සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට තීරණය කොට ඇත.
ඒ අනුව හෙට දිනයේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හරීන් ප්‍රනාන්දු මහතා සමග ඒ මහතාගේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට නියමිතය.
හරීන් ප්‍රනාන්දු මහතා දේශපාලන ජීවිතය ආරම්භ කළේ බදුල්ලෙනි.
බදුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පමණක් නොව ඌව මහඇමැතිවරයා වශයෙන්ද හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.
කෙසේවෙතත් පසුගිය කාල සීමාවේදී හෘදය සැත්කමකට මුහුණ දී විවේකීව සිටි ඒ මහතා හෙට දිනයේ සිට යළිත් සක්‍රීයව දේශපාලන කටයුතුවල නිරත වීමට තීරණය කොට ඇති බව පැවසේ.










