රජය තවත් රුපියල් බිලියන 23 ක් මුද්‍රණය කිරීමට ඊයේ (23) දින පියවර ගෙන ඇති බව වාර්තා වේ.
රජය අපේක්ෂිත ආදායම් නොලැබීම හේතුවෙන් මෙසේ මුදල් මුද්‍රණය කොට ඇති බව දැනගන්නට ඇත.
ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ ආකාරයට විශාල වශයෙන් මුදල් මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබිණ.
මේ හේතුවෙන් වසර 4කට පසු වැඩිම උද්ධමන අගය ඉකුත් ඔක්තෝබර් මාසයේදී වාර්තා වී ඇත.










