අද පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට පියවර ගෙන ඇත.
ඊට ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරු 88ක් සහභාගී වී සිටියහ.
එමෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ඊට සහභාගී වී සිටියේය.
එහිදී ආණ්ඩු පක්ෂයේ බහුතරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවුවහොත් එය රැකගන්නා ක්‍රමයක් පවතින බව ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වූ අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.
එමෙන්ම කංචන විජේසේකර මහතා සදහන් කොට ඇත්තේ තෙල් පෝලිම අවසන් කරන බවකි.










