නියෝජ්‍ය කතානායකවරයා තේරීමේදී ස්වාධින යැයි කියන කණ්ඩායම ආණ්ඩුවට පක්ෂව ජන්දය ලබා දුන්නද ඔවුන්ට තවත් එක් අවස්ථාවක් ලබා දිය යුතු බව හරීන් ප්‍රනාන්දු මහතා කීය.
ඒ අනුව අවම වශයෙන් විශ්වාසභංගයේදී හෝ ඔවුන්ට ආණ්ඩුවට එරෙහිව යාමට අවස්ථාව දිය යුතු බවත්, එහිදීද එවැන්නක් සිදු නොවුණහොත් ජනතාව ඔවුන්ට ගමටවත් පැමිණීමට ඉඩ නොතබනු ඇති බවත් ඒ මහතා කීය.










