සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීන්දුව බලරහිත කරන ලෙසට අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පෙස්සම් විභාගය ලබන 27 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.Sri Lanka Latest News
එම පෙත්සම් විභාගය විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවන් ඉදිරියේ පැවැත්විණ.
එහෙත් අද දින මෙම පෙත්සම් විභාගයට සහභාගී වූ විනිසුරු මඩුල්ල නිසි ලෙස සංයුක්ත වී නොමැති වීම හේතුවෙන් පෙත්සම් විභාගය ලබන 27 වැනිදා දක්වා කල් තැබීමට නියම කෙරිණ.










