• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගුරුදා විග්‍රහය 2021 කී V වැනි මහින්දගේ සාගතය ආවා! ගෝඨාත් පැන්නා! ඊළඟට? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 15, 2022
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
ගුරුදා විග්‍රහය 2021 කී V වැනි මහින්දගේ සාගතය ආවා! ගෝඨාත් පැන්නා! ඊළඟට? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

අරගලය පටන්ගත්තේ 2022 අප්‍රේල් පළමුවැනි සිකුරාදාය. ඒ, එවක ජනාධිපති ගෝඨාභයගේ මිරිහානේ නිවෙස වටකරලාය. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් පටන්ගත්තේ මේ කාලයේය. 2021 නොවැම්බර් වන විට අරගලයක් තිබුණේත් නැත. තෙල් පෝලිම් හෝ ගෑස් පෝලිම් තිබුණේත් නැත. පේන්න තිබුණේ ගෑස් ටැංකි පුපුරන ප්‍රශ්නය විතරය. කොවිඩ් නිසා වහල තිබුණු රට 2021 නොවැම්බර් වන විට විවෘත වී තිබුණු අතර එවක ජනාධිපති ගෝඨාභය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගි වීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටියේය. 2021 නොවැම්බර් 28 ‘ගුරුදා විග්‍රහය’ ලිපියේ හෙඩිම මෙහෙමය.

‘මේ එන්නේ පස්වැනි මහින්ද රජුගේ සාගතයමද…?’

පහත දැක්වෙන්නේ එම ලිපියය.

මහින්ද 2005 ජනාධිපතිවරණයට එන විට මහින්දව කරේ තියාගෙන ගිය මංගලලා, ජවිපෙ සහ හෙළ උරුමය කීවේ මේ එන්නේ රාජ වංශයේ හයවැනි මහින්ද කියාය. මහින්දගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවක් වූයේත් මේ හයවැනි මහින්දගේ කතාවය. හැබැයි මේ කවුරුත් මෙරට රජකම් කළ පස්වැනි මහින්ද කවුද කියා දැන සිටියේ නැත.

‘කවුද මේ පස්වැනි මහින්ද…?’

පස්වැනි මහින්ද පස්වැනි සේන රජුගේ සහෝදරයාය. ඔහු රජකමට පත් වූයේ අවාසනාවන්ත කාලයකය. ඔහු රාජ ධර්මයට පිටුපා රජ කළ බව මහාවංශයේ සඳහන් වේ. මේ නිසාම රට වැසියෝ අය බදු ගෙවීම පැහැරහැරිය බවද මහාවංශයේ සඳහන් වේ. රටවැසියා අය බදු නොගෙවීමෙන් රාජ්‍ය තන්ත්‍රයම අවුල් ජාලයක් විය. රජුගේ සේවකයන්ට රජුගේ හමුදාවට පඩිනඩි ගෙවීම නතර විය. තමන්ට කන්න වැටුප් නොදෙනවා නම් රජුට කන්න නොදෙනවා යැයි කියා හමුදාව රජුට එරෙහිව කැරැලි ගැසූහ. ආහාර නිෂ්පාදනය මුළුමනින්ම ඇදවැටිණි. රට වැසියෝ දුප්පත්කමේ අන්තයටම ගියහ. රටේ තැනින් තැන සාගත බියෙන් කැරැලි කෝලාහල ඇතිවිය. බයවූ රජු රුහුණට පලාගියේය. මේ වන විට ඉන්දියාවේ සොළී රටින් වෙළෙන්දන් ලංකාවට යමින් එමින් තිබිණි. මෙලෙස පැමිණි අශ්ව වෙළෙන්දෙක් ලංකාවෙ තත්ත්වය සොළී රජුට දැන්වීය.

ලක්දිව අල්ලා ගන්න හොඳම අවස්ථාව මෙය යැයි සිතූ සොළී රජු වහාම ලංකාවට යුද සේනාවක් යැවීය. ඔවුන් කෙළින්ම ගියේ රුහුණටය. රාජධානියේ හමුදාවෙන් සහ රට වැසියන්ගෙන් කරදර වේ යැයි සිතා රුහුණේ සැඟවී සිටි මහින්ද රජුට සොළී හමුදාව පණිවුඩයක් යැවීය. එනම් රජුට රජකම ආරක්ෂා කරගැනීමට උදව් කිරීම සඳහා ගිවිසුමක් අස්සන් කරන්න සොළී රජු කැමැත්තෙන් සිටින බවය. මහින්ද රජු ලණුව කෑවේය. සැඟවී සිටි තැනින් එළියට ආවේය. සොළී හමුදාව රජුගේ වස්තුව පැහැරගෙන හිරකාරයෙක් මෙන් රජුව සොළී රටට ගෙන ගියේය. සොළීහු ලංකාව මංකොල්ල කමින් රට පාලනය කළහ. මහින්ද රජු සොළී රටේදී හිරකාරයෙක් ලෙස මියගියේය. මේ පස්වැනි මහින්දගේ කතා වස්තුවය.

ඕනෑම නායකයකුගේ ඕනෑම නායක පවුලකගේ ආරම්භයක් සේම අවසානයක්ද තිබේ. මහින්දත් රාජපක්ෂලාත් ඉවර වෙන්න තිබුණේ 2019දීය. හැබැයි ඒ අවසානය ප්‍රමාද වී පැමිණ තිබේ. අද මේ ආණ්ඩුව හරියට පස්වැනි මහින්දගේ රාජ්‍යය වගේය. එදා සොළීන් පස්වැනි මහින්දට රාජ්‍යය රැකගන්න උදව් කරන්නම් කියා ආවා සේ අද ඩොලර් දෙන්නම් කියා ලොව බලවත් රටවල් ලංකාවේ විදුලිය, තෙල් බලය සියතට ගැනීමට ගේම් ගසමින් සිටී.

‘මම නම් හිතන්නෑ ආයෙ මිනිස්සු විජයදාස රාජපක්ෂටවත් ඡන්දය දෙයි කියලා…’
මේ ත්‍රිරෝද රථ රියැදුරෙක් කී කතාවකි.

‘ඇයි ඒ, ඒ මිනිහා මොනව කරන්නද? ඇමැතියෙක්වත් නෙවෙයිනේ…?’
මගියා උත්තර දුන්නේය.

‘නෑ සර් අපේ මිනිස්සු රාජපක්ෂ නම තියෙන කෙනකුටවත් ඡන්දෙ දෙයිද දන්නෙ නැහැ…’
මේ රියැදුරා විහිළුවට වගේ කිව්ව කතාවය.

‘ගුරුදා විග්‍රහය’
උපුල් ජෝශප් ප්‍රනාන්දු
28.11.2021

2021 නොවැම්බර් මසදී ‘ගුරුදා විග්‍රහය’ පස්වැනි මහින්දට සිදුවුණු දේ ගෝඨා ඇතුළු රාජපක්ෂ පවුලට සිදුවෙනවා කියා ලියද්දී මහින්දවාදීන් ‘ගුරුදා විග්‍රහය’ට පිස්සු කියා හිතන්න ඇත. නමුත් අද ඒ පිස්සුව ඇත්ත වී තිබේ. ගෝඨාභයට, මහින්දට, බැසිල්ට, නාමල්ට හැමෝටම පැනයන්න සිදුවිය. මහින්ද හිටියේ රටින් පැන යෑමට පුළුවන් වන සේ දූපතක ආරක්ෂා සහිතවය. ගෝඨා රටින් පැන යන්න ඉන්දියාවට යන්න අවසර ඉල්ලුවත් ඉන්දියාව ගෝඨාට ඉන්දියාවට එන්න අවසර දෙන්න බය විය. අන්තිමට ගෝඨාට පැනයන්න රටක් හොයාගන්න සිදුවිය. බැසිල් පැනයන්න ගුවන් තොටුපළට යද්දී ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් ඔහුව වැළැක්වූයේය. නාමල්ද හිටියේ සැඟවිලාය. එහෙම බලනකොට රාජපක්ෂ පවුලටම වුණේ පස්වැනි මහින්දට වුණු දේමය. රනිල් ජනාධිපති නොවෙන්න රාජපක්ෂ පවුලෙන් දෙතුන් දෙනකුට පස්වැනි මහින්ද මෙන් හිරේ යන තැනට වැඩ සැලසෙන්න තිබිණි. ඒ වින්නැහියෙන් රාජපක්ෂ පවුල බේරාගත්තේ රනිල්ය.

‘දැන් රනිල්ට වෙන්න යන්නේ මොකක්ද…?’

මහින්ද පතිරණ කියන්නේ බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශකයාය. අරගලය වෙලාවේ රාජපක්ෂ පවුලේ හිතවාදීන් ප්‍රකාශයකයන් ගෝලයන් හැමෝම හැංගෙද්දී බය නැතිව රාජපක්ෂ වෙනුවෙන් විශේෂයෙන් බැසිල් රාජපක්ෂ වෙනුවෙන් කතා කළේ මහින්ද පතිරණය. අරගලකාරයන් වැසිකිළියට මහින්ද පතිරණගේ නම දමද්දීත් ඔහු සැලුනේ නැත. ඔහු සිය මුහුණු පොතේ බැසිල් සහ රාජපක්ෂ පවුල පොහොට්ටුව වෙනුවෙන් තනියම සටනක් ගෙන ගියේය. පසුගියදා කළුතරදී මහින්ද, රනිල් දැන් යහමඟට ඇවිත්, අපි රනිල්ගේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනා යැයි කියූ කතාවට මහින්ද පතිරණ හොඳ සටහනක් සිය මුහුණු පොතෙහි ලියා තිබිණි. පහත දැක්වෙන්නේ ඔහු ලියපු එම සටහනය.

මිනිස්සු දේශපාලනය දන්නව

‘මිනිස්සු දන්නවා මහින්ද කියන්නේ කවුද කියලා. මේ වයසක අම්මට මොළේ තියෙනව අද කාලෙ ඔය අරගලය කියල පෝන් කනේ ගහගෙන යන තමන් කරන්නෙවත් මොකක්ද කියල නොදන්න හැච්චන්ට වඩා ‘රනිල් දැන් යහමගට ඇවිත්. අපි රනිල්ගෙ හොඳ කියනව’ කියල මහින්ද කියනකොට මැය සහ පිරිස හිනාවෙනව. මොකද ඔවුන් දේශපාලනය දන්නව. ඔවුන්ගේ හිනාව බලන්න. ඒකෙ තියෙනව වෙන මාත්‍රාවක්. රහසින් පව් කරපු, ඒත් පවට සමාව දෙන ගතියක් තියෙන්නේ ඒකෙ. ඔවුන් දන්නව ඒ වෙලාවෙ ගේන්න තිබුණු එකම කෙනා රනිල් කියල. මහින්දයි බැසිලුයි ඒක කළේ ෆොන්සේකා අගමැති පුටුවට ගෙනත් අලුත වටයකින් ඇරගන්න ගෝඨාභය ට්‍රයි කරනකොට. ඇමෙරිකාව, ඉන්දියාව, චීනය තුනම එක එක හේතු කියලා විරුද්ධ වෙනකොට අපට පුළුවන් වුණා රටට ඕනෙ කෙනා ගේන්න. ඒක රටේ ජයක්. ඒක තමා දේශපාලනය කියන්නේ. දේශපාලනය කියන්නේ දුෂ්කරම අවස්ථාවෙ තීන්දු ගැනීම. මහින්දයි බැසිලුයි ඒක ගත්තා. මිනිස්සු ඒක දන්නවා. ඔවුන් දේශපාලනය කරන්නෙ ඉවෙන්.

මේ මිනිස්සුම තමා 2005 මහින්ද ගෙනාවේ. එදා ඒ ගත්ත නිවැරැදි තීරණය නිසා තමා අද ලංකාව එකට රටක් විදියට තියෙන්නේ කියලා මේ අම්මලට තාත්තලට ලොකු ආඩම්බරයක් තියෙනව. මහින්ද ඔවුන්ගේ අවශ්‍යතාව ඉටුකළා. ඒ නිසා මහින්දයි මේ අයයි අතර තියෙන සම්බන්ධය දේශපාලනයට එහා ගිය එකක්. ඒක කඩන්න කාටවත් බැහැ.

2015 මහින්ද පරාජය වෙලා සිරිසේන ආපු එක අපේ රටේ සියලු ජයග්‍රහණ ආපිට කැරකෙව්වා. ආර්ථිකය වැටුණා. දේශපාලනය අස්ථාවර වුණා. නිර්පාක්ෂික කියල ආපු සිරිසේන පාක්ෂික වෙලා පිස්සු නටන්න ගත්ත එක තමා ඒ සේරටම මුල. ඉතින් වෙන්න තියෙන දේවල් සේරම වුණා. අවසානේ මිනිස්සු ගෝඨාභය වගේ කෙනෙක් ඉල්ලුවා. හැබැයි ඒ ඉල්ලපු ගෝඨාභය, ගෝඨාභය ළඟ හිටියෙ නැති නිසා අපට වැරැදුණා. ඒකත් මිනිස්සු දන්නවා. ආර්ථික අර්බුද අරව මේවා සේරම මැදින් මිනිස්සු ඒක දන්නවා.

දේශපාලන සිඟිත්තන්ට කියන්නේ, අපි ආපහු නැගිටිනවා. මහින්ද, බැසිල්, රනිල් අපි ඔක්කොම එකට නැගිටිනවා. ඒක කාටවත් නවත්තන්න බැහැ. මිනිස්සු දන්නවා ඒක. මිනිස්සු දේශපාලනය දන්නවා. මොන කතා සාප්පුවෙ මොකක් කිව්වත් මිනිස්සුන්ට ඒවා අදාළ නැහැ. මිනිස්සු දේශපාලනය කරන්නේ තනියම. පුද්ගලිකව….’

මේ සටහනේ මිනිස්සු නොදන්නා කතා තුනක් තිබේ. පළමුවැනි කතාව ගෝඨාභය ගෙදර යවන්න අරගලකරුවන්ට පමණක් නොව මහින්ද සහ බැසිල්, නාමල් ඇතුළු රාජපක්ෂ පවුලටම ඕනෑ වී තිබූ බවය. එයට හේතුව ගෝඨා, රාජපක්ෂ පවුලේ වුවමනා එපාකම් ඉටු නොකළ නිසාත්, අරගලය මැද්දේ බැසිල්ටත්, නාමල්ටත්, මහින්දටත් අයින් වෙන්න යැයි ගෝඨා බැසිල්ටත්, නාමල්ටත්, මහින්දටත් දමපු ප්‍රෙෂර් එක නිසා මේ තිදෙනාම ගෝඨාභය එක්ක වෛර බැඳගත් බව පැහැදිලිය. ගෝඨා පළමුවෙන්ම නාමල්ට ඇමැති මණ්ඩලයෙන් ඉවත් වෙන්න කීවේය. ඊළඟට බැසිල්ට මුදල් ඇමැති ධුරයෙන් ඉවත් වෙන්න බල කළේය. අවසානයේ මහින්දට අගමැති ධුරයෙන් ඉවත් වෙන්න කියා බලපෑම් කළේය. අන්තිමේදී මේ තුන්දෙනාම හිතන්න ඇත්තේ ගෝඨා තම පවුලේ වුණත් රනිල් පවුලෙන් පිට වුණත් රනිල් ගෝඨාට වැඩිය හොඳයි කියාය. ගෝඨා යටතේ යළිත් තමන්ට දේශපාලනය කරන්න බැරි බවත්, රනිල් තමන්ට යළි දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණයක් හදනු ඇති බවත් ඔවුන් හිතන්න ඇත. මහින්ද පතිරණ, මහින්ද, බැසිල්, රනිල් අපි ඔක්කොම එකට නැඟිටිනවා කියන්නේ ඒකය.

දෙවැනි කතාව රනිල් සහ රනිල්ගේ ඇමැති මණ්ඩලය උදේ හවා මොරදිදී කියන කතාව සජිත් භාරගන්න බැහැ කීව නිසා රනිල් භාරගත්තාය කියන කතාවද මහින්ද පතිරණ බොරුකර තිබේ. බැසිල්ගේ රහස් කුමන්ත්‍රණ දන්නා මහින්ද පතිරණ කියන්නේ දෙවැනි වටයේ ඇරගත්ත ගෝඨා, ෆොන්සේකාව අගමැති කරන්න ගිය බවය. හැබැයි මහින්ද පතිරණ එතැනදී ගෝඨා සජිත්ට අගමැතිකම භාරගන්න කියලා කරපු ආරාධනය සිය සටහනෙන් හංගා ඇත. ගෝඨා පළමුව ආරාධනා කළේ සජිත්ටය. දෙවැනුව ෆොන්සේකාටය. මේ දෙදෙනාටම අගමැති ධුරය දීම රාජපක්ෂ පවුල ඇරගැනීමක් ලෙස රාජපක්ෂවරුන්ගේ ප්‍රකාශකයා සඳහන් කර තිබේ. ඒ කියන්නේ මේ දෙදෙනාගෙන් එක් අයකුටවත් අගමැති ධුරය නොදිය යුතුය යන තද ස්ථාවරයේ රාජපක්ෂ පවුල සිටි බව මහින්ද පතිරණ සාක්ෂි සහිතව ඔප්පු කොට ඇත. එයින් තේරුම් යන්නේ මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වූයේ රනිල් අගමැති කළ යුතුය යන කොන්දේසිය මත බව හොඳටම පැහැදිලිය. සජිත් කොන්දේසි සහිතව අගමැති ධුරය භාරගන්න කැමැත්ත ලිඛිතව ප්‍රකාශ කළ විට ගෝඨා එය මායිම් නොකොට රනිල්ව අගමැති කළේ රාජපක්ෂ පවුලේ වුවමනාවටය. සජිත් ආසයි බයයි වුණා, රනිල් බය නැතිව අභියෝගය භාරගත්තා කියන කතාව අතේ පැළවෙන බොරුවක් බව හොඳටම පැහැදිලිය.

තුන්වැනි කතාව මහින්ද පතිරණ කියන්නේ ඇමෙරිකාව, ඉන්දියාව, චීනය යන රටවල් තුනම එක එක හේතු කියලා විරුද්ධ වෙනකොට රටට ඕනෑ කෙනා අපි ගෙනාවා යැයි මහින්ද පතිරණ කියන කතාවය. රනිල්ව ජනාධිපති කළේ ජාත්‍යන්තර සබඳතා නිසා යැයි නාමල් ඇතුළු පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු කියන කතාව මහින්ද පතිරණ බොරු කර තිබේ. රනිල් ජනාධිපති කරනවාට ඇමෙරිකාව, ඉන්දියාව, චීනය එක පිට එක හේතු කියා විරුද්ධ වුණා නම් මේ ආර්ථික අර්බුදය විසඳන්න රනිල්ට ජාත්‍යන්තර සහාය ලැබෙයි කියා හිතන්න බැරිය. අනෙක මහින්ද පතිරණ කියන්නේ ඇමෙරිකාව, ඉන්දියාව, චීනය විරුද්ධ වෙද්දී රාජපක්ෂවරු රටට ඕනෙ කෙනා ගෙනාව බවය. ඇත්තටම ගෙනල්ලා තියෙන්නේ රටට ඕනෑ කෙනා නොව රාජපක්ෂ පවුලට ඕනෑ කෙනාවය.

එහෙම බලනකොට රනිල්ට ජාත්‍යන්තර ජන මතයක්ද නැත. ලංකාවේ ජන මතයක්ද නැත. ඇත්තේ රාජපක්ෂ පවුලේ සහ රාජපක්ෂ පවුලට කඩේ යන මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍යයන්හි මතයක් පමණි. මේ නිසා මහින්ද පතිරණ කියන විදියට රනිල්ට තනියම නැඟිටීමක් නැත. රනිල්ට නැඟිටින්න වෙන්නේද මහින්ද, බැසිල් සහ නාමල් එක්කය. මහින්ද, බැසිල්, නාමල් නැඟිටින්නේ නැත්නම් රනිල්ට නැඟිටින්නද බැරිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අලුත් කතාවක් එළියට එයි! ප්‍රියමාලිගෙ ඩීල්වලට කැබිනට් ඇමැතිවරු දෙන්නෙකුත් සම්බන්ධයිලු!

Next Post

අපේ සිංහ කෙල්ලො ටිකත් අද ඉන්දියාවට ගහලා ඒෂියා කප් එක ලංකාවට අරන් දෙයිද?

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.