සිංගප්පූරු ජනාධිපති හලීමා යාකොබ් මහත්මිය (Halimah Yacob) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභාශීංසන පිළිගන්වා ඇත.
ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සිංගප්පූරු ජනාධිපතිතුමිය, ශ්‍රී ලංකාවේත් එහි ජනතාවගේත් උන්නතියට ගන්නා සියලු පියවර සාර්ථක වේවායි සඳහන් කර ඇත.
සිංගප්පූරුවේ 57 වැනි ජාතික දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කරන ලද සුබපැතුම් පිණිවිඩය සම්බන්ධයෙන් ද සිංගප්පූරු ජනාධිපතිතුමිය සිය ස්තූතිය පිරිනමා ඇත.










