එළඹෙන මහ කන්නය සදහා කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 56,667 ක් ආනයනය කිරීමට රජය අපේක්ෂා කරන බවත්, කාබනික පොහොර ගෙන්වීමට බලාපොරොත්තු වන ආනයනකරුවන්ගෙන් ඒ සදහා පූර්ව සුදුසුකම් ලැබීමේ ටෙන්ඩර් කැදවීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
ආනයන කරනු ලබන කාබනික පොහොර ඝනයට වැටෙන සියල්ල ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය විසින් නිකුත් කර තිබෙන පිරිවිතර මාර්ගෝපදේශයන්ට යටත් විය යුතුය.
කාබනික පොහොර නිෂ්පාදනය – සැපයුම සහ නියාමනය කිරීමේ රාජ්‍ය අමාත්‍යංශය සහ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප‍්‍රසම්පාදන කමිටුවක් මගින් කාබනික පොහොර ආනයනය සදහා පූර්ව සුදුසුකම් ලබන ආනයන කරුවන් තෝරා ගැනීම සිදු කිරීමට නියමිත ය.
ලන්සු තැබීම ජාත්‍යන්තරව පිළිගත් ක‍්‍රමවේදයන්ට අනුව සිදු කිරීමට නියමිත අතර, ජූලි 30 වන දා කොන්තරාත්තු ප‍්‍රදානය කරයි.
මහ කන්නය සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ වීමට නියමිත ය.










