මේ වනවිට ජාතික මැතිවරණ කොමිසම හරහා ආණ්ඩුව පළාත් පාලන ජන්දය පැවැත්වීමට සූදානම් බවක් රටට පෙන්වමින් තිබුණද සත්‍ය වශයෙන්ම පළාත් පාලන මැතිවරණය ඉදිරියට දමා අවසන් මොහොතේ පළාත් සභා ජන්දය පැවැත්වීමට ආණ්ඩුව සියලු කටයුතු සැලසුම් කර ඇති බව වාර්තා වේ.
දැනටමත් මැතිවරණ කොමිසම මගින් සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ලබන 24 වැනිදා කැදවීමක් සිදු කොට ඇති අතර පළාත් පාලන ජන්දය පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කිරීමට නියමිත බව සදහන් කොට තිබිණ.
ඒ අනුව ආණ්ඩුව මුල් වටයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බවට යම් ඉගියක් මැතිවරණ කොමිසම හරහා දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ලබා දීමට සැලසුම් කොට ඇති බවක් දැකගන්නට ඇත.
නමුත් සත්‍ය වශයෙන්ම ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ පළමුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ අරමුණින් පළාත් මහඇමැතිවරුන් ලෙස නම් කිරීම සදහා ආණ්ඩුව මේ දිනවල ජනප්‍රිය පුද්ගලයන් සොයමින් සිටින බවද දැනගන්නට ඇත.










