• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

අනුර ප්‍රේමදාස වීම සහ සජිත්ව ජේ.ආර්.ට ඇන්දවීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

October 5, 2024
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
අනුර ප්‍රේමදාස වීම සහ සජිත්ව ජේ.ආර්.ට ඇන්දවීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘දුප්පත් කොල්ලෙක් වූ රණසිංහ ප්‍රේමදාස නාගරික කම්කරු ව්‍යාපාරය හරහා රදළයන් ආධිපත්‍ය දරපු දේශපාලනයේ ඉහළටම පැමිණ ජනාධිපති ධුරයට පත්වී තිබේ. ඔහු ඉපදුණේ කොළඹ මුඩුක්කු පෙදෙසකය. ඔහුගේ පවුල පැවත ආවේ ලංකාවේ පීඩිත කුලයකින්ය. ඉන්දියාවේ තරම් සාක්ෂරතාව අතින් පොහොසත් ලංකාවේ කුල පීඩනය දරුණු නැති වුවත් ඉඩම් හිමි රදළයන් පාලනය කළ දේශපාලනයට ප්‍රේමදාස පිටතින් ආ අයෙක් විය…’
නිව්යෝර්ක් ටයිම්ස්
1988.12.21

මේ, එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වූ වෙලාවේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රේමදාසගේ ජයග්‍රහණය නිර්වචනය කළ ආකාරයය. Sri Lanka Latest News

එයින් හරියටම වසර 36කට පසුව අනුර කුමාරගේ ජයග්‍රහණය ගැන විදේශ මාධ්‍ය කියන්නේත් ප්‍රභූ පාලන තන්ත්‍රය පාලනය කළ දේශපාලනයට සාමාන්‍ය පවුලකින් පැවැත එන අනුර පිටස්තර පුද්ගලයකු බවය. ඔහු ප්‍රභූ පාලන තන්ත්‍රය බිඳදමා ජනාධිපති වී ඇති බවය. හැබැයි මේ කිසිම මාධ්‍යයක් අනුර පරාජය කළේ ප්‍රභූ පාලනය තන්ත්‍රය පාලනය කළ දේශපාලනයට පිටස්තර පුද්ගලයකු ලෙස පැමිණි සජිත් ප්‍රේමදාස යැයි කියන්නේ නැත.

‘ඇයි ඒ…?’

හේතුව සජිත් තමන් සහ තම පියාගේ පවුල ප්‍රභූ පාලන තන්ත්‍රයෙන් පිටස්තරයන් බව ජනතාවට තේරුම් කර නොදුන් නිසාය.

1988-89 ජවිපෙ කැරැල්ල ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව දියත් වුවත් කැරැල්ලේ උපත ප්‍රභූ පාලන තන්ත්‍රයට එරෙහිව මතු වූවකි. ජවිපෙ කැරැල්ලට මුහුණ දිය හැකි හොඳම අපේක්ෂකයා ප්‍රේමදාස යැයි ජේ.ආර්. තීරණය කළේ ඔහුගේ සමීපතම ගෝලයන් වූ ලලිත් සහ ගාමිණී තමන් නියෝජනය කරන ප්‍රභූ පාලන තන්ත්‍රයේ කොටස්කාරයන් බව වටහාගෙනය. ඒ වෙලාවේ රට ඉල්ලුවේ ප්‍රභූ පාලන තන්ත්‍රයට පිටස්තර පුංචි පවුලක පුංචි මිනිහෙක් බව ජේ.ආර්. ඔහුගේ දේශපාලන ගණන් හැදීම තුළින් නිවැරැදිව වටහාගෙන තිබිණි. ලලිත් හෝ ගාමිණීව අපේක්ෂකයා කළහොත් බණ්ඩාරනායක මැතිනිය දිනන බව ජේ.ආර්.ට තේරුම් ගියේ ලලිත් – ගාමිණී සහ මැතිනිය ප්‍රභූ පාලන තන්ත්‍රයේ ප්‍රධාන චරිත වුවත් මැතිනිය නියෝජනය කළ පක්ෂය වූ ශ්‍රීලනිපය, යූ.ඇන්.පී.යට වඩා ප්‍රගතිශීලී පන්තියක් නියෝජනය කරපු නිසාය. ඔහු ප්‍රේමදාස වැනි පුංචි මිනිහෙකුව ඉත්තා ලෙස පාවිච්චි කළේ ඒ ප්‍රගතිශීලී පන්තියේ නායිකාව වූ ප්‍රභූ රදළ බණ්ඩාරනායක මැතිනියව බ්ලාස්ට් කර දමන්නටය. ඔහුගේ ගණන් බැලීම හරි විය.

රණසිංහ ප්‍රේමදාස මුළු ජනාධිපතිවරණ කැම්පේන් එකේම පාවිච්චි කළේ එක ස්ලෝගන් එකකි. එනම් තමන් රදළ වලව්වලට අභියෝග කරන පුංචි පවුලකින් පැවැත එන පුංචි මිනිහෙක් කියන ස්ලෝගන් එකය. ඔහු වරක් මැතිනියට අභියෝග කළේ තමන් එක්ක ගමක ගුරු පාරක ඇවිදින්න එන්න කියාය. දොළක බැහැලා නාලා පැල්පතක කාලා යන්න එන්න යැයි ප්‍රේමදාස මැතිනියට අභියෝග කළේය. ඔහු නොකියා කීවේ තමන් ඇළක දොළක බැහැලා පැල්පතක කාලා පුරුදු සාමාන්‍ය මිනිහෙක් කියාය. ප්‍රේමදාසගේ මේ කතා ඉවසන්න බැරිව අනුර වරක් කීවේ තමාගේ අම්මා රදළ පවුලක ඉපදුණේ ඉල්ලලා නොවේ යැයි කියාය.

එදා මෙරට ජනතාව ප්‍රේමදාසව දුටුවේ අපේ පන්තියේ පුංචි මිනිහෙක් ලෙසටය. ටයි කෝට්කාරයන්ට දුන්නා ඇති, මේ මිනිහට දීලා බලන්න ඕනෑ යැයි මිනිස්සු සිතූහ. මිනිස්සුන්ට එහෙම සිතන්න රට එතැනට පත්කළේ ජවිපෙ කැරැල්ලය. ජවිපෙ කැරැල්ල ගැහුවේ ප්‍රභූ පන්තිවල තරුණ තරුණියන් නොව ගමේ ගොඩේ කුල පීඩනයට හසුවූ පුංචි පවුල්වල තරුණ තරුණියන්ය. ඔවුන්ගේ හඬට ඇහුම්කන් දී මිනිස්සු පුංචි පවුලකින් පැවැත එන පුංචි මිනිහෙක්ව ජනාධිපති කළේය.

2022 අරගලයත් පුංචි මිනිස්සුන්ගේ පුංචි දූපුතුන්ගේ අරගලයක් විය. ඔවුන් ඉල්ලුවේ පිටස්තරයෙකි. එනම් මේ ප්‍රභූ දේශපාලන පාලන තන්ත්‍රයේ කුණු නොවෙච්ච පිටස්තර මිනිහෙකි. මේ ක්‍රමය වෙනස් කරන ක්‍රමයට අනුගත නොවූ පිටස්තරයෙකි.

එහෙම බලන කොට මේ ක්‍රමයෙන් පිටස්තර මිනිහා වීමට අනුරට වඩා සුදුසුකම් තිබුණේ සජිත්ටය. අනුරලා මේ ක්‍රමය ආරක්ෂා කරගන්න චන්ද්‍රිකාව ගෙන ආහ. මහින්දව ගෙන ආහ. රනිල්ව අගමැති කළහ. ඒත් සජිත්ට චන්ද්‍රිකා හෝ මහින්ද හෝ රනිල් එක්ක ගනුදෙනුවක් තිබුණේ නැත. ඔහු යූ.ඇන්.පී.යේ රනිල්ගේ ප්‍රභූ නායකත්වයට එරෙහිව කැරැලි ගහපු නායකයෙකි. ඔහු ඒ කැරැල්ල ගහන වෙලාවේ මහින්ද සහ චන්ද්‍රිකා උදව් කළේ රනිල්ටය. වෙනකක් තබා අනුර කුමාර උදව් කළේත් රනිල්ටය. එතැනදී පිටස්තරයා වූයේ සජිත්ය.

‘ඉතින් ඇයි සජිත් මේ පිටස්තරයාගේ චරිතය මාර්කට් කළේ නැත්තේ..?’

ඒක කියන්න දන්නේ නැත. ඇත්තටම වුණේ අනුර, රණසිංහ ප්‍රේමදාසට අඳිද්දී සජිත්, රනිල්ට, ජේආර්.ට අඳින්න යෑමය.

2022 අරගලය ඉල්ලන්නේ ක්‍රමය වෙනස් කරන පිටස්තරයකු බව සජිත්ට තේරුම් නොයාම ඛේදවාචකයකි. සජිත් හිතුවේ අරගලය හරහා මිනිස්සු ඉල්ලන්නේ ආර්ථිකය ගොඩදමන චතුර ලෙස ඉංග්‍රීසි කතාකරන ජාත්‍යන්තරය සමග සම්බන්ධකම් තියෙන ප්‍රභූ පන්තියේ රනිල් හෝ ජේ.ආර්. වැනි නායකයෙක් කියාය. රනිල් ජනාධිපති වූ විගස සජිත් අරගලය වෙනුවෙන් පෙනීසිටින්න ඉදිරිපත් වුණේ ඔහුගේ පක්ෂයේ ප්‍රබලයන් කීවේ අරගලය රටේ ආර්ථිකයට බාධාවක් බවත්, අරගලය මර්දනය කළ යුතු යැයි ව්‍යාපාරික ප්‍රජාව කියන බවත් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේත් ආර්ථික සහන බවත්ය.

‘අරගලයෙන් වැඩක් නැහැ. දැන් රටේ හැමෝම කතා කරන්නේ ආර්ථිකය…’

මේ, සජිත්ගේ පක්ෂ ප්‍රබලයන් දුන්න උපදෙසය.

‘අපි අයි.එම්.එෆ්. හොඳයි කියමු. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය අපේ ආර්ථික ප්‍රතිපත්තිය කියමු…’

ඔවුන් සජිත්ට දුන්නේ ඔය වගේ උපදෙස්ය. රනිල්ගේ පළමු අයවැයේදී සජිත් ඇතුළු සමගි ජන බලවේගය ආණ්ඩුවේ දිශානතිය හොඳ යැයි කීහ.

‘මේ අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය. අද පොදුජන පෙරමුණ අපේ පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිඅරන් තියෙනවා…’

සජිත්ද ඇතුළුව සමගි ජන බලවේග මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සිට අයවැය විවාදයේදී රටටම ඇහෙන්න කීහ. අනුර සහ ජවිපෙ කීවේ වසර 70 ගණනක් තිස්සේ ක්‍රියාත්මක කොට රට බංකොලොත් කළ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට රට බංකොලොත් කළ හොරුන් රටට අහිමි කළ ධනය ගෙනැවිත් අලුත් ආර්ථිකයක් හදනවා කියාය. අනුර සහ ජවිපෙ ලංකාවේ ප්‍රභූ රාජ්‍ය තන්ත්‍රය ගමන් යන ප්‍රාඩෝ රථ, ආරක්ෂක භටයන්, විදේශ සංචාරයන්, ඔවුන් ජීවත් වන නිල නිවාස, හොරකම් කරන ධනය ගැන කියමින් ජවිපෙ ගතකරන අල්පේච්ඡ ජීවිතය ගැන කීහ. මිතුරන්ගෙන් ඉල්ලාගෙන ඇඳුම් අඳින හැටි, හිල් සහිත යට ඇඳුම් ගැන කියමින් ඔවුන් තමන් නියෝජනය කරන්නේ පොඩි මිනිසුන්ගේ පන්තිය බව පෙන්වූහ. සමගි ජන බලවේගය මේවාට හිනාවිය. අනුර කුමාර සහ ජවිපෙ නායකයන් ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන්නේ කොහොමදැයි අසමින් ඔවුන්ට සමච්චල් කළහ.

2022 අරගලය ආවේ යළිත් මේ රටේ ප්‍රේමදාස කෙනෙක් රජ ගෙදරට ගෙනගොස් රජ පුටුවේ වාඩිකරවන්නටය. ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස ඒ සඳහා සුදුසුකම් සපුරා තිබියදී අනුර, ප්‍රේමදාස චරිතයට ඇඳලා රජ ගෙදරට ගියේය. සජිත් ජේ.ආර්.ට, රනිල්ට අඳින්න ගොස් ගෙදර ගියේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අතරමග නැවතුණු රටම හොල්ලපු අපරාධ-මිනීමැරුම්-දූෂණ රැසක විමර්ශන යළි පටන් ගන්න ලෑස්ති වෙයි! පරීක්ෂණ නැවතුණේ-යටගැහුවේ දේශපාලන බලපෑම් නිසාද කියලත් හොයන්නයි යන්නේ! Sri Lanka Latest News

Next Post

අවුරුදු 30ට අඩු තරුණයන් ලක්ෂ දෙකහමාරකට රස්සා නෑ! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.