• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් හැමදේම ‘ඩීල්’ තමයි! ඒක නම් බොරු ගොසිප් එකක්…

February 15, 2022
in Exclusive, Heart
Reading Time: 7 mins read
A A
දැන් හැමදේම ‘ඩීල්’ තමයි! ඒක නම් බොරු ගොසිප් එකක්…
Share on WhatsAppShare on Facebook

මම හැංගුණේ නම් නැහැ…
වැඩ බදාගෙන කරන කලාව මං ළඟ නැහැ…
මගේ ඇඟ තිබුණටත් වඩා දැන් හැඩයි…

මීන ඇස් ඇති, නාදළු දෙතොලක් හිමි හැඩකාර නාට්‍යාංගනාවක්… පුංචි තිරය සමග ආලින්දයේ සිනමාවට පය තැබුවේ ‘ටෙලිවීව්’ ආයතනය අනුග්‍රහයෙනි. ලස්සනට නටන්නට දන්න මේ සුන්දර නිළි කෙල්ල කවදාවත් නිළියක වෙන්න හිතුවේ නැහැයිලු.., නිරූපිකාවක ලෙසද, මෝස්තර නිරූපණ කලාවට පිවිසි ඈ… දැන්වීම් කලාව තුළ දැක්වූ සොඳුරු පෙළහර නිසාම ටෙලිනාට්‍ය කලාවටද ඇරැයුම් ලැබුණාය. ‘පෙරේරාට එරෙහිව කුරේරා’ ටෙලි කතාව හරහා කුලුඳුලේ ඇය රැඟුවේද නෘත්‍යාංගනාවක ලෙසය.., ටෙලිනාට්‍යය කිහිපයකට ඈ රංගනයෙහි යෙදුණේද නර්තනවේදිනියකගේ චරිත හරහාය. තව, තව විවිධ වූ නිරූපණයන් තුළ සිය හැකියාව මුදාහල මේ දක්‍ෂ කලාකාරිය සිටි අඩියේම ටෙලි තිරයෙන් සැඟව ගියාය.., ‘කෝ එයා… ඇයි දැන් ටෙලිනාට්‍යවල නැත්තේ…’ කියා ප්‍රේක්‍ෂකයන් විමසා බලන තරමට ඇගේ වසංවීම දිගුකාලීන විය. කවුද ඉතින්… මේ කියන ‘ඇය..,’ ඇය ප්‍රවීණ නර්තනවේදිනියක වූ හිමාලි සිරිවර්ධනය. තවත් විදියකට කියනවා නම් ‘සඳගලතැන්නේ – සඳා’ය. විමලරත්න අධිකාරිගේ, ඉසිවර රණකෙළිහි හැඩකාර අංගම්පොර ශූරියක ලෙස බොහෝ රසික සිත්සතන් තුළ මිහිරිමය මතකයක් තැබූ ඈ.., මෙන්න දැන් ‘මව්රට’ පුවත්පතෙහි ‘හදවත’ අබියසය..,

කොහොමද හිමාලි, පිළිගන්නව ඔබව බොහොම සුහද සිතින්..?
මම සුවෙන්, සතුටින් මගේ පවුල සමග දවස ගෙවනවා… ‘මව්රටේ’ ආරාධනය පිළිගෙන කතාබහට ආවේ බොහොම සතුටින්.

ඔබ නිහඬයි… ටෙලිනාට්‍යවල දකින්න නැහැ.., ඔන්න අපේ පළමු ප්‍රශ්නය..?
මගතොටදී ප්‍රේක්‍ෂකයන් අහන්නෙත් ඔය ප්‍රශ්නය තමයි…, ‘මාස්ක්’ එක දාගෙන ගියත් බොහෝ දෙනා මාව හඳුනාගෙන ළඟට ඇවිදින් කතාබහ කරනවා, ඒක මට ලොකු සතුටක්… ඇත්තටම ඔවුන් මට ඒ තරමට ළෙන්ගතුද කියලා හිතෙන කොට කලාවට තියෙන ඇල්ම තව, තව වැඩිවෙනවා.

ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි හිමාලි ඔය.., අපි අහන්නේ ඔබේ හදිසි සැඟව යෑම ගැන තොරතුරු..?
ඉන්න… ඉන්න… හැමදේම කියන්නං.., හැබැයි මුලින්ම කියන්න ඕනෑ මම හැංගුණේ නම් නැහැ… පුතා හම්බවුණාට පස්සේ අවුරුදු තුනක්ම මම එයා වෙනුවෙන් මගේ කාලය කැප කළා.., අම්මගේ ආදරය, උණුසුම අවශ්‍යම අවධියක ඒ ආදරය, රැකවරණය එයාගෙන් උදුරගන්න මට හිත දුන්නෙ නැහැ.
ඒ හින්දා මම ටෙලිනාට්‍ය බාර ගත්තේම නැහැ. නිදහසේ පුතා එක්ක හරිම ලස්සන කාලයක් ගෙව්වා. ඒ දවස් කොයිතරම් අපූරුද කියනවා නම් අවුරුදු තුනක් ගෙවුණද කියලවත් මට නිනව්වක් තිබුණෙ නැහැ.

පොඩි ආරංචියක් තිබුණා ඇඟේ ලස්සන ෂේප් එක අවුට් ගිය හින්දා ඔබ ටෙලි කතා අතැරලා හිටියා කියලා..?
අම්මෝ… ඒක නම් බොරු ගොසිප් එකක්. පුතා හම්බවුණාට පස්සේ මම මහත් වුණා. ඒක නම් ඇත්ත… හැබැයි ටෙලිවලට ආවේ නැත්තෙ නම් ඒ හින්දා නෙවෙයි.
ඒ වගේම පුතාට අවුරුදු දෙක පහුවෙන කොට මම මගේ ඇඟ තිබුණටත් වඩා හැඩට හදාගත්ත කියලත් කියන්නම ඕනෑ.., මොකද මම මහත් වෙන්න හරිම අකැමැතියි.

තිබුණාටත් වඩා හැඩට ඇඟ හදාගෙන ආයෙම ටෙලි තිරයට එන්න සූදානම්ද ඉතින්..?
එන්න සූදානම් නෙවෙයි, මම දැන් රඟපාන්නත් අරගෙන ඉවරයි.., සමහර ටෙලිනාට්‍යවල රූගත කිරීම් අවසානයි. රංගනයට නැවැත සූදානම්ව හිටගත්තා විතරයි.., ටෙලිනාට්‍ය කිහිපයක්ම මට ලැබුණා. හරිම සතුටුයි කියන්න… ඒ සියලුම චරිත එකිනෙකට වෙනස්ම චරිත නිරූපණයන්.

චරිත සහ ටෙලි කතා ගැන පැහැදිලි කිරීමක් කරමුද..?
අනිවාර් යයෙන්.., තුෂාරි අබේසේකරගේ ‘බන්දෝලි,’ චන්දික විජේසේනගේ ‘ගගන පියවර සහ ශීතාග්නි.., ඒ හැම එකකම වැඩ අවසන්. දිල්ශාන් අමරසිංහගේ ‘ළංවී’ විකාශනය ආරම්භ වුණා.
මේ දවස්වල රූගත කෙරෙන ටෙලිනාට්‍යයක් දෙකක් තියෙනවා. ඒ තමයි නලින් මාපිටියගේ ‘තානාපතිලාගේ ගෙදර’ සහ ලකී ඩයස්ගේ ‘බ්‍රේකිං නිවුස්’ ඔන්න ඔය ටික තමයි ටෙලි කලාවට මඳක් නැවැතීම තැබීමෙන් පසුව නැවැත පැමිණීම තුළ මම දායකත්වය දුන් ටෙලිනාට්‍ය කිහිපය.

ඔය ටෙලිනාට්‍ය ගොන්න අතර ඔබ වැඩිපුරම විශේෂයෙන් ඇලුම් කළ චරිතය..?
හැම චරිතයක්ම මට විශේෂයි… වර්ග කිරීම හොඳමදියි කියලයි හිතන්නේ.

වසර තුනක නිහඬතාවයට පළමුව රඟපෑ ටෙලි චරිතවල ඔබ ඇලුම් කළ නිරූපණයන් තිබුණාද..?
මට ලැබුණු චරිත හැම එකක්ම වාගේ විවිධ නිරූපණයන්ට අයත් වුණා. ඒ හැම එකකටම මම ඇලුම් කරනවා. ඒ අතර ප්‍රේක්‍ෂකයන් පළමුව මා ගැන යම් ප්‍රතිරූපයක් ගොඩනඟාගත් චරිතය වුණේ ‘සඳගල තැන්න’ කතාවේ ‘සඳා’ගේ චරිතයයි. මම හිතන විදියට මගේ ටෙලිනාට්‍ය ජීවිතයේ හැරැවුම් ලක්‍ෂ්‍යය එයයි. එදා වගේම අදත් බොහෝදෙනා මට තවමත් අමතන්නේ ‘සඳා’ කියලයි. ‘ඒ හිමාලි සිරිවර්ධන නේද..’ කියනවාට වඩා ‘ඒ සඳගල තැන්නේ’ ‘සඳා’ නේදැ’යි කියලා මට ප්‍රිය කරන රසික පිරිස් කියනවා මගේම කන්දෙකට ඇහිලා තියෙනවා.

ඔබට ඉතින් හරි ආඩම්බරයි.., එහෙම නේද..?
ආඩම්බර නම් නැහැ. හැබැයි ‘මම හරි ලකී නේද’ කියලා නම් හිතෙනවා අවංකවම.

‘ඉසිවර රණකෙළි’ ටෙලි කතාවේ ‘අංගම්පොර කෙල්ල’ගේ චරිතය ලැබුණෙත් ඒ ලක් එකට නේද..?
සත්තකින්ම ඔව්.., විමලරත්න අධිකාරි මහත්තයට අදටත් මම බෙහෙවින්ම ස්තුති වෙනවා. ඒ ‘අංගම්පොර’ චරිතය මා වෙනුවෙන් වෙන්කළාට. අනෙක ඒ චරිතය තුළ මාගේ රංගනය ජීවත්කරවීම සඳහා ඔහු කළ මෙහෙවර හරිම අනගිභභවනීයයි. තුන්මාසයක්ම හද්දා පිටිසර කැලෑ පෙදෙසක මමත් එහි මගේ සහායක රංගනවේදියා වූ ජගත් චමිල අයියත් අංගම්පොර ගුරුවරයකු යටතේ පුහුණුව ලැබුවා. එය හරිම දුෂ්කර පුහුණුවක්… නමුත් අප ලැබූ අත්දැකීම හරි වටිනවා. පුහුණුව ලබන විට නම් අත-පය කැක්කුම්, තුවාල කැළැල්, සීරීම් සහ ඇදවැටීම් නිතර සිදුවුණා. ඒත් ඒ කිසිවක් අපට ගානක්වත් තිබුණේ නැහැ. ඒ වෙනස්ම අත්දැකීම… වෙනස්ම කතාපුවත ඇත්තෙන්ම හරිම ලස්සනයි. මට මතකයි විමලරත්න අධිකාරි මහත්තයා එයාගෙම වාහනයක තමයි ඒ තුන්මසක කාලය පුරාම අපව එහා-මෙහා ගෙනගියේ. ඇත්තමයි මීට අවුරුදු ගණනකට පළමුව තිබූ ඒ බැඳීම්, ඒ සැලකිල්ල කලාකරුවන්ට අද ලැබෙන්නේ නැහැ. අද ටෙලි කලාව හරි වෙනස්. සියල්ල යාන්ත්‍රිකයි. ගරුකිරීම් නැහැ. ගනුදෙනු සංවේදී මට්ටමක නැහැ. සියල්ලම වාගේ ‘ඩීල්’ එකක් විතරයි.

නැවැත පැමිණීම තුළ ඔබ චරිත බාරගැනීමේදී යම් සීමා තුළ සිටිනවාද..?
මම කවදත් යම් සීමා තුළ හිටියා. මට ලැබෙන චරිතය මොකක්ද, එහි කරන්නට යමක් ඇතිද, ප්‍රේක්‍ෂකයාට කතා කරන්නට හැකි වටිනාකමක් එහි තියෙනවද යන කරුණු කාරණා ගැන මම විමසිලිමත් වෙනවා.

සමහර චරිත රිජෙක්ට් කරන්නේ ඒ සිතන, පතන ආකාරය තුළ ඉඳන්ද..?
චරිත රිජෙක්ට් කිරීමේදී මගේ පුතාගේ අම්ම ලෙසද, මම සමහර තීරණ ගන්නවා. දින ගණන් දුරබැහැරට යන ටෙලිනාට්‍ය සඳහා මම සහභාගි වෙන්නෙ නැහැ. මගේ පුතාට අම්මාගේ අඩුව නිතර දැනෙන තැනක එයාව තනිකරලා කොයිතරම් වටිනා චරිත නිරූපණයක නිරත වුණත් කවදාවත් මට එයින් සතුටක් හෝ වෙනත් වාසිසහගත යමක් හිතට එකඟව බුක්තිවිඳින්න බැරිවේවි.
මගේ පුතා සහ මගේ පවුල කියන්නේ මගේ මුළු ලෝකය. ඒ තැනට වඩා පළමු වන වෙනත් කිසිවක් මගේ ළඟ නැහැ.

ඔබේ සැමියා… ඔබේ කලා කටයුතු සඳහා සහාය වෙනවද..?
ඔහු මට උපරිම නිදහස දී තිබෙනවා. මට නීති දාන්නේ නැහැ. එහෙම දාන්න අවශ්‍යත් නැහැ. මොකද මම මගේ කලාකටයුතු කරන්නේ යම් සීමාවකට අනුවයි. ඔහු එය හොඳින්ම දන්නවා.

ඔබ නර්තන කලාවට තිත තැබූ වගක් ආරංචියි..?
තිත තැබුවේ නැහැ. වැඩ ගොඩක් එකට බදාගෙන කරන කලාව මා තුළ නැහැ. මම තෝරා ගන්නේ මට දරන්නට හැකි දේ පමණයි. මට කරන්නට පුළුවන් ටික පමණයි.
ඒ නිසා නර්තන කලාවෙන් මඳකට ඈත් වුණා. කාලයක් සමග නැවැත එයට මැදිවීමේ දවසක් උදාවෙතැයි හිතනවා.

ඔබ ‘රියැලිටි’ කලාවට ප්‍රියයි. සතුටින් එහි තීරක මඬුල්ලෙහි අසුන් දරනවා..?
ඔව්… කුඩා දරුවන් රඟන, ගයන ‘රියැලිටි’ තරග විනිශ්චය සඳහා මම සතුටින් සහභාගි වෙනවා. කුඩා දරුවන් සමග කටයුතු කිරීම තුළ මම විශාල වින්දනයක් අත්විඳින බව කිවයුතුයි.

ඔබේ කමෙන්ට්ස් බොහෝ සංවේදී වන්නේ ඒ නිසාද..?
දරුවන්ගේ හැකියාව, ඔවුන් ඉදිරිපත් කරන මට්ටම කොයික වුවත් ඔවුන්ගේ මානසිකත්වය බින්දුවට යන විදියට අපි කමෙන්ට් එක නොදියයුතුයි. ඔවුන් එන්නෙ බොහොම දුෂ්කර පළාත්වල සිටයි.., ඔවුන් ගෙවන ජීවිතද සමහර විට එහෙමයි. රූපවාහිනී තිරයක් මත ප්‍රේක්‍ෂකයා දකින තරමට ‘රියැලිටි’ ෂෝ සුන්දර නැහැ. තිරෙන් පිටුපස තියෙන බොහෝ පසුබිම් කතා කටුකයි, දුක්බරයි.

එවැනි තැනක ඉඳන් සින්දුවක් කියලා, නැටුමක් නටලා අපෙන් විශේෂ ලකුණක් හෝ ලොකු වර්ණනාවක් බලාපොරොත්තුවෙන දරුවන්ට රළු විදියට කතා කරන්නෙ කොහොමද?
කිසිදුම සුවිශේෂී හැකියාවක් නොදැක්වූ දරුවකුට ‘ඔයා ෂෝක් පුතේ. ඊළඟ වටයට සුදුසුය’ කියන්න කියන එක නෙවෙයි එහි අදහස.., එතැනදී දරුවන්ව උනන්දු කරන කමෙන්ට් එකක් දෙන්න අපි හුරුවෙන්න ඕනෑ. එතැනට අවශ්‍ය හොඳ වචන සහ කරුණාව, ආදරය පමණයි, ඒ ටික නිර්ලෝභීව දීලා දරුවන්ගෙ හිත නොතලා හරවලා යවන්න මම හැම මොහොතකම පරෙස්සං වෙනවා.

රූගත කිරීමකදී ට්‍රැක්ටරයට පැන්න කතාවක් තිබුණා ඒ දවස්වල..?
ඔව්… ටෙලිනාට්‍යයේ නම නම් හරියටම මතක නැහැ. ඒක ගමක කතාවක්. තරුණයන් පිරිසක් මාව කිඞ්නැප් කරගෙන යන සීන් එකක තමයි එදා හිටියේ.
කොල්ලො හතරපස්දෙනෙක් මාව අල්ලගෙන ඉන්නවා. ඒ කොල්ලො කාණ්ඩෙම අරන් තිබුණේ ඒ ගමේ හිටපු පිරිමි ළමයි කාණ්ඩයක්. ඩිරෙක්ටර් මට කියලා තිබුණා ඒ ළමයි කොයිතරම් තදින් අල්ලාගෙන හිටියා වුණත් කමක් නැහැ අහවල් තැනදී ට්‍රැක්ටරෙන් පනින්න කියලා. දැන් මම පනින සීමාව හරි… හැබැයි ට්‍රැක්ටරේ ස්ලෝ වෙලාවත් අර පිරිමි ළමයි මගේ ග්‍රහණය ලිහිල් කරලවත් නැහැ. දර්ශනය දිගින් දිගට රූගත වෙනවා. ඕනෑ එකක් කියලා මම පැන්නා. පැන්නා තමයි මුළු ඇඟ පුරාම තුවාල. හැමතැනම සීරිලා ලේ මතුවෙනවා. හැබැයි සීන් එකේ තිබුණු විදියටම මම තුවාලවල වේදනාව ඉවසගෙනම දිව්වා.

සීන් එක හරි තාත්විකව තියෙන්න ඇති..?
ඔව්… හැමදෙයක්ම ලස්සනට අවසාන වුණා. සීන් එක ඉවර වුණාමයි හැමෝම දැනගත්තේ මට පනින්න වුණේ ස්ලෝ නොවෙච්ච ට්‍රැක්ටරෙන් කියලා. අනෙක අර රඟපෑම පුරුදු නැති ළමයි… මගේ අත්දෙකෙන් අල්ලාගෙන හිටපු ග්‍රහණය ලිහිල් වුණේ නැති බවක් කවුරුත් දන්නෙ පස්සෙයි. අන්තිමේදී මගේ තුවාලවලට ප්‍රතිකාර කරලා දවස් දෙකක විවේකයකුත් දුන්නා.

කියන්න තව යමක් මොනවත් තියෙනවද හිමාලි..?
හොඳ චිත්‍රපටයක සාර්ථක චරිත නිරූපණයක් කරන්න ආසයි. ඒක මගේ කලා ජීවිතය තුළ තියෙන හීනයක්. අන්න ඒ ටික කියන්න ඕනෑ.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආණ්ඩුව ගේමක් ගහයි! පුංචි ජන්දෙ පෙන්නා පළාත් සභා තියන්න යයි!

Next Post

චමුදිතට ගහපු එක ගැන අද උදේ පත්තර කියවන්න ඇවිත් චමුදිතම කියපු හැටි බලන්න! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.