• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මහින්දගෙයි රනිල්ගෙයි ‘මචන්’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 12, 2022
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
මහින්දගෙයි රනිල්ගෙයි ‘මචන්’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2006 පුංචි ඡන්දයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ධුරයට සිරිසේන කුරේ නම් කළ යුතු යැයි එකල රනිල්ගේ සමීපතම උපදේශකයකු වූත්, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී වූත් මිලින්ද මොරගොඩ ලොකු බලපෑමක් කළේය. මිලින්දගේ ඒ බලපෑමට සිරස මාධ්‍ය ආයතනයෙන්ද ලොකු ශක්තියක් ලැබිණි. එකල සිරස අධිපති රාජා මහේන්ද්‍රන් සිරිසේන කුරේගේ සමීප මිත්‍රයකු විය. රනිල් යූ.ඇන්.පී. නායකත්වයට පත්වීමෙන් පසු රනිල්, කුරේට තැනක් දුන්නේ නැත. කුරේ වෙනම පක්ෂයක් පිහිටුවලා පළාත් සභා ඡන්දයට ඉදිරිපත් විය. එම ඡන්දයේදී කුරේගේ පක්ෂය අන්ත පරාජයක් ලැබීය. ඉන් පසු රනිල් සහ කුරේ එකතු කිරීමේ වැඩේ මිලින්ද භාරගත්තේය. ඒත් කුරේට පුරපති අපේක්ෂකත්වය දීමට රනිල්ගේ කැමැත්තක් නොවීය. ඔහු කුරේට අපේක්ෂකත්වය දුන්නේ මිලින්දගේ සහ සිරස අධිපති රාජා මහේන්ද්‍රන්ගේ බලපෑමටය. එකල රනිල්ට සමීප ලීඩර් පුවත්පත් කර්තෘ ලසන්තද, කුරේගේ මිත්‍රයෙක් විය. ඔහුද කුරේට අපේක්ෂකත්වය දෙන ලෙස රනිල්ට බලපෑම් කළේය. රනිල් කුරේට අපේක්ෂකත්වය දුන්නේය. මේ වෙනකොට මහින්ද ජනාධිපති වී වසරක්වත් ගතවී තිබුණේ නැත. මහින්දගේ ඉලක්කය වූයේ කවදාවත් ශ්‍රීලනිපයට දිනන්න බැරි වූ කොළඹ නගර සභාව ජයග්‍රහණය කිරීමය. කොළඹ නගර සභාව දිනන්න මහින්ද මරාගෙන මැරෙන සටනක් දෙන බව රනිල්ද දැන සිටියේය. රනිල්, කුරේට අපේක්ෂකත්වය දුන්නේ කැමැත්තකින් නොවන බවටද මහින්ද දැන සිටියේය. 2006 පුංචි ඡන්දයට කොළඹ නගර සභාවේ නාමයෝජනා භාරව සිටියේ සහකාර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියය. යූ.ඇන්.පී. නාමයෝජනා ලැයිස්තුවේ වරදක් සොයා ඔහු නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කළේය. ඔහුට අලුතෙන් නාමයෝජනා කැඳවා ඡන්දය කල්දමන්න හැකියාව තිබුණත් එසේ කළේ නැත. යූ.ඇන්.පී.ය නන්නත්තාර විය. අවසානයේ ස්වාධීන කණ්ඩායමකට සහාය දෙන්න කුරේගේ කණ්ඩායම තීරණය කළ අතර එයට රනිල්ගේ අනුමැතියද ලැබිණි. මහින්ද කොළඹ නගර සභාව දිනන්න කෙළ හල හලා හිටියේය. ඒත් කොළඹ නගර සභාව යූ.ඇන්.පී.ය සහාය පළ කළ ස්වාධීන කණ්ඩායම ජයගත්තේය.

ඊළඟ නගර සභා ඡන්දය ආවේ 2010දීය. 2010 නගර සභා ඡන්දයේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු විශාල වශයෙන් ප්‍රතික්ෂේප විය. ඒත් ප්‍රතික්ෂේප වූ නාමයෝජනාවලට ඡන්දය නොපවත්වා 2011 ඒ නගර සභා, ප්‍රාදේශීය සභාවලට වෙනම ඡන්ද තියන්න මැතිවරණ කොමසාරිස් කාර්යාලය තීරණය කළේය. මේ තීරණය ගත්තේත් සහකාර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියය. මන්ද එතකොට මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක හිටියේ නමටය. කොමසාරිස් කාර්යාලයේ සියලු තීන්දු තීරණ ගත්තේ සහකාර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියය. 2006 කොළඹ නගරසභා ඡන්දයේදී මේ මහින්ද f්දශප්‍රිය ප්‍රතික්ෂේප වූ නාමයෝජනාව වෙනුවට අලුත් නාමයෝජනාවක් කැඳවා වෙනත් දිනයක මැතිවරණය පවත්වන්න තීරණය කළේ නැත. ඒත් ඔහු 2011 ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණට වාසිසහගත නගරසභා ප්‍රාදේශීය සභාවල නාමයෝජනා ප්‍රතික්ෂේප වූ විට අලුතෙන් නාමයෝජනා කැඳවා වෙනත් දිනයක ඡන්දය තියන්න ඉඩ දුන්නේය.

පහත දැක්වෙන්නේ මහින්ද දේශප්‍රියගේ දෙබිඩි පිළිවෙත ප්‍රශ්න කරමින් ‘ගුරුදා විග්‍රහය’ එදා 2011 මාර්තු 03 පළ කළ විග්‍රහයේ කොටසකි.

2011 පුංචි ඡන්දයේදී ආණ්ඩුවේ නාමයෝජනා සකස් කිරීම උඩ ඔහුගේ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් ප්‍රතික්ෂේප කළ නාමයෝජනා අදාළ වන පළාත් පාලන ආයතනවල ඡන්ද අධිකරණ තීන්දුවලටත් කලින් කල්දැමීමෙන්ම ඔහුගේ පමණක් නොව සහකාර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේද කල්ක්‍රියාව හෙළිවිය.

2006 පළාත් පාලන ඡන්දයේදීද කොළඹ නගර සභාවට එජාපය ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව දෝෂ සහිත වීම මත ප්‍රතික්ෂේප කළේ මේ සහකාර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියය. එවිට එජාපය උසාවි ගියේය.

‘එතකොට කොළඹ නගර සභා ඡන්දය කල් දමන්න මැතිවරණ කොමසාරිස්ටයි, සහකාර මැතිවරණ කොමසාරිස්ටයි හදිසියක් තිබුණේ නැත්තේ ඇයි…?’

ප්‍රශ්නය තියෙන්නේ එතැනය.

‘මැතිවරණ නීතිය අකුරට පිළිපදින්න අලියා නැතිව වුණත් කොළඹ නගර සභා ඡන්දය තියන්න එඩිතර වුණු මැතිවරණ කොමසාරිස්ලා බුලත් කොළය නැති වුණාම ඡන්ද කල්දමන්නේ ඇයි…?’

මැතිවරණ කොමසාරිස් දයානන්ද විශ්‍රාම ගියාම මැතිවරණ කොමසාරිස්කම ගන්න දතකට මැදගෙන ඉන්නේ සහකාර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියය.

2010 ජනාධිපතිවරණය මෙහෙයවූයේත් මැතිවරණ කොමසාරිස් දයානන් නොව මේ සහකාර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියය. 2010 ජනාධිපතිවරණය දිනයේ ඡන්දය ගණන් කරද්දී මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක අතුරුදන්ව සිටි බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා කීවේය. ඒ වගේම ඇමෙරිකානු විකිලීක්ස් කේබල් පණිවුඩයකින් අනාවරණ වූයේ දිසාපතිවරු 08කට ප්‍රතිඵලය මැතිවරණ කාර්යාලයට එවීමට පෙර ජනාධිපති මන්දිරයට යවන ලෙස නියෝග කර තිබූ බවය. මේ දිස්ත්‍රික්කවලට අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය අයත්ව තිබූ බව විකිලීක්ස් කේබල් පණිවුඩය සඳහන් කර ඇත. ඒ වගේම මැතිවරණ කොමසාරිස් දයානන්ද සහ ඔහුගේ බිරිය ඡන්දය දින රාත්‍රියේ හිටියේ කොහෙද කියා කියන්න යැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නීතිඥ එල්මෝ පෙරේරා දයානන්දට අභියෝග කළේය. දයානන්ද එය මඟහරිමින් කීවේ තමාට ආතත්ය බවය. එසේම ඡන්දයට පසු රත්නපුර දිස්ත්‍රික්කයේ කානුවක තිබී සරත් ෆොන්සේකාට කතිරය ගහපු ඡන්ද පත්‍රිකා මිටි පිටින් හමුවිය.

මහින්ද 2010 ජනාධිපතිවරණය දින්නාට පසු මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස් වූයේ මේවාට උත්තර නොදීය. 2010 ජනාධිපතිවරණය මෙහෙයවූයේ ඔහුය. මහින්දට දිනන්න අවශ්‍ය බවත්, රනිල්ට ඔහුගේ පක්ෂයේ අපේක්ෂක ෆොන්සේකාව පරාජය කරන්න අවශ්‍ය බවත් ඔහු දැන සිටියේය. ඡන්ද කාලයේ යූ.ඇන්.පී. පාක්ෂිකයන් ඝාතනය වී තිබියදී ඡන්දය දින සවස රනිල් නිවේදනයක් නිකුත් කරමින් කීවේ ඡන්දය නිදහස් සහ සාධාරණ ඡන්දයක් බවය. ඡන්දය මංකොල්ලයක් කියා ෆොන්සේකාට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවත් රනිල් එයට යූ.ඇන්.පී. සහාය ලබාදුන්නේ නැත.

ඊළඟට 2019 ජනාධිපතිවරණයේදී මහින්දලා ගෝඨාභයව අපේක්ෂකයා කළේය. රනිල්, සජිත්ට අපේක්ෂකකම දුන්නේ අකැමැත්තෙන්ය. ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නයක් තිබිණි. ඒත් මහින්ද දේශප්‍රිය නාමයෝජනා දෙද්දී ඔහුගේ ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කරගැනීමේ ලිපි ලේඛන පරීක්ෂා කළේ නැත. ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නියමිතව සිටි නාගානන්ද කොඩිතුවක්කු නඩුවක් පවරමින් කීවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වංචාවක් කර ඇති බවය. මහින්ද දේශප්‍රිය පසුව කොඩිතුවක්කු සමග දුරකතන සංවාදයකදී කියන්නේ ගෝඨාභයගේ පුරවැසිකම ප්‍රශ්න කිරීම තමාගේ රාජකාරියක් නොවන බවය. මේ වෙලාවේත් මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණය දිනන්න මහින්දට ඕනෑ බවත් රනිල්, සජිත් පරදිනවා දකින්න කැමැති බවත් දැන සිටියේය.

ගෝඨා ජනාධිපතිවරණය දින්නේය. ඉන් පසු කොවිඩ් 19 ලංකාවේ පැතිරිණි. මහින්ද දේශප්‍රිය විදේශගතව සිටින ඔහුගේ පුතා ලංකාවට ගෙන ඒමට ගෝඨාගේ උදව් පතපු බව ඔහුම පිළිගත්තේය. 2020 මහ මැතිවරණ දිනය ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ලෙස මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ ගෝඨාගේ උපන් දිනය වූ ජුනි 20ය.

මේ මහින්ද දේශප්‍රියගේ ඉතිහාසයය. ඔහු මහින්දගේත් රනිල්ගේත් ගජමිතුරෙකි. 2006 කුරේව පරද්දන්න, 2010 ෆොන්සේකාව පරද්දන්න, 2019 සජිත්ව පරද්දන්න මහින්ද සහ රනිල් ඩීල් දමන විට මැතිවරණය මෙහෙයවූයේ මහින්ද දේශප්‍රියය. දැන් මහින්දත් රනිලුත් ඡන්දවලට බයේ වෙව්ලයි. රනිල් පහුගියදා මහින්ද දේශප්‍රියව පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරන කමිටුවකට නම්කළේ ඡන්දය කල්දමන ඩීල් එකට මචංව ඕනෑ වී ඇති නිසා විය හැකිය. 2,000ක්ව තිබූ පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව 4,000කට වැඩි වූයේ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයා ලෙස සිටියදීය. ඒ, 2012 මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදීය. පළාත් පාලන මන්ත්‍රී 4,000, 8,000 කළේත් මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිව සිටියදීය. ඒ, මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේය. දැන් 8,000 යළි 4,000ට බස්සන්න පැන්ෂන් ගිය මහින්ද දේශප්‍රියම ඇවිත් තිබේ. ගෝඨාගේ ආණ්ඩු කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න කෝටි තුනකට වඩා වැයවී ඇති බව විගණන වාර්තා සඳහන් කර ඇත. පළාත් පාලන මන්ත්‍රීවරු 2,000, 4,000 කරන්න 4,000, 8,000 කරන්න පත්කළ කමිටුවලට කීයක් වැය වුණාද දන්නේ නැත. දැන් 8,000, 4,000 කරන මහින්ද දේශප්‍රියගේ කමිටුවට කොච්චර වැය වෙයිද කියන්න දන්නේ නැත. පැන්ෂන් ගිහින් ඉන්නා මහින්ද දේශප්‍රිය යළි කරළියට ඇවිත් ඉන්නේ පැන්ෂන් යන්න ඕනා මහින්ද සහ රනිල්ව බේරාගෙන තමන්ටත් යළි ජොබ් එකක් හොයාගන්න විය හැකිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සිගරැට්වලට බදු නොගහන එක පිටුපස ඉන්න බලවතුන් කව්ද? සිගරැට්වලට බදු ගහලා අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු අඩු කරන්න! ආණ්ඩුවට සිග්නල් එකක්! කොළඹ පුරාම පෝස්ටරයක්!

Next Post

ඔක්කොම ප්‍රශ්න ඉවරයි! ඔන්න මසාජ්වලට-ස්පාවලට කාන්තාවන් රටින් ගෙන්වන්න හදනවා!

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.