• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගෝල්ෆේස් ජනරැල්ලෙන් පස්ස හෝදන අන්තර්පාලනේ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 30, 2022
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ගෝල්ෆේස් ජනරැල්ලෙන් පස්ස හෝදන අන්තර්පාලනේ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘මේ අගමැති රටට අතිශය භයානකයි. ඔහු රටේ වාසනාව එක්ක සූදු කෙළින්න හදන මිනිහෙක්…’

මේ ග්‍රීසිය බංකොලොත් වූවාට පසු ග්‍රීසිය බංකොලොත් කළ එරට විධායක අගමැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගන්න ඔහුගේ නායකත්වයෙන් අන්තර් පාලන ආණ්ඩුවක් හදන්න යන වෙලාවේ එරට විපක්ෂ නායක සම්රාස් ලෝකෙටම ඇහෙන්න කී කතාවය.

‘අපි අන්තර් පාලන ආණ්ඩුවට එන්නම්. පළමුවැනි කොන්දේසිය රටම යන්න කියන විධායක අගමැති ගෙදර යා යුතුයි…’

ඔහු මෙහෙම කියද්දී ග්‍රීසියේ ජනතාව වීදි බැස අත්පොළසන් දුන්හ.

‘අද ලංකාවේ විපක්ෂ නායක සජිත් පමණක් නොව ජවිපෙ නායක අනුර කියන්නේත් මේ කතාවම නේද…?’

හරියටම හරිය. ගෝල්ෆේස් තරුණ තරුණියෝ පමණක් නොව රටේම මහජනතාව පාරට බැහැල කියන්නේත් ගෝ ගෝඨා හෝම් කියාය. රාජපක්ෂ පවුලටම පලයල්ලා කියලාය.

‘ඉතින් ගෝඨා ගෝ හෝම් කියලා ජනතාව කියන ගෝඨා එක්ක මොන අන්තර්වාර ආණ්ඩුද…?’

මේ අන්තර්වාර ආණ්ඩු යෝජනාව ඉස්සෙල්ලාම ගෙනාවේ රනිල් වික්‍රමසිංහය. රනිල්ට ඕනෑ වුණේ රාජපක්ෂලාට ජැක් එක ගහලා ලාබෙට අගමැති වෙන්නටය. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 20,000ක් ගන්න බැරිව කුජීත ලෙස පරාජය වුණු ඔහු මහ මැතිවරණ පරාජය වුවත් ජාතික ලැයිස්තුවෙන් පත් නොකරන බවට ඔහුම හදපු එජාප ප්‍රතිපත්ති කඩා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේ රාජපක්ෂලාගේ ඉල්ලීමටය. ඔහුට භාරදී තිබූ කොන්ත්‍රාත්තුව සජිත්ගේ සමගි ජන බලවේගය දෙකඩ කර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට කඩා දීමය. එහෙම කළොත් විපක්ෂ නායක ධුරය ඔහුට දෙන්න රාජපක්ෂලා පොරොන්දු විය. ඔහුගේ මේ වැඩේට රාජපක්ෂලා රජ කරවන්න දරදිය අදින ජාතික මාධ්‍ය සහ බොරුවට රාජපක්ෂ විරෝධය පෙන්වා සජිත්ට ගහන වෙබ් අඩවිත් සහාය දුන්හ. රාජපක්ෂවරුන්ට කඩේ යන මේ මාධ්‍ය හිමිකරුවන් කොවිඩ් 19ට පසු තමන්ගේ මාධ්‍ය ව්‍යාපාර වැටුණා කියා රාජ්‍ය බැංකුවලින් ණය දෙන ලෙස රාජපක්ෂලා ළඟ දණින් වැටුණි. රාජපක්ෂලා එක පෑන් පහරින් ණයදී කීවේ දැන් රනිල් විපක්ෂ නායක කරන්න කඩේ පලයල්ලා කියලාය.

මේ ආර්ථික අර්බුදය එතෙක් රනිල් දුටුවේ රාජපක්ෂලාට හොර පාරෙන් කඩේ ගිහින් විපක්ෂ නායක වීමේ සිහිනයය. ආර්ථික අර්බුදයෙන් රාජපක්ෂවරු තුෂ්ණිම්භූත වන විට රනිල් අර්බුදය විසඳන මැජික් පහන තමන් සතුව ඇති බව රාජපක්ෂලාට පෙන්වන්න පටන් ගත්තේය. ඒකට තමාට අගමැති ධුරය ඕනෑ යැයි ඔහුම යෝජනා කර ගත්තේය. ආර්ථික අර්බුදය ආ විට මෙය ආණ්ඩු පෙරළන වේලාවක් නොවේ කියමින් ඔහු සර්ව පාක්ෂික එකඟතාවක් ඇති කරගත යුතු යැයි මර හඬ දුන්නේය. ගෝඨාභය ආර්ථික අර්බුදය විසඳන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙව්වේ ඉන් පසුවය. ඔහු තට්ට තනියම ඒ සමුළුවට ගිහින් යකා නැටුවේය. මේ සර්වපාක්ෂික සමුළුව ‘ස’ පාක්ෂික සමුළුවක් යැයි සමුළුව ආරම්භයටත් පෙර ‘ගුරුදා විග්‍රහයෙන්’ පෙන්වා දුන්නේය. රනිල්ගේ නැටුමට රාජපක්ෂලාට කඩේ යන මාධ්‍ය සේම රාජපක්ෂලාට ගහන බව පෙන්වා රාජපක්ෂලා වෙනුවෙන් රනිල්ට හොර පාරෙන් කඩේ යන වෙබ් අඩවිද රනිල්ගේ මේ නැටුම මාර දේශපාලන ගේම් එකක් ලෙස පෙන්වූහ. ඉන් පසු රනිල් සර්වපාක්ෂික එකඟතාවක් සඳහා හයිඩ් පාර්ක්හි සත්‍යග්‍රහයක් සංවිධාන කළේය.

රාජපක්ෂ ආණ්ඩුවට ආර්ථික අර්බුදය විසඳන්න විපක්ෂයේ පක්ෂ අතර පොදු එකඟතාවක් ඇතිකර ගන්න බලකරන ඒ සත්‍යග්‍රහයට රනිල් කියන්නේ දේශපාලනයෙන් අතුගා දැමිය යුතු ප්‍රභූ නෂ්ටාවශේෂයක් යැයි කී චම්පිකගේ 43 වැනි සේනාංකයද එක්වී තිබිණි. රනිල් ඒ සත්‍යග්‍රහයට සජබෙ මන්ත්‍රීවරු සහභාගි කරගන්න සජබ හවුල්කාර පක්ෂ වූ හකීම්, මනෝ, රිෂාඩ් සහ ටී.එන්.ඒ. සහභාගි කරගන්න කොයි තරම් දත කෑවත් ඔවුන් ආවේ නැත.

මේ අතර කොල්ලො කෙල්ලො ගෝඨාගේ මිරිහානේ නිවෙස වටලන්න සමාජ මාධ්‍ය හරහා සූදානම් වෙමින් සිටියහ. ගෝඨාගේ මිරිහානේ නිවෙස වටලන දවසේ උදයේ රනිල් සහ විමල් වීරවංශ නායකත්වයක් නැති උද්ඝෝෂණවලට එක්වී රට අරාජික නොකරන ලෙස ඉල්ලා සිටියහ. පුදුමය ජවිපෙ නායක අනුර කුමාරද නායකත්වයක් නැති උද්ඝෝෂණයන්ට සහභාගි නොවන ලෙස ජනතාවට අනතුරු ඇඟවීමය. තරුණ තරුණියන්ගේ මේ උද්ඝෝෂණවලට තම පක්ෂය සහාය පළ කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවැසුවේය. ඒ තරුණ උද්ඝෝෂණයට අවශ්‍ය විපක්ෂයේ හයිය දුන්නේ සජිත් ප්‍රේමදාස පමණි. එය අතිසාර්ථක උද්ඝෝෂණයක් විය. ගෝඨාගේ ආණ්ඩුවේ පොලිසිය තරුණ උද්ඝෝෂණයට පහරදීමෙන් පසු සියලු පක්ෂ එය හෙළාදැක්කේ මෙවැනි තරුණ නැගිටීමක් අපේක්ෂා නොකළ නිසාය. එහිදී අත්අඩංගුවට පත් තරුණ තරුණියන් වෙනුවෙන් නීතිඥ පහසුකම් සැපයුවේත් සජිත්ගේ සමගි ජන බලවේග නීතිඥයන්ය. පසුව නීතිඥ සංගමයද එයට එක්විය.

මේ තරුණ නැගිටීම අස්සේත් රනිල් ලාබෙට අගමැති වෙන්න ගෝඨා, මහින්ද සහ උදය ගම්මන්පිල සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීය. රනිල් බැලුවේ සමගි ජන බලවේගය කඩලා රාජපක්ෂලාට දොළ පිදේනිය දීලා අගමැති වෙන්නටය. විමල්, උදය ඇතුළු ස්වාධීන කණ්ඩායමද මේ ලණුව ගිලලා රනිල් සජබය කඩලා සහාය අරන් දෙනවා නම් නියමයි කියා බලා සිටියහ. මේ සියල්ල සිදුවූයේ මිරිහාන වැටලීමෙන් දින දෙකක් තුළය. හරියටම ඊළඟ සතියේ මිරිහාන තරුණ තරුණියෝ ගෝඨා ගෝ හෝම් කියා ගෝල්ෆේස්හි කඳවුරු බඳින්නට පටන් ගත්හ. රනිල් එක්ක සජබය කඩා අන්තර්වාර පාලන හදන්න දතකට මැදගෙන සිටි රාජපක්ෂවරු බය බිරාන්ත වූහ. මේ මහජන රැල්ලට රනිල්ගේ අන්තර් පාලන මැජික්වලින් මුහුණ දෙන්න බැරි බව දැනගත් ගෝඨා රාජපක්ෂ පවුලටම අයින් වෙන්න කියා අලුත් කැබිනට් මණ්ඩලයක් හැදුවේය. අන්තර් පාලනයේ ඇමැතිකම් දෙන්නම් කියා සමගි ජන බලවේගය කඩන්න දතකාපු රනිල් වීසිවෙලා වැටුණේය.
දැන් ගෝඨා බලන්නේ තමන්ට ගෙදර යන්න කියා එන මහජන විරෝධය මහින්දටත් බැසිල්ටත් හරවා තමන් බේරෙන්න සජිත්, මෛත්‍රි, විමල් සහ උදයලා එක්ක අන්තර් පාලන ආණ්ඩුවක් හදන්නටය. ලාබෙට අගමැති වෙන්න ගිහින් හතරගාතෙ වැටුණු රනිල්, නරියා මිදි තිත්තයි කිව්වා සේ අන්තර් පාලනයකට පල නොකියා පලා බෙදන්නේ ඒ අන්තර් පාලනයේ තමන්ට තැනක් නැති බව දැනගෙනය.

ගෝඨා බලන්නේ තමන්ගේ කර පිටින් ගොස් පව්කම් කරගෙන පසුව රාජපක්ෂවරු යළි රජ කරවන්න බව සජිත් තේරුම් ගෙන ඇත. ඔහු ගෝල්ෆේස් තරුණ හඬ වූ ‘ගෝඨා ගෝ හෝම් කියන සටන් පාඨය මහ පොළොවේ සිදුවන තෙක් මොනම අන්තර් පාලනයක්වත් නැහැ යැයි කියන්නේ මේ තරුණ තරුණියන් මිරිහානේ ගෝඨාගේ නිවෙස වටලද්දී හිටපු ස්ථාවරයේම සිටිමින්ය. විමල්, උදය සහ වාසුලා බැලුවේ රනිල්ව පාවිච්චි කොට සමගි ජන බලවේගය කඩා අන්තර් පාලන ආණ්ඩු හදන්නටය. එහෙම කළොත් මම මහින්දලා,බැසිල්ලා අතහරින්නම් යැයි ගෝඨා ඔවුන්ට පොරොන්දු දෙන්න ඇත. ගෝඨා, මහින්දලා, බැසිල්ලා, නාමල්ලා අයින් කරලා ගහන්න හදන්නේ පවුල බේරාගන්න ගේමකි. සජිත්ලා, විමල්ලා එක්ක එකතු වෙලා අන්තර් පාලනයක් හදලා රට තව තවත් අර්බුදයට යවලා රාජපක්ෂලාට එරෙහි තරුණ නැගිටීම සජිත්ගේ සමගි ජන බලවේගයට එරෙහි නැගිටීමක් බවට පත්කොට යළි රාජපක්ෂලාට පණ දීම ඔහුගේ උපායය. විමල්ලාට, උදයලාට, වාසුලාට යන්න පක්ෂයක් නැති නිසා ඔවුන් බලන්නේ ගෝඨා පාවිච්චි කොට පොදුජන පෙරමුණේ බලය අල්ලන්නටය. ඔවුන්ට තියෙන ප්‍රශ්නය බැසිල්ය. බැසිල් නැත්නම් ඔවුන්ට රාජපක්ෂ පවුලම හොඳය.

හැබැයි බැසිල් ගේම ගහන්නේ මහින්දව සහ ගෝඨාව ඉත්තන් ලෙස පාවිච්චි කරමින් බව ඔවුන් එක්කෝ නොදනී. නැතහොත් අහිමි වූ ඇමැති ධුර ලබාගැනීමට දන්නවා වුවත් නොදන්නවා වගේ සිටී. පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගෝඨාභය තමා මහින්දව ඉවත් කරන්නේ නැති බවත්, තමාට හැම දේටම වඩා සහෝදරකම ලොකු බවත් කීවේ ඔහුට රටටත් වැඩිය මහින්ද සහ බැසිල්ගේ සහෝදරකම වටිනා බව පෙන්වමින්ය. මෙයින් පේන්නේ අන්තර් පාලනය සජබයත් විපක්ෂයත් ගෝල්ෆේස් ජන අරගලයත් විනාශ කිරීමට රාජපක්ෂලාම විවිධ වෙස් ගෙන විමල්ලා, උදයලා, වාසුලා හරහා එවූ පිල්ලියක් බවය.

අන්තර් පාලනය ‘ගෝඨා ගෝ හෝම්’ සටන පාවාදීමකි. ගෝල්ෆේස්හි අව්ව වැස්ස නොතකා සටන් කරන තරුණ තරුණියන්ගේත්, රට පුරා විරෝධතා පවත්වන මහජනතාවගේත් සටන පාවාදීමකි. පසුගිය මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල තනතුරු ලබා ගජරාමෙට හරිහම්බ කරගත් පිරිසක්ද අන්තර් පාලනයට කඩේ යන්නේ යළි තනතුරු ගන්න අන්තර් පාලනය හොඳ ෂෝට්කට් එකක් කියා හිතාගෙනය.

එදා ග්‍රීසියේ විපක්ෂ නායක කීවේ විධායක අගමැති සූදු කෙළින්නේ රටේ වාසනාව එක්ක කියාය. හැබැයි ඒ විධායක අගමැති එතරම් දුෂ්ටයෙක් නොවීය. ඔහු විධායක අගමැති ධුරයෙන් ඉවත් විය. අද ගෝඨාත්, අන්තර් පාලනයෙන් ඇමැතිකම් තනතුරු බෙදාහදා ගන්න කෙළ හලන්නේ සූදු කෙළින්නේ ගෝල්ෆේස්හි අහිංසක තරුණ තරුණියන්ගේ අනාගතය සහ රටේ අනාගතය එක්කය. අන්තර් පාලන ආණ්ඩුවට යායුතු යැයි තම පක්ෂය වන සමගි ජන බලවේගය තීරණය කළහොත් තමා විපක්ෂ නායකත්වයත්, පක්ෂ නායකත්වයත් භාරදී ගෝල්ෆේස් ගිහින් හිටගන්නවා යැයි සජිත් කියන්නේ නන්දා මාලනී ගෝල්ෆේස් ගිහින් කීව ‘මේ තරුණයන් ඉල්ලන්නේ ආණ්ඩුවෙන් රස්සා නොව, ඔවුන්ගේ අනාගතය’ය යන කතාව හොඳින් හිතේ තියාගෙන විය යුතුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කෝටි 68ක් පාඩු කරලා! මහබැංකු බැඳුම්කර නඩුව යළිත් කරළියට!

Next Post

මහජන බැංකුවේ මුල්ලේරියාව සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයකට…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.