අද (31) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකුය තුවාල ලබා තිබේ.Sri Lanka Latest News
මෙම වෙඩිතැබීම අද උදෑසන 6.00ට පමණ සිදුකර ඇති බවත්, ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.
වෙඩිතැබීමෙන් තුවා ලබා ඇත්තේ, නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නැමැත්තා බව පොලීසිය පවසයි.
ඔහු දෙසැම්බර් 13 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව වාර්තා වෙයි.
ඔහු බන්ධනාගාර ගතව සිටියදී ඉකුත් 29 දා බන්ධනාගාර රැඳවියන් පිරිසකගේ පහරදීමකට ලක්ව රෝහල් ගතකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ 14 වාට්ටුවේ පාදයටද මාංචු යොදා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදැසන 6.15ට පමණ මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි.
නාඳුනන තුවක්කුකරුවෙකු විසින් රොවෝල්වර් වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර රෝහලේ තාප්පයට උඩින් පැන පලාගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බවත් පොලීසිය පැවසීය.
කළුතර අපරාධ කොට්ටාසය, විශේෂ කාර්ය බළකා නිලධාරින්, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින්ද පරීක්ෂණ සඳහා කැඳවා තිබුණි.








