෂාන් පැවසුවේය.
ඇතින්නට වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදීම අසත්‍ය ප්‍රචාර කරමින් වනජීවී නිලධාරීන් හා පොලීසිය මුළු රටම රැවටීමට උත්සාහ කළත් මේ වනවිට ඔවුන් ගේ නිරුවත හෙළිදරව් වී ඇතැයි ද ඔහු පැවසීය.
මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ජීව උණ්ඩවලින් බව දැන් අනාවරණය වී ඇතැයි ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ට මේ සම්බන්ධ වගකීමෙන් බැහැර වීමට නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
lankasara










