ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පසුගිය මාසයේ ඇති වූ දිත්වා සුළි කුණාටු තත්ත්වයෙන් තලවකැලේ ග්‍රේට්වෙස්ටන් වතුයායේ ඇති වූ නායයෑමේ අවදානම හේතුවෙන් අවතැන්ව දැනට තලවාකැලේ දෙමළ විද්‍යාලයේ රැඳී සිටින ජනතාව තමන්ට සිදුවන අසාධාරණයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.Sri Lanka Latest News
ලබන මස 05 වන දින පාසල් ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමක දැනටත් පාසලේ රැඳී සිටින ජනතාවට වහාම ඉන් ඉවත් වී නැවතත් අවදානම් සහිත ලැයිම් නිවාස වලට පදිංචිය සඳහා යාමට සිදුවී ඇති බව ජනතාව චෝදනා කරති.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) නිසි පරීක්ෂාවකින් තොරව එම නිවාසවල පදිංචියට සුදුසු බවට නිර්දේශ කර ඇති බවත්, නමුත් එම ස්ථාන තවමත් දැඩි නායයෑමේ අවදානමක පවතින බවත් පදිංචිකරුවෝ පවසති.
තමන්ට පදිංචි වීමට ස්ථිර ඉඩමක් ලබා දෙන්නේ නම් තාවකාලිකව හෝ කුඩා නිවසක් ඉදිකරගෙන තම ජීවිත ආරක්ෂා කර ගැනීමට සූදානම් බව එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.






















